Dark

Auto

Light

Dark

Auto

Light

වසර 18ක් පුරා පවතින රාහු අපලයෙන් මිදීමට ප්‍රතිකර්ම

බොහෝ දෙනෙක් රාහුගෙ අපලය නිසා පිඩා විදියි. වසර 18 පවතින රාහු මහ දසාව කෙනෙකුට සුබ මෙන්ම අසුබ පලත් ගෙනදේ. ඇතැමුන් බිය වී රාහු දසාව සමඟ ගෙවී යන කාලය නරක කාලයක් ලෙස සැලකුවද නිසි වත් පිළිවෙත් සහ ප්‍රතිකර්ම කළහොත් එය අපල කාලයක් නොව වඩාත් සුභ කාලයක් උදාකර ගත හැකිවනු ඇත.

රාහු ස්වරූපය දක්වා ඇත්තේ නයි පෙනයක් සහිත හිසක් ඇති අත් පා දිග පුද්ගලයෙකු ලෙසය.ගමන වේගවත් අසෙකු පිටයි. උස සිහින් සිරුරැති වෙිගවත් අසෙකු පිට දුවිලි නංවා ගමනේ යෙදෙන අසරුවෙකු සිහියට නගා ගතහොත් එම රූපය මතින්ම රාහුගේ කටයුතු පිලිබදව අදහසක් සිත තුල ඇති වනු ඇත. වේගවත් අසෙකු පිට යෙදෙන්නාගේ කටයුතුද වේගවත්ය. නාග හිස පිලිබදවද සිතුවිලි ගොඩනගා ගත යුතුයි. රාහු ජන්මියා මතවල විෂට යොමු කිරීමක් ඇති කරනු ලබයි. විෂ සහිත සර්පයන්ගෙන් විපත් සිදුකිරිම ආදියද රාහුට හිමිවන ස්වභාවයවේ.

රාහුගේ අපලයට කල හැකි වත් පිලිවෙත් කිහිපයක් මෙසේය.

රාහුගේ අපලයේදී අප පිහිට පැතිය යුතු දෙවිවරු කිහිප දෙනෙක්‌ම ඇත. මේ අතරින් විෂ්ණු දෙවියන් ප්‍රමුඛ වේ. ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් මෙන්ම ශිව පාර්වතී හා රුද්‍රය බහිරව දේවතාවන්ට පුද පූජා පවත්වා භාර හාර වී සෙත්කවි කීමෙන් මෙම අපලය සමහන් වනු ඇත.

තවද මෙම රාහුගෙන් යෙදෙන අපලය සමනය කර ගැනීම සඳහා පෙර කල සිටම පවත්වාගෙන ආ චාරිත්‍ර විධි කිහිපයක්‌ම පැරණි පොත පතෙහි සඳහන්ව ඇත. රනින් කළ නාග රූප, ගෝමේද මැණික්‌ අශ්වයන්, කළු එළු මස්‌, නිල් කම්බිලි (දේව රූප වසන රෙදි) ලෝහ භාජන (යකඩ විශේෂයි) හා නිල් පාට රෙදි දන් දීමෙන් රාහු අපලය සමහන් කර ගත හැකිය.

එමෙන්ම පහත සඳහන් බෙහෙත් වර්ග තම්බාගත් වතුර ස්‌නානය කිරීමෙන්ද රාහුගේ අපලය තරමක්‌ දුරට හෝ මර්දනය කර ගත හැකි වේ. ඊතණ තළ, තොළාං කොළ, කලාඳුරු අල, ඇත්දත්, කස්‌තුරි, එළකිරි එකට තම්බාගෙන නාන්නට සූදානම් කළ ජල බඳුනට එක්‌කර ගැනීම රාහු අපලයට යහපත් පිළියමක්‌ වන අතර බදාදා සහ සෙනසුරාදා දිනයන් හි ස්‌නානය කිරීම ඉතා වැදගත් වේ.

රාහු ග්‍රහයාගෙන් යෙදෙන අපලය සඳහා පුරාණයේ සිටම පැවැත එන පිළිවෙතක්‌ ලෙස, “ගෝමේද” මැණිකක්‌ යෙදූ නාග හිසක්‌ සහිත මුදුවක්‌ පැළඳීම ද සිදු කෙරේ. රාහු කවචයෙන් 350 වාරයක්‌ ජප කරන ලද එම මුදුව අපලය ඇති ජන්මියාගේ දකුණු අතෙහි මැදඟිල්ලේ සුබ හෝරාවකින් පැළඳවීමෙන් අපලය තරමක්‌ අඩුවන බව කියා ඇත. ඒ සඳහා හොඳ ඌරුවේ ගෝමේද මැණිකක්‌ යොදා ගැනීම අත්‍යවශ්‍ය වේ.

