Dark

Auto

Light

Dark

Auto

Light

ප්‍රධාන දෙවොලක් වන්දනාවට ප්‍රථම ඔබ සූදානම් විය යුතු ආකාරය

ඔබ ප්‍රධාන දේවාලයක් හෝ කෝවිලක් වෙත යෑමට අදිටන් කර ගත් දිනයට කලින් දින සිට ඔබ බ්‍රහ්මචාරීව නිර්මාංශ වන්නේනම් වඩාත් සුදුසු වේ.කිළි ගෙවල් වල නොයන්න.ඔබ කිළිනම් (කාන්තාවන්ගේ මාස්ශුද්ධිය වැනී එම දින මග හරින්න.මල ගෙයක් වී තිබේනම් ඔබේ නිවසේ මාස 3ක්වත් පුජනීය ස්ථාන වෙත නොයන්නේ නම් මැනවි. එහෙත් ඔබට අත්‍යාවශ්‍ය කාරනාවක් හෝ හේතුවක් ඇත්නම් ඔබට විශේෂිත කිළිහරණ ක්‍රමවේදයන් භාවිතා කරමින් සති 3 ඉක්මවා යෑමට අවශ්‍ය අවසරයන් සකසා ගත හැක.

හොදින් කහ දියර යොදා ස්නානය කරන්න. මේ සඳහා කිළිහරණය කරන ලද කහ දියර ස්වල්පයක් භාවිතා කිරීමට හැකිනම් වඩාත් ප්‍රතිථලදායක විය හැක. හැකි තරම් උදෑසන ඔබ එම ස්තාන වෙත යන්නේනම් වඩාත් සුදුසු වේ.සමහර පුද්ගලයන් ආහාර නොගෙනම හිස් බඩින් දෙවියන් වැදිමටද යන අතර එය ඒ එක් එක් අයගෙ භක්තිය අනුවයි.

එසේ පිරිසිදුව සූදානම් වූ ඔබ විසින් රැගෙන යා යුතු දෑ සකස් කර ගන්න.

පූජාවට්ටියක් සකස් කරගන්නා ආකාරය

ඔබේ අවශ්‍යතාව අනුව පුජා වට්ටියක් සකස් කර ගත හැකිය. පලතුරු කෑලි පුජාවක් හෝ ගෙඩි පුජාවන් ඔබට සකස් කර ගත හැකි වේ. දෙවියන් සඳහා මුලිකව පලතුරු පුජාවන් ඔබ විසින් සකස් කර ගන්නේනම් වඩාත් සුවද දැති පලතුරු ඔබ විසින් තොරා ගන්න.රත් කෙසෙල් හෝ ඇඹුල් කෙසෙල්, වරකා ,අඹ ,අනෝදා,ජම්බෝල ,නාරං, උක් දඩු ,දොඩම් වැනි ගමේ පලතුරු වර්ග වඩාත් උචිත වේ.

මීට අමතරව දෙවිවරුන් අනූවත්, ඔබේ කාරණාව අනුවත් පලතුරුවලට අමතරව කැවිලි වර්ග සහ පපඩම්, සම්බාරු හොදී ,තොසේ, ඉට්ලි, වඩේ වර්ග, උළුදු වඩේ, කඩල මුරුක්කු වර්ග ඇතුළු සයිවර් කෑම වර්ගයන්ද පුජා කිරිමට හැකිවේ. එළ කිරි වලින් සැකසු කිරි බත්, මුලුතැන් පුජාව, සව් කංජි ඇතුලු කැද වර්ග ඔබට සකස් කර පුජා කල හැක.මිට අමතරව කැවිලී ලෙස ලඩ්ඩු බුන්දී දොදොල් කොණ්ඩ කැව්ම් වැනි ඔනීම කැවිලි වර්ගයක් පොදුවේ පුජා කල හැක.

මීට අමතරව වීලද මී පෑණි හා බුලත් විට පෑණි පුවක් වුවද පූජා කිරිමට හැක. වැදගත්ම කරුණ නම් ඔබ මේ ආහාර පානයන් ඉතා පිරිසිදු ලෙස ඉමහත් භක්තියෙන් යුතුව ඔබ විසින් සකසා ගැනීමයි. එසේම දෙවිවරුන්ට අනුව එම දෙවිවරුන්ට අනන්‍ය වූ පූජා සහ කෑම වර්ග සම්බන්ධයෙන් අප deviyo.lk වෙබ් අඩවියේ වෙනමම ලිපි පළ කර ඇත. දෙවියන් වෙනුවෙන් නිවැරදිව පූජා වට්ටියක් සකසා ගන්නා ආකාරය (හරියටම පූජා වට්ටියක් සකසා ගන්නේ කොහොමද?) ලිපිය මඟින් ඔබට අවබෝධ කර ගත හැක.

පූජා මල් මාලාවන් පැලද විම

මෙම ස්වාභාවික මල්වලින් සැකසූ මල් මාලාවන් දේවාලය අසලින් හෝ කෝවිල අසලින් හෝ ඔබටද ගෙදරදීම සකස් කර ගැනිමේ හැකියාව ඇත.ඔබ භක්තියෙන් යුතුව මේ දෙවල් සකස් කර ගන්නේනම් වඩාත් සුදුසු වේ.එමෙන්ම එම ස්තාන වලින් ද ඔබට හැකි ලෙස ලබා ගත හැකි වේ.මෙම මල් මාලාවන් සකස් කිරිමේදී ඉතා පිරිසිදුව සකස් කල ගත යුතු වේ.පරන වු මල් කැලි වෙන් වු මල් යොදා නොගත යුතු වේ. මෙම මල්මාලා ඒ ඒ දෙවිවරුන්ට අනන්‍යවූ වර්ණ වලින් සකසා ගත යුතුය.

මීට අමතරව රෝගී උවදුරුවලින් මිදීමට සඳහාත් නිදුක් නිරෝගී සුවය පැතීම වෙනුවෙනුත් දෙවිවරුන්ට කොළ මාලාද පුජා කළ හැක.

උදාහණයක් ලෙස:

ශිව දෙවියන් වෙනුවෙන් බෙලි කොළ මාලයක්
කතරගම දෙවියන් වෙනුවන් අඹ කොළ මාලයක්
සුනියම් දෙවියන් / කාලි මෑණියන් වෙනුවෙන් කොහොඹ කොළ මාලයක්

ආලෝක පුජාව හෙවත් පහන් පුජාව

දෙවියන් වෙනුවෙන් සිදුකෙරෙන මෙම ආලෝක පූජාව හෙවත් පහන් පුජාව ඉතාමත්ම වැදගත් පූජාවකි. විශේෂයෙන්ම විවිධ දෙවිවරුන් හට විශේෂිත වු තෙල් වර්ග පවතී.

උදාහරණයන් ලෙස:

ශිව දෙවියන්ට ගිතෙල්, අබ තෙල්
විෂ්ණු දෙවියන්ට තැඹිලි තෙල්
කතරගම දෙවියන්ට තල තෙල්, අබ තෙල්
ඝණ දෙවියන්ට තල තෙල්, සදුන් තෙල්
සූනියම් දෙවියන්ට පස් තෙල්
කාලි මෑණියන්ට පොල් තෙල්, අබ තෙල් ආදී වශයෙන්

ඔබ අවාට ගියාට තෙල් යොදා ගන්නවාට වඩා දෙවිවරුන්ට අදාළව තෙල් වර්ග සකස් කිරීමේ සහ භාවිත කිරීමේ විශේෂ රහස් පවතින අතර ඒ තුළින් ලබාගත හැකි ප්‍රතිඵල විශාලය. දෙවිවරුන්ට අදාල තෙල් වර්ග සහ ඒවා භාවිතය සම්බන්ධයෙන් වඩාත් සවිස්තරාත්මක විග්‍රහයක් සහිත ලිපියක් අප deviyo.lk වෙබ් අඩවියේ වෙනමම පළවේ.

සුවඳ දුම් පූජාව

ඔබේ අභිමතාථයන් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ අරමුණින් සිදුකරන්නා වූ පූජාවකදී එම දේව භූමිය (දේවාලය හෝ කෝවිල ) සුවඳවත් කිරීම වෙනුවෙන් සුවඳ හඳුන්කූරු මෙන්ම සුවඳ ධූපයන්ද භාවිතා කළ හැක. ඒ සඳහා ඔබ දුම් කබලක් සහ සුවඳ දුම් වෙනම භාවිතා කළ යුතුය. අප ඉහත සඳහන් කළ තෙල් වර්ග මෙන්ම ඒ ඒ දෙවිවරුන්ට අදාළ සකසා ගත යුතු විශේෂිත සුවඳ ධූපයන් ඇත. දෙවිවරුන්ට අදාල සුවඳ ධූපයන් සහ ඒවා භාවිතය සම්බන්ධයෙන් වඩාත් සවිස්තරාත්මක විග්‍රහයක් සහිත ලිපියක් අප deviyo.lk වෙබ් අඩවියේ වෙනමම පළවේ.

එසේම ඔබ ඔබේ කාරණාවට අනුකූලව අවශ්‍ය නම් හොදින් පිරිසිදු කර ගත් පොල් ගෙඩියක් හා කපුරු රැගෙන යන්න. යම් භාරයක් ගැටසිම සදහා ඔබ විසින් එම පඩුරු කාසිය හා පිරිසිදු රෙදි කැබැල්ල ඔබ විසින් නිවසේ සිටම සකස් කොට රැගෙන යන්න.

දෙවියන් පිදීම සහ කන්නලව් කිරීම

හොඳින් පිරිසිදුව සකසා ගත් ඔබේ පූජාව පඬුරු සමඟ දේවාලයේ කපු මහතාට හෝ කෝවිලේ සාමිතුමාට අධිෂ්ඨානශීලිව භාරදී ඔබේ කාරණාව පවසන්න. ඔබ කරුණ සිතේ ඒකාග්‍රතාවයකින් යුතුව දරමින් දෙවියන් කෙරෙහි සිත යොමුකරන්න. ඔබට වෙනම දෙවියන්ට ඔබේ කාරණාව සම්බන්ධයෙන් කන්නලව් කිරීමට අවශ්‍ය නම් ඒ ඒ දෙවිවරුන්ට අදාළ විශේෂිත දේව ස්ත්‍රෝත, මන්ත්‍ර, කන්නලව් අප Deviyo.lk වෙබ් අඩවියේ ඔබ වෙනුවෙන්ම පළ කොට ඇත.

ඔබේ කාරණාව හෝ ඔබේ අවනඩුව, දුක භක්තියෙන් යුතුව තෙවරක්වත් කන්නලව්ව සිදු කරන්න. ඔබට යම් කිසි භාරයක් වී එය ඔප්පු කිරිමේ පුජාවන් ලෙස ඔබට හැකි දෙයක් භාර විය හැක. එසේම ඔබට දෙවියන් වෙනුවෙන් ආභරණ පුජාව (ත්‍රීෂූල, කඩු, සලන්, වළලු, මාල, තැලි) ආදිය පුජා කල හැකි වේ. ඒවා ඔබේ කාරණාව සහ පූජාවට අදාලව නිසි උපදේශයන් මත සිදුකරන්නේ නම් මැනවි.

Leave A Comment