# deviyo.lk ## Posts - [පාර්වතී හෙවත් විශ්වයේ සර්ව බලධාරී දෙවඟන](https://deviyo.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b6%ad%e0%b7%93-%e0%b7%84%e0%b7%99%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b6%bb/): හින්දු දහමේ පාර්වතී දේවිය , උමා දේවිය ලෙසද හැඳින්වේ. ඇය විවාහ වී සිටින්නේ ශිව දෙවියන් සමඟයි, ඔහු ඉතා බලවත් වන අතර දේවල් නිර්මාණය කිරීමට හා විනාශ කිරීමට හැකියාව ඇත. පාර්වතී යනු ශිවගේ පෙර බිරිඳ වන සති මෙන් එකම දේවතාවිය වූ බැවින්, කථා වලදී ඔවුන් සැබවින්ම සමාන වේ. පාර්වතී යනු දරුවන් දෙදෙනෙකුගේ මවකි: අලියෙකුගේ හිසක් ඇති ගනේෂ සහ ස්කන්ධ (හෝ කාර්තිකේය). සමහර අය විශ්වාස කරන්නේ පාර්වතී ඇත්ත වශයෙන්ම විෂ්ණු දෙවියන්ගේ සහෝදරිය බවයි. පාර්වතී දේවියට ආදරය කරන බැතිමතුන් විශ්වාස කරන්නේ ඇය විශ්වයේ ඇති සියලුම බලයන්ගේ එකතුව අවසානයේ රැස් කර ගන්නා සර්වබලධාරි දෙවඟන ආදි පරා ශක්ති මාතාවගේ ප්‍රතීරූපයක් වේ. කෛලාශ කූටය සිය වාසභවන […] - [කඩවර දේව කට්ටු ගැන හරියට දැනගන්න](https://deviyo.lk/%e0%b6%9a%e0%b6%a9%e0%b7%80%e0%b6%bb-%e0%b6%af%e0%b7%9a%e0%b7%80-%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af/): බොහෝ කලකට පෙර සහ අද පවා, මේ රටේ ජනතාව විශ්වාස කර ඇත්තේ කඩවර සමහර විට දෙවියෙකු මෙන් වන අතර සමහර විට යක්ෂයෙකු මෙන් වන බවයි. ඔවුන් සිතන්නේ කඩවර දෙවියන් හෝ කඩවර ආරච්චි ලෙස හඳුන්වන මෙම දෙවියන්ගෙන් උපකාර ඉල්ලා සිටීමට, අකුරට, නූලට, වෙලාවට, කලාවට, පිළිවෙළට, පිරිසුදුවට අවශ්‍ය ගනුදෙනු බේරීම අවශ්‍ය බව මිනිසුන් විශ්වාස කරයි. කඩවර දෙවියන් ගැන කතා කරන විට, ඔවුන් සෑම විටම මුලින්ම සඳහන් කරන්නේ කඩවර හත් කට්ටුවයි. 1. තෙල් කඩවර 2. මල් කඩවර3. ගොළු කඩවර 4. ගොපලු කඩවර5. රීරි කඩවර6. දළ කඩවර 7. සොහොන් කඩවර  කඩවර දොළොස් කට්ටුවක් ගැනද භාවිතයේ එයි. ඒ මේ අයුරිනි. 01. තෙල් කඩවර02. මල් කඩවර03. […] - [කඩවර දෙවියන්ගේ උප්පත්ති කථාව](https://deviyo.lk/%e0%b6%9a%e0%b6%a9%e0%b7%80%e0%b6%bb-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%8b%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba/): කඩවර දෙවිඳුන්ගේ උපත පිළිබඳව උතුරු මැද පළාතේ විවිධ ජන ප්‍රවාද පවතී. එක් කතාවකට අනුව ධාතුසේන රජු කරවූ කලා වැව ආරක්ෂාව එක් සෙන්පතියෙකුට භාර කරන ලදී. ඔහුට කාල නම් රූමත් බවෙන් හා එඩිතර නැණවත් පුත්රුවනක් විය. මෙම කුඩා කුමරා වැව් කණ්ඩියේ කෙළිදෙලෙන් කාලය ගත වන්නට වූ අතර දිනක් ඔහු හුදකලාව වැව් කණ්ඩිය මතින් ගමන් කරන විට වැවෙහි එක් තැනක කුඩා සිදුරක් ඇති වී ජලය පිටතට කාන්දු වනු දුටහ. මෙය බලා සිටි කුමරුවාට දැනගන්ට ලැබුනේ මෙම ජල කාන්දුව ටිකින් ටික විශාල වී ජල පහර විශාල වන බවයි. කුමරුන්ට සිදුවීමට යන විනාශය අවබෝධ විය. ප්‍රමාද වුටහොත් ජල කාන්දුව නිසා සිදුර විශාලවේ. වැව් බැම්ම […] - [සිද්ධ සූදියම් දෙවියන්ට හරියටම පහන් දැල්විය යුත්තේ කෙසේද..?](https://deviyo.