බිදුණු පැතුම් සැනින් ඉටුකරවන විශේෂ දුර්ගා දේව මාතා පූජාව
- Editor
- November 28, 2025
- දුර්ගා දේව මෑණියන්, දේව මන්ත්‍ර, දේව ස්තෝත්ර
- #Deviyo, #durga, #durgameniyo, Durga Meniyo
- 0 Comments
මෙම දුර්ගා දේව මෑණියන් උදෙසා පවත්වන දේව පූජාව හින්දු කෝවිල්වල හෝ ඕනෑම දේවාලයකදී දේව ගැතියකුට, දේව ගැතිවරියකට හෝ එසේ නැති නම් ඇදුරකුට වුවද කළ හැකිය. හැකි නම් ගුරු උපදෙස් ඇතිව තමන්ටද තම නිවෙසේදීම මෙම දේව පූජාව පැවැත්වීමට හැකියාව ඇත.
ඒ අනුව තම නිවෙසේ ඊසාන දිශාව, උතුරු දිශාව හෝ නැඟෙනහිර දිශාවට මල් යහනක් සාදා ඒ මත කෙසෙල් කොළයක් දමා පුවක් මල් අතුරා කහ දියර ඉස පිරිසුදු කර තුල්සි කොළ, කොහොඹ කොළ, බෙලි කොළ, අඹ කොළ, බුලත් කොළ, මල් වර්ග 5, කැකුළු හාල් සේරු 1, තණ හාල් මිටක්, ඊතණ, විලඳ, මී පැණි, සුවදැල් හාල් මිටක්, හඳුන්කූරු, කපුරු, සාම්බ්‍රාණි, පිනිදිය, පඬුරු කාසි 7, පලතුරු 7, කැවිලි 7, කිරිබත් පාත්තර 1, උළුඳු වඩේ 7, නෙළුම් මල් 7, පොල් ගෙඩි 1, පහන් ආලෝක 3ක් පුදට තබා, නැවුම් මුට්ටියකට 7 වර පෙරන ලද පැන් පුරවා එයට සුදු හඳුන් කුඩු, අමු කහ, එළ අබ මිටක් දමා පොල් ගෙඩිය සෝදා පිරිසුදු කර සඳුන් හා අමු කහ මිශ්‍ර කර කළයේ සහ පොල් ගෙඩියේ තිලකයක් තබා බෙලි කොළ, තුල්සි කොළ, අඹ කොළ, කොහොඹ කොළ 7 බැගින් අමුණා මාලයක් සාදා එහි පලඳවන්න. ගණ දෙවිඳුට, ශිව දෙවිඳුට, කතරගම දෙවිඳුට එළඟිතෙල් පහනක්ද, කොහොඹ තෙල් පහන් 2ක්ද දල්වා මල් පහන් පුදා තුනුරුවන් වැඳ පහත සඳහන් ස්තෝත්‍රයෙන් 7 වරක් හෝ 21 වරක් කියන්න. පසුව පූජාව කැප කර පහත සඳහන් ශ්ලෝකයෙන් දුර්ගා දේව මෑණින්ට ආරාධනා කර ඔබට අවශ්‍ය කාරණාව කියා දේව කන්නලව්ව කර පින් අනුමෝදන් කරන්න.
දින 3ක් නොකඩවා දුර්ගා මෑණියන්ට පහන් දල්වා 3 වැනි දින පොල් ගෙඩිය බිඳින්න. පැන් කළය නිවෙස ඇතුළත සහ පිටත දෙහි අතු කැබැල්ලකින් ඉසින්න. ඔබ මෙම දේව පූජාව නිවැරදිව තැබුවා නම් දින 7ක් ඇතුළත ඔබේ බලාපොරොත්තුව දුර්ගා දේව මෑණියන් ඉටුකර දෙනු ඇත. ගව මස්, ඌරු මස් කෑමෙන් වළකින්න. තුනුරුවන් වැඳ යහපත් ලෙස දිවි ගෙවන්න. මවක් මෙන් ඔබට පිහිටවනු ඇත.
ස්තෝත්‍රය
ඕං කාර පංජර සිහිම් දුක්යාන කේල කාල කන්ඩීම් ආනාම සිපින මයුරිම් ආර්ය මර්දාර් විපාව සෙත් ගෞරිම්.
(7 වර හෝ 21 වර)
ශ්ලෝකය
ඥානේෂේව චක්‍ර හස්ත දේවරාජ මාතාන
විජේෂ්වර මහාසේර දේව රාජා මාතාන
ලෝකේෂ්වර විශ්වනාථ ශිව දේව බාර්යයා ලෝක මාතාන
දුර්ගා දේවි මාතානන් ආසන ප්‍රවිෂ්ටං (7 වරයි)
දුර්ගා දේව මෑණියන්ට පින්දීම
යං අම්මේහි කතං පුඤ්ඤං – සබ්බ සම්පතිනි සාදරං
දුර්ගා දේව මාතානං – අනුමෝදන්තු සාදරං

