Dark

Auto

Light

Dark

Auto

Light

සුනියම් දෙවියන් පහදවා ගත හැකි ඉතා බලගතු “අංගාරූඩය”

සුනියම් දෙවියන් පහදවා ගැනීම සඳහා උන්වහන්සේ කෙරෙහි මහත් ඇල්මෙන් සහ කැපවීමෙන් වැඩ කටයුතු කරන අය භාවිතා කරන ඉතා ප්‍රබල මෙන්ම බලගතු මන්ත්‍ර කිහිපයක් ඇත. ඉන් ප්‍රධාන එකකි “අංගාරූඩය” මෙය අප ඔඩ්ඩි වඩිඟ සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ වෙනුවෙන් භාවිතා කරන් නාගවෛරෝඩිය මෙන්ම බලගතු මන්ත්‍ර දැහැනකි. මෙය බොහෝ ඇඳුරන් ආවේශ වීම සඳහාත් ඇඳුරු ආරක්ෂාව සඳහාත් භාවිතා කරයි.

ඉතාමත් බලසම්පන්න මන්ත්‍ර දැහැනක් වන මෙම “අංගාරූඩය” සිද්ධි වූ කල්හි බොහෝ විස්කම් පෑ හැකි ප්‍රභල මන්ත්‍රයකි. ගුරුඅත්පොත් වල සදහන් පරිදි හොද නරක මන්ත්‍ර කර්ම 216කට ආනුපානු ඇති බවත් සුළුවෙන් නොතකා සැම විටම නිසි පුදක්ම තබා භාවිතා කරන්නටත් උපදෙස් ලබා දී ඇත. ආධුනිකයෙකු නම් පස් කැවිලි-පලතුරු පංචෝපහාර තබා 21 වර මැතිරීමට වග බලාගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.

මෙය සුනියම් දේවතාවුන් වහන්සේට පහන් තබන අයට සෙනසුරාදා සහ බදාදා දිනයන් හිදී භාවිතය යහපත්ය. මෙය 1000 වර පිරුණු විට සිද්ධි වන අතර 108 වරට දිෂ්ටි වැටෙයි.

  1. ඕං අංගරුඬ මරු විභූෂණ සෝරකම් දිෂ්ඨියෙන් බබළ බබළා ඔඩ්ඩි මස්සිනේ මා දෙස බලා ජීව දීෂ්ඨි වර වර නමඃ
  2. ඕං අෂ්ට ලඝු මාතෘමාර දීෂ්ඨියෙන් මරු හෝරාවෙන් දීෂ්ඨි වැටී ඔඩ්ඩි මස්සිනේ මා දෙස බලා ජීව දීෂ්ඨි වර වර නමඃ
  3. ඕං හස්තිපාල ආරුඪ මරුමරණ දෲපන දීෂ්ඨියෙන් හිංකුරු දරණ ඔඩ්ඩි මස්සිනේ මා දෙස බලා ජීව දීෂ්ඨි වර වර නමඃ
  4. ඕං හිංකුරු දරණී සවණී දීෂ්ඨියෙන් මරු මරණ සීඝ්‍ර දීෂ්ඨි වැටී ඔඩ්ඩි මස්සිනේ මා දෙස බලා ජීව වර දීෂ්ඨි වර නමඃ
  5. ඕං ශ්‍රී රාම ඝෝරකර්‍ම දිෂ්ඨියෙන් මහ පොළව වෙවුලුවා හස්තිපාල මරු නැගී හිං අක්‍ෂරයට දීෂ්ඨි වැටී එං එං ඔඩ්ඩි මස්සිනේ මා දෙස බලා ජීව දීෂ්ඨි වර වර නමඃ
  6. ඕං අෂ්ඨ ප්‍රලය මරු ඔඩ්ඩි මස්සිනේ සිවි දලනේ ඉරු හසන ග්‍රහණයට යම දීෂ්ඨි වැටී මා දෙස බලා ජීව දීෂ්ඨි වර වර නමඃ
  7. ඕං මරුමකර රාක්‍ෂ අවතාර ලත් ඔඩ්ඩි මස්සිනේ මම දෙන දොළ පිදේනි අස්න බලා – මාගේ සර්වාංගය බඳවට වෙලි වෙලි – මා බාරවූ ඔඩ්ඩි මස්සිනේ අටකෝණ වෙවුලුවා මුළු සක්වළ එලියකරවා මාගේ මනත්‍රයට පෙනි පෙනි – මම යන සබය සිව්කොණ රැක සිටින් – මා දිනවා ගනින් – මරු අප්පොච්චියේ අපසු නොයන් – මා කීවා අසාගන් – බුදුරැස් කඳ හිස පටලවන් – සිව්වරන් දෙවියන් අණ ලත් මා රක ගන්ඩ ඔඩ්ඩි මස්සිනේ – සීඝ්‍ර සීඝ්‍ර ගිඩි ගිඩි ජීව ජීව දීප්ති ඔඩ්ඩි මස්සිනේ මා දෙස බලා ජීව දීෂ්ඨි වර වර නමඃ

සැලකිය යුතුයි: ඔබ ආධුනිකයෙකු නම් නිසි ගුරු ඇසුරක් හෝ උපදේශයකින් තොරව මෙම බලගතු මන්ත්‍ර දැහැන භාවිත අනතුරුදායක බව කරුණාවෙන් සලකන්න.

Leave A Comment