කාන්තාවන් පසුපස ඇවිත් වින කරන කළුකුමාර දෝෂය
- Editor
- October 31, 2025
- දේවකතා, ශාන්තිකර්ම
- #Kalukumara, kalukumara, kalukumara dhoshaya, කළුකුමාර දෝෂය
- 0 Comments
ජාති – ආගම්, කුල – මල, ගම් – නගර භේදයකින් තොරව සෑම තරාතිරමකම ජනතාව මුහුණ දෙන, බියට සහ පීඩාවට ලක්වන අමනුෂ්‍යය දෝෂයකි මෙම කළුකුමාර දෝෂය.
ඒ මෙම කළුකුමාර දෝෂය ළමා වයස ගෙවී වැඩිහිටි වියට පැමිණෙන ගැහැනු දරුවන්ට බොහෝ විට ඇති කරනු ලබන බැවිනි. මෙයට ප්‍රධානම හේතුව වන්නේ තරුණ වියට එළැඹෙන ගැහැනු දරුවකු මල්වර වීම නොහොත් වැඩිවියට පත්වන විට නිකුත්වන රුධිරියට කළු යක්ෂයා සේම යකුන්, පෙරේතයන් දැඩි පෙරේතකමක්, කැමැත්තක් දක්වන බැවින්, එම ගන්ධයට වහවැටී ස්ත්‍රීන් කරා ඇදී යන කළුකුමාරයා එම ගන්ධය තමන් ප්‍රිය කරන ප්‍රධාන ආහාර ලෙස ලබා ගනී.
කළුදේවතා යක්ෂ කට්ටුවේ ප්‍රධානියා වන්නේ කළුකුමාරයා ලෙස අප නොයෙකුත් අවස්ථාවල අසා ඇති අතර මෙම යක්ෂ කට්ටුව යක්ෂ කොට්ඨාස හැටහතරකින් සමන්විත බව පැවසේ. මෙම යක්ෂ කොට්ඨාස 64න් එක් යක්ෂ කට්ටුවකට අයත් යක්ෂයන් පිරිස 8464ක් බව පුරාණ පොත්වල සඳහන් වේ.
කළුයක්ෂයා භූත ආත්මවල සිටින අතිශයින්ම බිහිසුණු කාම, සල්ලාල යක්ෂයෙකි. විශේෂයෙන් පාන්දර, මධ්‍යහ්නයේ, සවස් කාලයේ, රාත්‍රියේ වැඩිවියට පත්වීමට ආසන්න හා වැඩිවියට පත්වූ වයසේ දුර්වල සිත් ඇතිව තනිව නිදන ගැහැනු දරුවන් සිටින ස්ථානවල මොහු සැරිසරයි. හිරු උදාවන විට හා හිරු බැසයන විට ජලස්නානය කරන ස්ථානවල හෝ දිය පිරිකළ උකුළේ තබාගෙන එන විට ද මෙන්ම ලඳු කැලෑ වැනි ස්ථානවල සතුන් සංසර්ගයේ යෙදීම බැලීම හා එම ස්ථානවල සිටින, පුලුටු මස් බිත්තර බැද කා තනි මඟයන විට හා තනිව බටනළා, වෙණ වීණා වාදනය කරන අවස්ථාවල ද කළු යක්ෂයාගේ දෘෂ්ටියට ලක්වේ.
එම අදෘශ්‍යමාන ශක්තිය ශරීරය තුළ පවත්නා තරුණියගේ කිරණ වලට විහිදී යයි එතැන් සිට සිරුර වැඩෙන්න වැඩෙන්න මාසික ඔසප් වීම සමග කළුකුමාරයාගේ ක්‍රියාකාරී ශක්තිය වර්ධනය වීමට තරුණියගේ
● පෝෂණ ක්‍රියාකාරීත්වය දුර්වල කරයි.
● ශරීරය දිරාපත් වේ.
● විවිධ රෝගාබාධ ඇතිවේ.
● මානසික රෝග ද කෑම අරුචියද ඇති කරයි
● වමනය, ඔක්කාරය, ඇඟපත වේදනාව වගේ රෝගාබාධ නිතර ඇති කරයි
ඒවගේම තමා මෙම කළුකුමාර දෝෂය නිසා කාන්තාවන් ගෙදරදොර වැඩ ගැන කිසිම තැකීමක් නැත. උයන පිහන වළන් පිඟන් ආදිය ගැන ද ගාණක් එහෙම නැත. අඳින පලඳින ඇඳුම් තැනින් තැන ඔහේ දමා යයි. තම ස්වාමියාගේ කටයුතු ගැන වුනත් උනන්දුවක් නොමැත. කායික සම්බන්ධතා පැවැත්වීමට අප්‍රිය කරයි. නිතර කලකිරුණු ස්වභාවයෙන් වාසය කරයි. තවද නිවසේ ගේ තුළ සිටිනවිට සිහින දුටුවාක් මෙන් කළු පාට අවතාර ඡායා තමා අසලින් යන බව දැනෙයි.
ඊට දුර්වල ග්‍රහයෝග මෙන්ම නොයෙකුත් හේතු කාරණා යෙදීමෙන් කළුකුමාර දෝෂයට හසුවේ. ඉතා බලවත් ග්‍රහයන්ගේ බලපෑම අනුව යෙදෙන මහා පුරුෂ යෝග, භාග්‍යසම්පන්න පුණ්‍ය යෝග, රාජයෝග, ලක්ෂ්මි යෝග වැනි උපතින් කර්ම ශක්තිය බලවත් අයට මෙම දෝෂ ඇති නොවේ. එමෙන්ම ආගමික සිද්ධස්ථානවලදී, ආගමික කටයුතුවල නියැළී සිටින විට, දෝෂ ප්‍රහාණ යන්ත්‍ර පැලඳ සිටිනවිට ද මෙම කළුකුමාර දෝෂය ඇති නොවේ. කළුකුමාරයා හෙවත් කළුකුමරා යක්ෂයා යනු භූත ආත්මවල අතර සිටින අතිශයින්ම බිහිසුණු කාම සල්ලාල යක්ෂයෙකි.
කළුකුමාර දෝෂයෙන් අත්මිදීම සඳහා ප්‍රතිකර්ම කීපයක්පහත දැක්වේ.
● කළුකුමාර බැල්ම ඇතිවන ස්ථාන වලින් ඈත් වී සිටීම.
● මල්වරය සිදුවූ මොහොතේ එම දැරිවිය තනිනොකිරීම.
● මස්මාංශ පුලුටු ආහාර ලබා නොදීම.
● මාසික ඔසප්වීම අවස්ථාවේදී දැරිය තනි නොකිරීම.
● ගංගා ඇළ දොළ ආශ්‍රිත ස්ථානවල ස්නානය කිරීමේදී රෙදි ගැලවීම පරිස්සම් සහගතව සිදුකිරීම.
● නිතර ආගමික වතාවත්වල යෙදීම.
කාන්තාවන් පසුපස එන කළුකුමාර දෝෂය වළකාගැනීම සඳහා ඊට ගොදුරු වූ ස්ත්‍රි ප්‍රාණයක් වෙත්නම් ගුප්ත විද්‍යාධරයෙකු මගින් නිසි පරීක්ෂාවක් සිදුකොට එම වින දෝෂ බන්ධ කපා දමා ආරක්ෂක යන්ත්‍ර පැළඳවීමක් කළ යුතුය. විටෙක මේ නිසාම කාන්තාවන්ගේ අනාගතය ජිවීත කාලයම නිරපරදායේ අදුරු විය හැක.

