Dark

Auto

Light

Dark

Auto

Light

ශිව (ඊශ්වර) දේව නමස්කාරය (දේව ස්තෝත්‍ර සහ මන්ත්‍ර සමඟින්)

මේ ලොව ජීවත් වන සෑම දෙනාටම යම් යම් කරදර ගැටලු ඇතිවීම ස්වභාවිකය. නමුත් එසේ තමාට ගැටලුවක්, කරදරයක් සිදුවූ කල දෙවියන්ට භාරහාර වීම, පුද පූජා පැවැත්වීම, පිහිට පතා නොයෙක් දේවල් කිරීම මිනිස් ගතියකි. යම් අයකුට දෙමාපියන්, සහෝදරයන්, නෑදෑයන්, දෙවියන් සිහි වන්නේ යම් කරදරයක් වූ විටයි. එවැනි අවස්ථාවල බොහෝ දෙනා දෙවියන්ගෙන් පිහිට හා ආරක්‍ෂාව අපේක්‍ෂා කරති.

අප කථාකරන ඊශ්වර දෙවියෝ යනු හින්දු සාහිත්‍යයට අනුව ලොව මැවුම්කරු හා විනාශ කරන්නාය. විෂ්ණු දෙවිඳු යනු ලොව පවත්වාගෙන යන පාලකයාය. බ්‍රහ්ම, විෂ්ණු, ශිව හෙවත් ඊශ්වර දෙවිඳුන් ත්‍රිමුර්තිය ලෙස හඳුන්වති. අප ගුප්ත විද්‍යාවේදී භාවිතා කරන මන්ත්‍ර තුල ˝ඕම්” ලෙස භාවිතා කරන්නේ ත්‍රිමුර්තියයි.

ඊශ්වර දෙවියන් යනු යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ ප්‍රධානියා වේ. අප සෑම විටම යම්කටයුත්තකදී මන්ත්‍රයන් ආරම්භ කරන විට ඊශ්වර දෙවියන්ගේ අවසරය ලබා ගැනීම අනිවාර්යෙන්ම කල යුතුය. ඊශ්වර දෙවිඳුන්‌ විසින්‌ උමා දේවියට මන්ත්‍ර ශෘස්ත්‍රය ප්‍රකාශ කරන ලද්දේ අප සැමගේ ප්‍රයෝජනය උදෙසාය. මෙම මන්ත්‍ර ශාස්ත්‍රය ඊශ්චර දෙවියන්‌ දේශනා කලත්‌ මුල්‌ කාලයේදී යක්‍ෂ අසුර ජන කොට්ඨාශ අතරට යාම වළක්වා බිය ගැන්වීමට කටයුතු කර ඇති අතර ඒ නිසාම ඉතා බලගතු ඊශ්වර ගිණී පිරිත එතුමා අපට තිළිණ කර ඇත. මෙම මන්ත්‍රය සිහිකල පමණින්‌ යකුන්‌ යක්‍ෂණින්‌ ගව්‌ ගණතක්‌ ඈතට දිවයන තරමි බලගතුය.

ඊශ්වර දෙවියෝ භූතයන්‌ හා භෛරවයන්ට අධිපති චේ, නළලේ නෙතයන්‌ ඇති නිසෘ උන්වහන්සේ තිනෙත්‌ නම්‌ වූහ. කහවතක්‌ දරන්නා වූ ත්‍රිශුලයක්‌ අත දරා සිටින එතුමා වෘෂභ වාහනාරූඞව කෛයිලාශ කූඨයේ වැඩ වසයි. පාර්වතී දේවිය බිරිඳ වන අතර ගණ දෙවියන, කඳ කුමරු දරුවන්‌ වේ.

ඊශ්වර දෙවියන්ට පහන්‌ තැබීම

යම්‌ පුද්ගලයකු ඊශ්වර දෙවියන්‌ උදෙසා පහන්‌ තබන්නේ නම්‌ අප්‍රමාණ පිහිටක්‌, බලයක්‌ ලබාගත හැකිය. නමුත්‌ ඒ සඳහා යම්‌ කැපකිරීමක්‌ අවශ්‍යය. විශේෂයෙන්ම ගවමස්‌, ඌරු මස්‌, මෝර මාලු අනුභවයෙන්‌ වැළකිය යුතුය.