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b7%83%e0%b7%96%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%84/): ශ්‍රී ලංකාවේ ගම් නගර වල නිවාසවල දෙවියන් වෙනුවෙන් දැල්වෙන පහන් පැල වලින් වැඩිම ප්‍රමාණයක් දැල්වෙන්නේ ඔඩ්ඩි වඩිඟ සිද්ධ සූනියම් ගම්භාර දෙවියන් වෙනුවෙන් බව ඔබ ඇතැම් විට නොදන්නවා විය හැක. ඊට හේතු මෙන්ම සැඟවුණු රහස් බොහෝමයක් ඇත. බොහෝ විට අපේ සිංහල බෞද්ධ ජනතාව තමාට වෙන පාඩු, අලාභ දුක්ගැනවිලි අනෙකා සමඟ කියා බෙදාහදාගත්තද තමාට වන ලාභයක්, වාසියක්, යහපතක් ගැන නම් ලෙහෙසියෙන් කටක් අරින්නේ නැත. මෙනිසාම ශ්‍රී ලංකාව තුල විශේෂයෙන්ම සිංහල-බෞද්ධ සමාජය තුල දෙවියන් ඇඳහීම, ගුප්ත කර්ම වැඩ කටයුතු සිදුකිරීම පවතින්නේ ඉතා රහසිතගතවය. මේ ගැන නිවැරදිව දන්නෝ සහ ලබන්නෝ දෙවියන්ගෙන් සහ මෙම ගුප්ත විද්‍යාව තුළින් ප්‍රතිථල සහ ලාභ ප්‍රයෝජන ලබති. අද වන විට […] - [ප්‍රධාන දෙවොලක් වන්දනාවට ප්‍රථම ඔබ සූදානම් විය යුතු ආකාරය](https://deviyo.lk/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%9c%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b6%a7/): ඔබ ප්‍රධාන දේවාලයක් හෝ කෝවිලක් වෙත යෑමට අදිටන් කර ගත් දිනයට කලින් දින සිට ඔබ බ්‍රහ්මචාරීව නිර්මාංශ වන්නේනම් වඩාත් සුදුසු වේ.කිළි ගෙවල් වල නොයන්න.ඔබ කිළිනම් (කාන්තාවන්ගේ මාස්ශුද්ධිය වැනී එම දින මග හරින්න.මල ගෙයක් වී තිබේනම් ඔබේ නිවසේ මාස 3ක්වත් පුජනීය ස්ථාන වෙත නොයන්නේ නම් මැනවි. එහෙත් ඔබට අත්‍යාවශ්‍ය කාරනාවක් හෝ හේතුවක් ඇත්නම් ඔබට විශේෂිත කිළිහරණ ක්‍රමවේදයන් භාවිතා කරමින් සති 3 ඉක්මවා යෑමට අවශ්‍ය අවසරයන් සකසා ගත හැක. හොදින් කහ දියර යොදා ස්නානය කරන්න. මේ සඳහා කිළිහරණය කරන ලද කහ දියර ස්වල්පයක් භාවිතා කිරීමට හැකිනම් වඩාත් ප්‍රතිථලදායක විය හැක. හැකි තරම් උදෑසන ඔබ එම ස්තාන වෙත යන්නේනම් වඩාත් සුදුසු වේ.සමහර පුද්ගලයන් […] - [දැඩිමුණ්ඩ දේව නමස්කාරය](https://deviyo.lk/%e0%b6%af%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8%e0%b7%94%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9-%e0%b6%af%e0%b7%9a%e0%b7%80-%e0%b6%b1%e0%b6%b8%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba/): අපට ඇති වන ඒරාෂ්ටක අපල දෝෂාන්ධකාර සතුරු කරදර රෝග පීඩා නොපෙනෙන බලවේගවලින් ඇති වන දෝෂ වන ප්‍රේත දෝෂ, යක්ෂ දෝෂ වැනි දෝෂද අනවින කොඩිවින දෝෂ මඟින් ඇති වන පීඩාකාරී තත්ත්වයන්ද සමනය කර ගැනීමට දැඩිමුණ්ඩ දෙවියන් වන්දනා කිරීම, පිහිට පැතීම තුළින් හැකියාව ඇත. සම්බුද්ධ ආරක්ෂක ප්‍රබල දෙවිකෙනකු වන දැඩිමුණ්ඩ දෙවියන් සිදුහත් තව්සාණෝ සම්බුද්ධත්වයට පත්වන අවස්ථාවේදී බුදුන් වහන්සේ තනි නොකර මාර පරාජය කර බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත්වීමට මාර සේනාවගෙන් ඇති වූ බාධා වළකාලූ දෙවියන් බවත්, බුදුරජාණන් වහන්සේට රැකවරණය සැලසූ දේවතාවා බවත් ප්‍රසිද්ධය. වසවතු තොසින්නේ – හිසපැලඳි මලසුන්නේමුනිඳුට පුදන්නේ – මුණ්ඩ දැඩියා එදා දුන්නේ සදෙව් ලොව බලමිනනාලොව තිලොව හැමතැනකෙනෙක් නැත සිරිලකමුණ්ඩ දැඩියා එනම […] - [දැඩිමුණ්ඩ දෙවියන්ගේ උත්පත්ති කථාව](https://deviyo.lk/%e0%b6%af%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8%e0%b7%94%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%8b%e0%b6%ad%e0%b7%8a%e0%b6%b4/): දැඩිමුණ්ඩ දෙවියන් ලක්දිව යක්‍ෂ හා