“නාගර්ජුන” යන්ත්‍රයයි. නිසි වත් පිළිවෙත් අනුව සකසා වාර 18000 කට වඩා ජීවම් කර රන් රිදී හෝ පස්‌ලෝ සුරයක බහා කර පැළඳීමෙන් රාහු අපලය “හිරුදුටු පිණි බිඳුවක්‌ සේ වියෑකී යන බව නාගර්ජුන සෘෂිවරයා පවසා ඇත.

එම යන්ත්‍රය පමණක්‌ පැළඳ ගැනීම රාහුගේ අපලයට ප්‍රමාණවත් යෑයි කීවද එම යන්ත්‍රය පැළඳ ගැනීමට ප්‍රථම අඩු තරමින් බෝධි පූජා හතක්‌ වත් නිසිලෙස පැවැත්විය යුතුය. බෝධීන් වහන්සේට භාරයක්‌ වීම අත්‍යවශ්‍ය වන අතර විෂ්ණු දෙවියන්ට හෝ කලින් සඳහන් කරන ලද දෙවි කෙනෙකුට පූජා වට්‌ටියක්‌ දී භාරවීමද අවශ්‍ය වේ. එම දෙවිවරුන්ගෙන් එක්‌ අයකු විෂයෙහි සෙත් කවියක්‌ කියවීමද ඉතා යහපතකි.

වැටකේ පැළයක්‌ ගෙනැවිත් එය තම ගෙමිදුලේ උතුරු දෙසට වන්නට සිටුවා එයට සාත්තු කිරීම ද රාහු අපලයට ගුණදායක වේ යෑයි සෘෂිවරු පවසා ඇත. වැටකේ පැළය සිටුවා ඒ වටා සුදු වැලි අතුරා, උදේ හවස වතුර දැමීම රාහු අපලය ඇති ජන්මියා විසින් කළ යුතු වේ. එහි කොළ අතගාමින් එම ගසට සෙනෙහස දැක්‌වීමද ඉතා අවශ්‍ය කරුණකි. එවිට ක්‍රමයෙන් රාහුගේ අපලය අඩු වී යන බව පැරැන්ණෝ දැන සිටියහ.

රාහු අපලය තදින්ම බලපාන අවස්ථා තිබේ. ඒ කාලයේ බලු, බළල්, සිවුපා සතුන් ගෙන්ද නයි පොළොන්ගුන්ගෙන්ද කරදර විපත් පැමිණිය හැකිය. මේ සඳහා චන්ද පිරිත තුන් වරක් හා විසි එක් වරක් කීමෙන් හා මෛත්‍රි භාවනාව දියුණු කිරීමෙන් උවදුරු විපත් අඩු වෙන බව සඳහන් කළ හැකිය. සතුන්ට දාන දීම, උරගයන් නොමැරීම, පැටවුන්ට කිරි දෙන බැල්ලන්ට ආහාර දීම ද අපලයට ප්‍රතිකර්මයකි. මහා අභිසම්භිධාන යන්ත්‍රය ඛන්ධ පරිත්ත සූත්‍රය තුන්සිය විසි හතර වරක් එක්දාස් අසූ වාරයක් පිරිත් කර පස්ලෝ සුරයක පැලඳ ගැනීමෙන් හෝ ගෝමේද ගලක් අල්ලා පස් ලෝ නාගදරණයක් සහිත මුද්දක් පැලඳීම ගුණදායකය. මෙය කළ යුත්තේ පිරිත් කිරීමෙන් පසුවය. එවිට රාහු අපලයට ගුණ ලැබේ.

“ඡන්ද පිරිත” හා “සූරිය පිරිත” උදේ සවස ගායනය කිරීමෙන්ද රාහුගේ අපලයට ගුණදායක වේ. එමෙන්ම වැටකෙයා මල් බුදු සමිඳුන්ට පූජා කිරීමෙන්ද මෙම අපලයට සහනයක්‌ ලබා ගත හැකිවන අතර රාහු ස්‌තෝත්‍රය දිනපතා උදේ හවස 21 වර බැගින් ගායනා කිරීමෙන්ද රාහු ග්‍රහයාගේ අපලය දුරු කර ගත හැකිවේ.

රාහු ස්‌තෝත්‍රය

“ඕම් අර්ධ කායම් මහා වීර්යයම්

චන්ද්‍රදිත්‍යම් විමර්ධනම්

සිම්හිකා ගර්භ සම් භූතම්

තම් රාහුම් ප්‍රණමා මහ්‍යම්”

ඔබට අවශ්‍ය වැඩිදුර උපදෙස් සහ ප්‍රතිකර්ම සඳහා විමසන්න

“සිද්ධම්” සුව සහන මධ්‍යස්ථානය
+94

Leave A Comment