රාත්‍රි 12 පසුවී විනාඩි 24 ත්‌ 12.36 අතර එතුමා වෙනුවෙන්‌ පහන්‌ දල්විය යුතුය. පහන්‌ දෘල්වීම සඳහා පිත්තල පහනක්‌ හෝ ශෛලමය පහනක්‌ වඩා සුදුසුය. එය සපයා ගැනීමට අපහසු නම්‌ මැටි පහන්‌ භාවිතා කල හැකිය. පහන්‌ දල්වීම සඳහා පිරිසිදු එළඟි තෙල්‌ වඩා සුදුසුය. සුදුපාට මල්‌ වට්ටියක්‌, එළ කිරි වීදුරුවක්‌ හෝ පිරිසිදු ජල බඳුනක්‌ තබන්න. තල තෙල්‌, අබ තෙල්‌ යොදා ගැනීමට හැකිනම්‌ එය ද සුදුසුය.

ඊශ්වර දෙවියන්‌ වැඩිපුරම වන්දනා කරන්නේ හින්දුන්ය. ඔවුන්‌ එළඟි තෙල්‌, අබ තෙල්‌, සඳුන්‌ තෙල්‌, කපුරු තෙල්‌, තල තෙල්‌ මිශ්‍ර කර පස් තෙල් සාදවා ගනිති. හැකි නම් ඔබද පහන් දැල්වීමට ඒවා භාවිතා කිරීම සුදුසුය. ශිව දෙවියන්ට බුලත් පූජා කිරීමට ඉන්දියානු ජනතාව අමතක නොකරති. එසේම බෙලි පත්‍ර පිදීම ද එතුමා සතුටට පත් වීමට හොඳයි. මාගේ අත්දැකීම් වලට අනුව බෙලි කොල 108 ක මාලයක් ශිව ලිංගයට පැළඳවීම තුල ලැබෙන පිහිට කිව නොහැකි
තරම්ය.

පිරිසිදු තැටියකට කපුරු දල්වා දුම්දීම ආකර්ෂණය වැඩි වීමට තවත් එක් හේතුවක් වනු ඇත. ඉරිදා දිනය එතුමාට පහන් දැල්වීමට සුදුසුම දිනය වන අතර ඉරිදා, අඟහරුවාදා, සිකුරාදා දින ප්‍රධාන වේ.

එතුමා වන්දනා කිරීමට ගයාත්‍රි මන්ත්‍ර භාවිතය පහසුය. නමුත් ඒ සඳහා නියමිත ස්තොත්‍ර දැහැන් භාවිතය කාලය අනුව ඔබට යොදා ගත හැකිය. නමුත් පැය ගනන් ස්තොත්‍ර ගායනා කරනවාට වඩා ගයාත්‍රි මන්ත්‍ර බලවත්ය.

1.ඕම් ගත්යානාය විද්මහේ
මහා දේවාය ධීමහි
තන්නෝ ශිවඃ ප්‍රචෝදයාත්

2.කත් මහේෂාය විද්මහේ
වාක්විශුද්ධාය ධී මහී
තනෝ ශිවඃ ප්‍රචෝදයාත්

නමස්කාරය: ඕම් නමඃ ශිවාය ///

නමස්කාර ආරාධනාව

කෛලාසන චාරි ගොවාහන ත්‍රී ශුලං

හස්තාධාර නීල කණ්ඨ පශුපති නේත්‍රං

ගංගාධාර ගායන සංගීත කාම රාජනං

පුෂ්පාසන ගාම්නොති ශිවා දිව්‍ය රාජං

මන්දාකිණි සලිල වන්දනා සජ්ජිත දෙහං

මන්ධාරා පුෂ්ප ශෙෂ පුෂ්ප ප්‍රජ ලද්ධං

ලොකාත්‍රජ ශ්‍රී කීර්ති ප්‍රාප්ත මනෝ රම්‍ය

පුෂ්පාසන ගාම්නොති ශිවා දිව්‍ය රාජං

ගෞරි ප්‍රිය වල්ලභ තෙජා කායික ශූරං

ගෞතමාර්ය චාර්ය දේව ප්‍රරාමාමිත පාදං

පිතක හස්තක ප්‍රියාඬගු නෙත්‍ර ධවල වර්ණං

පුෂ්පාසන ගාම්නොති ශිවා දිව්‍ය රාජං

Leave A Comment