කඩවර දෙවියන්ගේ උප්පත්ති කථාව
- Editor
- January 13, 2026
- කඩවර දෙවියෝ, දෙවිවරු
- #Deviyo, kadawara, Kadawara Deviyo, කඩවර, කඩවර දෙවියෝ
- 0 Comments
කඩවර දෙවිඳුන්ගේ උපත පිළිබඳව උතුරු මැද පළාතේ විවිධ ජන ප්‍රවාද පවතී. එක් කතාවකට අනුව ධාතුසේන රජු කරවූ කලා වැව ආරක්ෂාව එක් සෙන්පතියෙකුට භාර කරන ලදී. ඔහුට කාල නම් රූමත් බවෙන් හා එඩිතර නැණවත් පුත්රුවනක් විය. මෙම කුඩා කුමරා වැව් කණ්ඩියේ කෙළිදෙලෙන් කාලය ගත වන්නට වූ අතර දිනක් ඔහු හුදකලාව වැව් කණ්ඩිය මතින් ගමන් කරන විට වැවෙහි එක් තැනක කුඩා සිදුරක් ඇති වී ජලය පිටතට කාන්දු වනු දුටහ. මෙය බලා සිටි කුමරුවාට දැනගන්ට ලැබුනේ මෙම ජල කාන්දුව ටිකින් ටික විශාල වී ජල පහර විශාල වන බවයි. කුමරුන්ට සිදුවීමට යන විනාශය අවබෝධ විය. ප්‍රමාද වුටහොත් ජල කාන්දුව නිසා සිදුර විශාලවේ. වැව් බැම්ම බිඳී යාමට ඉඩ ඇති බවයි. අහල පහළ කිසිවකු නොවූ නිසා කුඩා කුමරා වැවට බැස තමාගේ අත්දෙක තබා ජලය ගලන සිදුර වසාගෙන සිටියේ කවුරුන් හෝ වැව් බැම්ම මතින් ගමන් කරන තුරුය.
අවාසනාවට මෙන්ම ඒ මොහොතේ වර්ෂාව පතිත වීම නිසා කිසිවකු නොවූ අතර වැවෙහි ජල මට්ටම ඉහළ ගොස්ය. පුංචි කාල කුමරා ජලයේ යටවිය. එහෙයින් ඒ උදාර කුමරා තම ජීවිතය නොතකා වැව ආරක්ෂා කර ගැනීම සඳහා සිරුර වසාගෙනම සිටිමින්ජී විතක්ෂයට පත්විය. රෑ බෝ වූ නමුත් කුමරුවා නිවසට නොපැමිණීම නිසා කලබල වූ සිටුවරයා තම සේවකයන් සමඟ කුමරා සොයා ගියහ. ඔවුන්ට වැව් ජල කඳ අතරින් පුංචි කුමරා සිටින ආකාරය දුටුහ. ඔහු මිය ගියත් කල උදාර සේවය කාටත් අවබෝධ විය. එදා සිට ඔහුට උපහාරය ලෙස වැවට කලාවැව ලෙස නම් කරන්නට යෙදිණ. මියගිය කුමාරයා කඩවර දෙවි ලෙස ඉපිද ගොවි ජනතාවගේ නොමඳ ගෞරවයට පාත්රව ඇත.
තවත් කතාවකට අනුව තම බිරිඳ සමඟ අමනාප වූ පුරුෂයකු කැලෑවට වැදී හුදකලාව ජීවත් වන්නට විය. කල්යාමේදී ඔහු වන සතුන් සමග ජිවත් වෙමින් කැලේ ඇති වල්කොළ ආහාරයට ගනිමින් ජීවත් විය. ඔහු වන සතුන්ගේ මිතුරකු බවට පත්විය. දඩයම් කරමින් සතුන් දඩයමට පැමිණෙන විට ඔහු සතුන් වෙනත් ඉසව්වකට යෙදවීය. මේ නිසා දඩයක්කාරයන්ට රජවරුන්ට පවා මස් සැපයීම දැඩි ගැටළුවක් වූ නිසා ඒ පිළිබඳව රජුට පැහැදිලි කරන්නට විය. රජු විසින් රාජ පුරුෂයන් යවා මෙම වනගත මිනිසා අල්ලාගෙන යන ලදී.
නමුත් ඔහු රජු සමග හෝ වෙනත් කිසිවකු සමග කතාබහ නොකරන නිසා රජු මේ තැනැත්තාට කතා කරන අයට ත්‍යාග ප්රදානය කරන බවට දන්වන ලදී. මෙම තැනැත්තාගේ බිරිඳ එම අභියෝගය භාරගෙන ඔහු ඉදිරියේ වලඳකට සහල් දමා ගල් දෙකක් පමණක් තබා ලිපක් සාදා ඒ මත සැලිය තියන්ට උත්සාහ කලත් කිහිපවරක්ම සැලිය පෙරළී ගියේය. මෙය බලා සිටි මිනිසා කතා කර මෝඩියේ ලිපට ගල් තුනක් තබන්නැයි පැවසීය.
ඉන්පසු රජු විසින් කැලේ සිටියදී දුටු වටිනා දේවල් මොනවාදැයි ප්‍රශ්න කළහ. එවිට කැලේ මැද විශාල වැලකින් ආවරණය වූ ජල පහරක් ඇති බවත් එය වැවක් සෑදීමට සුදුසු බවත් දක්වන ලදුව එහි වැවක් සාදා එය ආරක්ෂා කිරීමට ඔහුට භාර කලහ. එදා සිට ඔහු කාල සිටුවරයා විය.
මෙසේ ආරක්ෂා කරමින් ජීවත් වන පරිදි විශාල නියගයක් ඇතිවී විටක ජල මට්ටම අඩුවිය. එනිසා ඔහු විසින් වැස්ස ලබා ගැනීම උදෙසා භික්ෂූන් වහන්සේලා 60 නමක් කැඳවා පිරිතක් කියන්නට විය. එදින ම මැටියෙන් කළ භාජනයක් නවා වැස්සේ ප්‍රමාණය මැනීමට ජල මාපකයක් ද තනන ලදී. මේ අවස්ථාවේ පිරිතට වැඩම කළ එක් මහලු භික්ෂූන් වහන්සේ නමකගේ සැරයටිය වැදී ජල මාපකය සිදුරු වීම නිසා කෙතරම් වැස්සත් ජල මාපකය නොපිරිණි. ජලමාපකය නොපිරීම පිළිබඳ හොඳට සෙවූ කළ එය සිදුරු වී ඇති බව දුටු කාල වැව දෙසට දිවයන්නට විය. ඒ වනවිට වැස්ස නිසා ජල ධාරිතාවය වැඩිවී වැබ්බැම්ම පුපුරාගොස්ය. මහත් සෝකයටත් කෝපයටත් පත් කාල ආපසු පැමිණ භික්ෂූන් 60 නමක් මරාදමා තමාද වැවට පැන දිවිනසා ගත්තේය.
ඔහු මරණින් මතු කඩවර නමින් ඉපිද ගොවියන්ගේ වගාවන් වතුපිටි ආරක්ෂා කරමින් සිටින යක්ෂයකු බවට පත්ව ගම්වැසියන්ට උදව් උපකාර කරන නිසාත් වගාවන් ආරක්ෂා කරන නිසාත් පසුකාලීනව දේවත්වය ආරෝපණය කර ඇතිවාට තවත් මතයකි. මොහු සමග පිරිවර 67 ක් වෙති. එයින් ප්‍රධානියා සෙනෙවිරත්න මුල් කඩවර නම් විය.