නාග ගෝත්‍ර දෙකටම අයිතිවාසිකම් කියන උරුමක්කාරයෙකි. යක්‍ෂ හා නාග වංස දෙක එකතුව බිහි වූ දරුවන් ද්වි වංසික හෙවත් දේව වංසිකයන් වන බව ජනශ්‍රැතියේ සඳහන් නිසා දැඩිමුණ්ඩ උපතින්ම දේව වංශිකයකු බව සඳහන් කළ හැකිය. යක්‍ෂ ගෝත්‍රිකයන්ට අධිපති වෙසමුණි (කුවේර) දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ පුත්‍රයා වූ පූර්ණක නම් යක්‍ෂ සේනාධිපතිට දාව, එරන්දතී නම් නාග ගෝත්‍රික කන්‍යාවියගේ කුසින් තලගිරිකන්දේදී මොහු උපත ලැබීය. සිද්ධාර්ථ තාපසයාණන් නේරංජනා නදී තීරයේ ඇසතු බෝ රුක මුලදී සියලු කෙලෙසුන් නසා වෙසක් පුර පොහෝ දිනයේ බුදු බව සාක්‍ෂාත් කර ගනිද්දී වසවර්ති මාරයා ඇතුළු දස බිම්බරක් මාර සේනාව සමඟ ඇති වූ මාර යුද්ධයේදී බලවත් දෙවිවරුන් පවා බියේ […] - [බුදු දහමට අනුව මිනිසුන්ට දෙවියන්ගේ ආශිර්වාදය හා ආරක්ෂාව ලැබෙන හැටි](https://deviyo.lk/%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b7%80-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7/): දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ඔබට ඉල්ලීමක් හෝ යාච්ඤාවක් පමණක් කළ නොහැක. බුදුන්ගේ ඉගැන්වීම්වල සඳහන් වන්නේ දෙවියන්ගේ ආදරය සහ යහපත් දේ ලබා ගැනීමට නම්, කරුණාව සහ අවංකකම වැනි යහපත් ගුණාංග මිනිසුන්ට තිබිය යුතු බවයි. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ: ​1. පින් අනුමෝදන් කිරීම (පත්තානුමෝදනා) ​බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී (පාඨලීගාමයේදී) දේශනා කර වදාළේ, යම් නිවසක වාසය කරන අය සිල්වත් වී දානමාන ආදිය පවත්වා රැස් කරගන්නා පින එම ප්‍රදේශයේ වසන දෙවිවරුන්ට අනුමෝදන් කළ යුතු බවයි. ​එසේ පින් අනුමෝදන් කළ විට, මවක් තම එකම පුතු රකිනවා සේ (මාතා පුත්තංව රක්ඛති) දෙවියන් විසින් එම මනුෂ්‍යයාට […] - [සතරවරම් දෙවිවරු කියන්නේ කවුරුන්ද..?](https://deviyo.lk/%e0%b7%83%e0%b6%ad%e0%b6%bb%e0%b7%80%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a/): සතර වරම් දෙවිවරුන් බුදුදහමට අතිශයින්ම සමීප, බොහෝ තැන්වලදී ත්‍රිපිටකය තුළ සඳහන් වන දෙවිවරු සතර දෙනෙකි. මහා බෝධිසත්වයන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීමේ පටන්, පිරිනිවන්පාන අවස්ථාව දක්වා ම බුද්ධ චරිතය හා සම්බන්ධතාවය ඇති මේ සතරවරම් දෙවිවරුන් පිළිබඳව මෙම ලිපියෙන් කෙරෙන්නේ ත්‍රිපිටක අටුවාගත කරුණු විමසා බැලීමකි. මීට සාරසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සුමේධ තාපසතුමා ලෙස මහා බෝධිසත්වයන් වහන්සේ දීපංකර බුදු පියාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගත්හ. දීපංකර බුදු පියාණන් වන වහන්සේ බෝධි සත්වයින් වහන්සේට මල් අට මිටකින් පුජා කර, පැදකුණු කර වැඩම කළ පසු, දෙව්මිනිසුන් ද මහා බෝධිසත්වයන් වහන්සේට පූජාකොට ගෞරව කර ගිය බව ජාතක අටුවාවේ සඳහන් වේ. පූජාවලියෙහිද සඳහන් වන්නේ මේ අවස්ථාවට එකළ […] - [සතරවරම් දෙවිවරු](https://deviyo.lk/%e0%b7%83%e0%b6%ad%e0%b6%bb%e0%b7%80%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94/): ශක්‍ර දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේගේ දේව අණසකට අනුව මෙලොව සිව් දිශාව පාලනය කරන්නා වූ සිව් දෙසට අධිපති දෙවිවරුන් වශයෙන් ධෘතරාෂ්ට්‍ර , විරූඪ , විරූපාක්ෂ හා වෛශ්‍රවණ දෙවිවරුන් සැළකේ. චතුභාණවාර පාලියෙහි එන මහාසමය සූත්‍රයෙහි සඳහන් වන පරිදි කෝටි ලක්ෂයක් ගාන්ධර්වයින්ට අධිපතිව පූර්ව දිශාව හෙවත් නැගෙනහිරට අධිපති දෙවියන් ලෙස ධතරට්ඨ හෙවත් ධෘතරාෂ්ට්‍ර දෙවියන් හැදින්වේ. කෝටි ලක්ෂයක් කුම්භාන්ඩයින්ට අධිපතිව දකුණු දිශාව භාරව විරූළ්හ හෙවත් විරූඪ දෙවියන් කටයුතු කරයි. එසේම කෝටි ලක්ෂයක් නාගයින්ට හා පච්චිම හෙවත් බටහිර දිශාවට අධිපති දෙවියන් ලෙස විරූපාක්ෂ දෙවියන් ද ආලකමන්දාව අගනගරය කරගනිමින් කෝටි ලක්ෂයක් යක්ෂයින්ට හා උතුරු දිශාවට අධිපතිව වෛශ්‍රවණයන් ද වැඩවාසය කරයි. මොහු “කුවේර , වෙස්සවණ ” යන නම් වලින් […] - [හරියටම පූජා වට්ටියක් සකසා ගන්නේ කොහොමද?](https://deviyo.lk/%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7%e0%b6%b8-%e0%b6%b4%e0%b7%96%e0%b6%a2%e0%b7%8f-%e0%b7%80%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%9a%e0%b7%83/): සමහර අය දෙවියන්ට ගොඩක් ආදරෙයි, උදව් ඉල්ලලා තමන්ට ඕන දේ ලබා ගත්තට පස්සේ, පොරොන්දු වුණු විදිහට දෙවියන් වහන්සේට විශේෂ පූජාවක් දෙන්න කැමතියි. නමුත් සමහර වෙලාවට පරිපූර්ණ පූජාවක් කරන්න අමාරුයි. අද, හැමෝටම ඒක නිවැරදි විදිහට කරන්න පුළුවන් වෙන විදිහට ලස්සන හා නිසි පූජා වට්ටියක් හදාගන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න කැමතියි. මුලින්ම පූජා වට්ටියකට අවශ්‍ය පලතුරු ඇතුළු පූජා ද්‍රව්‍ය මොනවාද දැනගනිමු. පුජා වට්ටිය පූජාව සැකසීම සඳහා පළල් හා හොඳින් විවෘත ගැඹුරින් අඩු වූ පූජා තැටියක් හෝ වට්ටියක් තෝරා ගැනීම සුදුසුය. එය හොඳින් කහ වතුරෙන් පිරිසුදු කර පිසදා ගත යුතුය. බුලත් පූජා වට්ටිය සැකසීම සඳහා පූජා වට්ටියේ මුලින්ම අසුරනු ලබන්නේ බුලත් කොළය. මේ […] - [ඔබේ සුභ ආරම්භයන් වෙනුවෙන් බලගතු ඝණ දෙවි මන්ත්‍රයක් (වීඩියෝ)](https://deviyo.lk/%e0%b6%94%e0%b6%b6%e0%b7%9a-%e0%b7%83%e0%b7%94%e0%b6%b7-%e0%b6%86%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b7%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1/): “ගණේෂ දීප පූජා” යනු පුරාණ වෛදික ගණපති සුක්තයේ සිට දිව්‍ය වක්‍රතුණ්ඩ මහාකාය සහ ගනේෂ් ගයාත්‍රි දක්වා වූ ප්‍රබල ගනේෂ් මන්ත්‍ර ඒකාබද්ධ කරන පූජනීය ශබ්ද ගමනකි. මෙම මන්ත්‍රයේ අන්තර්ගතයන්: ඕම් ගම් ගණපතායේ නමහ – ප්‍රඥාව සහ ශක්තිය සඳහා ගණ දෙවියන්ගේ ශක්තිය ඉල්ලා සිටියි. ඕම් ශ්‍රී සිද්ධිවිනායකාය නමහ – සාර්ථකත්වය සහ ඉටුවීම ලබා දෙන තැනැත්තාට ආයාචනා කරයි. වක්රතුණ්ඩ මහාකාය – සියලු බාධක සහ සෘණ ශක්තිය ඉවත් කරයි. ගනේෂ් ගයාත්‍රි මන්ත්‍රය – බුද්ධිය ආලෝකවත් කරන අතර දිව්‍ය තීක්ෂ්ණ බුද්ධිය අවදි කරයි. ඒකදන්තම් මහාකායම් – එක් ඇත් දළයක් ඇති දෙවියන්ට යටත් වීම සහ කෘතඥතාව පළ කරයි. ඔබ මේ මන්ත්‍රය ඇසිය යුත්තේ ඇයි..? මෙම මන්ත්‍ර […] - [දේව අවසරය තුලින් ශුද්ධ වරමකට කැඹුරුම් මාලා පැමිණෙන්නේ කෙසේද..?](https://deviyo.lk/%e0%b6%af%e0%b7%9a%e0%b7%80-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%ba-%e0%b6%ad%e0%b7%94%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b7%80%e0%b6%bb/): මේ ලෝකයේ උපත ලබන සෑම පුද්ගලයෙකුගේම ජීවිතයේ කොටස් දෙකක් ඇත. ඉන් එක කොටසක් ඒකායන වශයෙන් මෙලොව (ලෞකික) සුගතිය පිණිස ගමන් කරන අතර අනෙක් පිරිස ඉන් ඔබ්බට (ලෝකෝත්තර) මාර්ගයේ ගමන් කරන පිරිස වෙති. ඒ අතර ඇතැමුන් ගිහිජීටිතය තුල හෝ අනගාරික ජීවිතයක් තුල මේ මාර්ගය දෙක අතර මැදින් ලෝකෝත්තර මාර්ගය කරා යන පිරිස්ද වෙති. මෙයින් උතුම් සංඝයා ලෙස හඳුන්වන විශේෂ කණ්ඩායම අවධානය යොමු කරන්නේ මේ ලෝකයෙන් ඔබ්බට යන ගමන කෙරෙහි පමණි. එම කණ්ඩායමේ කොටසක් නොවන අප වැනි අය, අප මෙහි සිටින අතරතුර නිවැරදි දේ කිරීමට මඟ පෙන්වන ධර්ම නීති අනුගමනය කරමින් අපගේ ජීවිත ගත කරති. ලෝකයේ ජීවත් වන සාමාන්‍ය මිනිසුන් ලෙස, අපට […] - [දිව්‍ය බලය අවදි කරන්න ශිව ස්වර්ණමාලා ස්තෝත්‍ර (වීඩියෝ)](https://deviyo.lk/%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b6%af%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%81%e0%b7%92%e0%b7%80/): භක්තිය සහ අභ්‍යන්තර බලය සඳහා බලගතු මන්ත්‍ර ජප කිරීම ආදි ශංකරාචාර්ය විසින් රචනා කරන ලද මෙම දුර්ලභ හා පූජනීය ගායනය – ශිව ස්වර්ණමාලා ස්තූතිය සමඟ මහාදේව්ගේ දිව්‍ය ශක්තියට යටත් වන්න. මෙම බලගතු ස්තෝත්‍රය ස්වර්ණමය නාම 108 ක් හරහා ශිව දෙවියන්ට ප්‍රශංසා කරන අතර, ඒ සෑම එකක්ම අධ්‍යාත්මික ශක්තිය, නිශ්චලතාවය සහ විශ්වීය ප්‍රඥාව විහිදුවයි. ශිවඃ ශර්වාඃ ශඹුරුමාපතිඃ පශුපතිඃ ඊෂාඃ පිනාකද්‍රිත් ගිරීශෝ ගිරිෂා සදාශිව ශ්‍රීකණ්තෝ භක්තවත්සලාහ උමාපතිඃ මහාදේවෝ නීලකාන්තඃ පරත්පරඃ කෛලාසවාසින් ක්‍රීඩාසක්තො වෘෂවාහනඃ භාර්ග විශ්වාත්මා විශ්වේශෝ විරූපාක්ෂෝ වෘද්ධේශ්වර වෙදසාරො වෙදවිත් විශ්වරූපෝ වෘෂද්වජ භව භක්ත භයප්‍රදා ජටාදරහ් කල්පහාරී කපාලමාලිකාන්ධකෘත ට්‍රයම්බකෝ ත්‍රිපුරන්තකඃ ත්‍රිශූලපනිරෂ්ටමූර්තිදෘක් අනේකනායකඃ සර්වසත්වාත්මා සුරර්චිතඃ හරෝ හරිරාත්මා ජ්‍යෝතිර්මයඃ සුරසාරතිඃ ඤාණශක්තිධරඃ සර්වඥඃ ත්‍රෛලෝක්‍යගුරුරද්භූතාඃ කපර්දි […] - [ආදි ශංකරාචාර්ය විසින් රචිත ශිව දෙවියන්ට මානසිකව නමස්කාර කිරීම (වීඩියෝ)](https://deviyo.lk/%e0%b6%86%e0%b6%af%e0%b7%92-%e0%b7%81%e0%b6%82%e0%b6%9a%e0%b6%bb%e0%b7%8f%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a0/): ආදි ශංකරාචාර්ය විසින් රචනා කරන ලද ශිව මනස් පූජාව යනු ගැඹුරු සමීප සහ භක්තිමත් ගීතිකාවක් වන අතර, එහි දී බැතිමතා සම්පූර්ණ නමස්කාර චාරිත්‍රයක් (පුජාවක්) සිදු කරයි. බාහිර වස්තූන් සමඟ නොව, මනසින් සහ හදවතින්. මෙය අන්තර-යජ්නාව, අභ්‍යන්තර යජ්නාව – එහිදී චේතනාව සුවඳ දුම් බවට පත් වේ, හුස්ම සීනුව බවට පත් වේ, සහ ආදරය පූජාව බවට පත්වේ. භාවනාමය සවන්දීම, දිනපතා මෙනෙහි කිරීම සහ නිහඬ භක්තිය සඳහා වඩාත් සුදුසුය. රත්නයඃ කල්පිටමාසනං, හිමජලයිඃ ස්නානං ච දිව්‍යමං සහගන්ධම් චන්දඤ්චරක්ෂතං සුමනසම් පුෂ්පම් ච ධූපං තත්.