Dark

Auto

Light

Dark

Auto

Light

ඔඩ්ඩි වඬිඟ සිද්ධ සූනියම් ගම්භාර දෙවියන් නමදින ප්‍රබල මල් යහන් කවි මාලාවක්

සූනියම්‌ දෙවියන්‌ පිළිබඳ වැදගත්‌ පැරණ කවි පෙළක්වන මෙය පහන්‌ තබා පිහිට පතන්නන්ට ප්‍රයෝජන වන්නකි. මෙයින්‌ කෙබඳු බලයක්‌ ඇද්ද යන්නත්, වෙනත්‌ ස්ත්‍රෝතයකින්, කවියකින්‌,කන්නලව්වකින සඳහන්‌ නොවන කරුණු රැසක්ද අනාවරණය කෙරෙයි. පංචක්‍ෂරයට අධිපති හා යම දේවතා නමින්‌ හැඳින්වෙනුයේ මෙම දෙවියන්‌ බවත්‌ මින්‌ කියවේ.

තෙද බල වරම්‌ ලද
සක්වල බාර හිමි සඳ
සමන්‌ කූළු පව්‌ වද
කුජලාට සත්‌ මුහුදු වැද

ලද විවරණ තෙඳි න්‌
මුර බාරවූ නියති න්‌
මතූ බුදුවන උතූ න්‌
වඳිමි තද සූනියම දෙවිඳු න්‌

එක්‌ ලක්ෂ අට සැට
දහසක්‌ දෙවොල්ගන කඩ
බුද්ධාල බෝ මැඩ
සදා රකිමින්‌ කරන ලෝ වැඩ

සෑම අනවින යට
යන්ත්‍ර මන්තුද අඳු නට
බැල්ම ලූ හැම විට
වඩින්‌ ඔඞ්ඩිස කුමරු මෙම විට

තෙද අසුර ඔඩ්ඩි ස
සදෙවි නා බඹතලය අසදි ස
නරකය සතිස්‌ රැ ස
සැනෙන්‌ වඩිනා බලය ඇති ය ස

තෙද හසති පාල ය
යම දේවතා ඔබම ය
පස තුරු හිමි ඔබ ය
යම පිම්මද ඔබෙම ය

ගම්‌ පරසිදු රාජ ඔඩ්ඩි අවතාරය දරා නිතින
සුන්දර තර වඩිග කඩුව ත්‍රී ශූලය දරා තුටින
ගම්බිර තෙද බලපාමින්‌ නැගි සුදුවන්‌ තුරග පිටින
රංවල දෙවි ඔඞ්ඩි කුමරු වඩිනු සැනෙන්‌ මෙමල්‌ යහන

දිලුන්‌ දිමුතූ සුදු සළු , පළදින්නේ
අලුත්‌ නුවර වැඩ තේව කරනනේ
මලුත්‌ පිච්ච මල්‌ සුවඳ ලබනනේ
තෙදැති සූනියම්‌ දෙවිඳු ී වඩින්නේ

නම්බුව තකන ඇත්තෙකි මහ බලකාර
ගම්වල සැරිසරන දෙවියනි පින්සාර
මම සහ මගේ ජීවිත ඔබටයි බාර
මගේ දුක බලනු දෙවියනි ගම්බාර

රංවල දෙවොලට අධිපති වී ඉන්න
ගම්බර සුර රඳුනි මා වෙත දෙසවන දෙන්න
‘මෙපමණ කලක්‌ ඔබ පා සෙවනේ උන්න
මගේ දුක නසා සැනසුම ගෙන දෙන්න

Leave A Comment