දීපම් දෙව් දයානිධේ පශුපතේ ඍතුකල්පිතම් ගෘහ්‍යතාන් සෞවර්ණේ නවරත්නඛණ්ඩාර්චිතේ පත්‍රේ ඝෘටම් පායසම් භක්‍ෂ්‍යංපඤ්චවිධම් පයෝදධියුටං රම්භඵලම් පනාකම්. ශකානං මයුතං ජාලං රුචිකරණ කර්පූර්ඛන්ධොජ්වලම් භක්ත්‍යා පරනිපත්‍ය […] - [බිදුණු පැතුම් සැනින් ඉටුකරවන විශේෂ දුර්ගා දේව මාතා පූජාව](https://deviyo.lk/%e0%b6%b6%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b7%90%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%a7%e0%b7%94/): මෙම දුර්ගා දේව මෑණියන් උදෙසා පවත්වන දේව පූජාව හින්දු කෝවිල්වල හෝ ඕනෑම දේවාලයකදී දේව ගැතියකුට, දේව ගැතිවරියකට හෝ එසේ නැති නම් ඇදුරකුට වුවද කළ හැකිය. හැකි නම් ගුරු උපදෙස් ඇතිව තමන්ටද තම නිවෙසේදීම මෙම දේව පූජාව පැවැත්වීමට හැකියාව ඇත. ඒ අනුව තම නිවෙසේ ඊසාන දිශාව, උතුරු දිශාව හෝ නැඟෙනහිර දිශාවට මල් යහනක් සාදා ඒ මත කෙසෙල් කොළයක් දමා පුවක් මල් අතුරා කහ දියර ඉස පිරිසුදු කර තුල්සි කොළ, කොහොඹ කොළ, බෙලි කොළ, අඹ කොළ, බුලත් කොළ, මල් වර්ග 5, කැකුළු හාල් සේරු 1, තණ හාල් මිටක්, ඊතණ, විලඳ, මී පැණි, සුවදැල් හාල් මිටක්, හඳුන්කූරු, කපුරු, සාම්බ්‍රාණි, පිනිදිය, පඬුරු කාසි 7, […] - [කාලි දේව මැණියන්ට වන්දනා කිරීමෙන් ගැටලු තවත් උග්‍ර වේද?](https://deviyo.lk/%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%92-%e0%b6%af%e0%b7%9a%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%b1%e0%b7%8f-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8/): සමහර විට, මිනිසුන් එකම විශාල, බලවත් දේවතාවිය මහා පාර්වතී, ශ්‍රී මහා දුර්ගා හෝ මහා කාලි වැනි විවිධ නම් වලින් හඳුන්වයි. නමුත් ඇත්ත වශයෙන්ම, ඒ සියල්ල එකම අපූරු මව් දේවතාවිය සඳහා වෙනස් නම් පමණි. ඇය මිනිසුන්ට, සතුන්ට, ශාකවලට – සෑම දෙයකටම ජීවය දුන් ආදරණීය මවක් වැනිය, විශාලතම සාගරයට වඩා අප සැමට ආදරය කරයි. විශ්වය නිර්මාණය කළේ ඇයයි – දෙවිවරුන් සහ විවිධ ලෝක ඇතුළුව අප වටා අප දකින සියල්ල. ඉතින්, ඇය ඉතා බලවත් දෙවිවරුන් පවා නිර්මාණය කළාද? ඇය වැනි, ඉතා පිරිසිදු හා ශක්තිමත් දේවතාවියක් සතුටින් සිටීමට මත්පැන්, සිගරට්, රුධිරය හෝ ගිනිකෙළි වැනි දේවල් අවශ්‍යද? යමෙකු ඇයට නමස්කාර කළහොත්, ඔවුන්ට රිදෙයිද? ඔබේ හදවතේ […] - [දුර්ගා දේව මෑණියන් ගැන..](https://deviyo.lk/%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b7%8f-%e0%b6%af%e0%b7%9a%e0%b7%80-%e0%b6%b8%e0%b7%91%e0%b6%ab%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1/): දුර්ගා දේවිය යනු පාර්වතී දේවිය හා සම්බන්ධ විශේෂ දෙවඟනකි. ඇය බලවත් දෙවියෙකු වන ශිව දෙවියන්ගේ බිරිඳ ලෙසද සැලකේ. බොහෝ කලකට පෙර, දුර්ගා පෘථිවියට පැමිණියේ මිනිසුන්ගේ වේදනාව, අයහපත් දේ සහ දුප්පත්කම ඉවත් කර ඔවුන්ට උපකාර කිරීමට බව කථා වල සඳහන් වේ. ඇය සැමට උදව් කිරීමට පැමිණි නිසා, ඇය දුර්ගා දේවිය ලෙස හැඳින්වේ. කොටි වාහනාරූඪව විරාජමානව වැඩවාසය කරනු ලබන දුර්ගා දේව මෑණියන්ට අත් දහයකි. ඒ අනුව එම අත් දහයට ආයුධද දහයකි. එනම් කඩුව, තෝමරය, තැටිය, දුන්න, අංකුසය, හෙල්ල, යදම්වැල, ත්‍රිශූලය, කෙටේරිය සහ ජය සංඛය වේ. අතීතයේදී දෙවියන් හා අසුරයන් අතර පැවැති යුද්ධයේදී දැඩි කෝපයට පත්වූ මහේෂ්වරී දෙවඟනගේ හිසෙන් දුර්ගා දේව මෑණියන් මෙලොවට […] - [මහා ලක්ෂ්මී දේව නමස්කාර ගාථා සහ ස්තෝත්‍රය](https://deviyo.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8a%e0%b6%b8%e0%b7%93-%e0%b6%af%e0%b7%9a%e0%b7%80-%e0%b6%b1%e0%b6%b8%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb-%e0%b6%9c/): මහා ලක්ෂ්මී දේවතාවිය ධනය හා සම්පත් වලට අධිපති දෙවියන්. මහා ලක්ෂ්මී දේවතාවියගේ ඇල්ම බැල්ම ලබා ගන්නත් පෝසත් වෙන්නත් ගොඩ දෙනෙක් ලොකුවට වියදම් කරලා යන්තර, තෙල් වගේ දේවල් මිලදී ගන්නවා. ලොකුවට වියදම් නොකර මහා ලක්ෂ්මි දේව බැල්ම පිහිට ලබාගන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි මේ පොස්ට් එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතිපල ලබපු නිසා විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ මගින් ප්‍රතිපල ලැබෙනවා කියල. ලක්ෂ්මි දේවිය වන්දනා කරන ගාථා, ස්ත්‍රෝත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා අතරින් පුරාණ කාලේ ඉදන් පැවතගෙන එන බල සම්පන්න ගාථා 8ක් තමයි මහා ලක්ෂ්මී අෂ්ඨකම් කියන්නේ. ලක්ෂ්මී දේවතාවියගේ බැල්ම බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නව නම් මේ ගාථා තමන්ගේ නිවසේ දිනපතා වාදනය වෙන්න […] - [ධනයට, සෞභාග්‍යයට අධිපති මහා ලක්ෂ්මී දේව මෑණියන්](https://deviyo.lk/%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%9e%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c%e0%b7%8a%e0%b6%ba%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8/): ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාගේ ප්‍රියම්බිකාව වන මහා ලක්ෂ්මි දෙවඟන ධනයට, සෞභාග්‍යයට අධිපතිය. ශ්‍රියා කාන්තාව සිරිකත ශ්‍රී දේවිය වන නම් වලින් හඳුන්වන ඇය ධන ලක්ෂ්මි, ඥාන ලක්ෂ්මි, ශාන්ති ලක්ෂ්මි, ඓශ්වර්ය ලක්ෂ්මි, පුත්‍රලක්ෂ්මි, භගම ලක්ෂ්මි, මහා ලක්ෂ්මි, ශ්‍රියා ලක්ෂ්මි ලෙස අවතාර අටකින් යුක්ත වන අතර බෙලි ගස ඇයට අයිති වෘක්ෂයයි. අනර්ඝ වස්ත්‍රාභරණ වලින් සැරසී රතු නෙළුමක් මත වැඩ සිටිමින් රන් කාසි හෙළන ආකාරය සංකේතවත් කරනු ලැබේ. දේව පුරාණයට අනුව මහා ලක්ෂ්මී මෑණියන්ගේ උත්පත්ති කථාව හින්දු ධර්මයේද කැපී පෙනෙන දේවතාවියක් වන ලක්ෂ්මී දෙවඟන තමාගේ බැතිමතුන්ට ධන ධාන්‍යයෙන් වාසනාව සහ ලැබීම ඇති කරවන බව බලවත් පිළිගැනීමයි. මෙකී දේව මණ්ඩලයේ කිපෙන සුළු චරිතයකින් යුතු දුර්වාස […] - [මහා භද්‍රකාලි මෑණියන් හින්දු දෙවඟනක් ද..?](https://deviyo.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%b7%e0%b6%af%e0%b7%8a%e0%b6%bb%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%92-%e0%b6%b8%e0%b7%91%e0%b6%ab%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%92/): පාර්වතී, උමා, ගිරි උමා, ජාමුණ්‌ඩා, දුර්ගා යන නම් වලින්ද හැඳින්වෙන ඇය ලාංකීය ජන විශ්වාසය අනුව භද්‍ර කාලි, මහාකාලි, පේන කාලි, වඳුරු කාලි, රීරි කාලි, සොහොන්කාලි, ගිනිකාලි වශයෙන් හත් කමිටුවක්‌ ලෙසද හැඳින්වේ.ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ භර්‍යාව වන්නෙද මෙතුමියයි.කාලි මෑණියන්ගේ වාහනය ලෙස සලකන්නේ ව්‍යඝ්‍රයාය.හෙල්ල,කඩුව,දුනු ,ඊතල,ත්‍රිශූලය,නෙළුම් මලක්,යගදාවක්,සංඛයක් වැනි දෑ අත්වල දරා සිටියි.රූමත් බවින් අගතැම්පත් තැනැත්තියක් ලෙස දුර්ගා මාතාව හඳුන්වයි. නම ඇසූ පමණින් හිත ගත සසල කළ හැකි මහා තේජසකින් යුතුව අවුරුදු දහස්‌ ගණනක්‌ මුළුල්ලේ අප්‍රමාණ බැතිමතුන්ගේ දහසකුත් එකක්‌ දුක්‌ දොම්නස්‌ දුරුකර ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකර දීමෙන් ඉමහත් ගෞරව පූජෝපහාරයන්ට බඳුන් වූ මහා භද්‍රකාලි දේව මෑණියන්ට දේව නාමාවලියෙහි හිමිවන්නේ ඉහළම තැනකි. ශ්‍රී විෂ්ණු, කතරගම, සමන්, […] - [මහා භද්‍රකාලී දේව මෑණියන් ගැන](https://deviyo.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%b7%e0%b6%af%e0%b7%8a%e0%b6%bb%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%93-%e0%b6%af%e0%b7%9a%e0%b7%80-%e0%b6%b8%e0%b7%91%e0%b6%ab%e0%b7%92%e0%b6%ba%e0%b6%b1/): මහා කාලි දේවිය යනු ආධි ශක්ති මහා මාතවගේ ප්‍රධාන ඥාන ස්වරූප දහය් වන කාලි , තාරා , ශෝඩෂී , භුවනේශ්වරී , භෛරවී , චින්නමස්තා , ධූමාවතී , බගලාමුඛී , මාතාංගි සහ කමලා යන දශ මහා විද්‍යාවන්ගෙන් පලමු විද්‍යාව ලෙස කාලි ස්වරූපය හැදින්විය හැකිය. මහා කාලි දේවියගේ පහලවීම ගත් කල ඇයගේ පහලවිම පිලිබඳව නිශ්චිතවම කිව නොහැක.හේතුව වන්නේ සමස්ත විශ්වයේම ආරම්භය සහ අවසානය වන්නේද ඇයම බැවිනි. සමස්ත විශ්වයේම කාල චක්‍රයද පාලනය කරන්නේද ඇයමයි. කාලි මතාව යනු සමස්ත විශ්වයේම දිව්‍යමය ආරක්ශිකාවයි. සමස්ත විශ්වයම ඇය තුලින් ආරම්භ වී ඇය තුලින්ම විනාශ වී යයි. ඇයගේ මෙම විනාශකාරි බලයන් නිසාවෙන්ම ඇය අන්ධකාරයේ හා ශුන්‍යයත්වයේ මව ලෙස […] - [පත්තිනි දේව මෑණියන් ගැන..](https://deviyo.lk/%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%92-%e0%b6%af%e0%b7%9a%e0%b7%80-%e0%b6%b8%e0%b7%91%e0%b6%ab%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1/): පත්තිනි උපත දකුණු ඉන්දියාවේ කාවේරි පටුන නගරයේ ධනවත්‌ සිටු පවුලක උපත ලද එකම දියණිය කන්නගී නම්චිය. දෙමාපිය රැකවරණය මැද ජිවත්‌ වූ ඇයට සුදුසු වයසේදී සිටු පවුලක තරුණයෙකු වූ කෞෝබලාන්‌ දෙමාපියන්‌ විසින්‌ විවාහ කර දෙන ලදි. සතුටින්‌ සමගියෙන්‌ යුතුව කල්‌ ගෙවන දෙමහල්ලන්ගේ විවාහ ජීවිතයට කණ කොකා හඬන්නට වූයේ මාධවී නම්‌ ඒ පුර විසූ නගර ශෝභනිය හෘ බැඳීම නිසාය. කාලය කෙමෙන්‌ ගතවෙද්දී කන්නගි අමතක වූ ‘කෝබලාන්ගේ වස්තුව සියල්ල පුරස්ත්‍රිය නිසා විනාශ වී අසරණ බවට පත්‌ විය. සියලු වස්තුව සිඳීගිය පසු කෝබලාන්ට සිය පතිනිය වූ කන්නගි සිහි වී ඇය සොයා ආචවේ ය. කල වැරදි වලට සමාව දුන්‌ කන්නගී තමා සන්තකව තිබූ පාසලඹ ගලවා […] - [සුමන සමන් දේව නමස්කාරය](https://deviyo.lk/%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%b1-%e0%b7%83%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%9a%e0%b7%80-%e0%b6%b1%e0%b6%b8%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba/): සිංහල බෞද්ධ ජනතාවගේ දැඩි ගෞරවයට, වන්දනාවට පත් වුනු දෙවි කෙනෙක්‌ විදිහට සුමන සමන් දෙවියන්ව හඳුන්වන්ට පුළුවනි. සමන් දෙවියන් සමන් බොක්සැල් ,යක්ඛ සුමන,මහා සුමන නමින් හඳුන්වයි. ඔබ සුමනසමන් දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ නම්, අනිවාර්යයෙන් ඔබට ද ආශිර්වාදය ලැබෙනු ඇත. එවිට උන්වහන්සේගේ ඇත් පැටවාටද පින් අනුමෝදන් කරන්න. (ඔබගේ ඇති නියම ශ්‍රද්ධාවට, සීලයට සහ කුසල් බලයට දෙවිවරු ආශිර්වාද කරති. එයද සිතේ තබාගන්න.) විශේෂ ආශිර්වාදයන් සඳහා සුමන සමන් දෙවියන් වන්දනා කල යුතු ආකාරය දිශාව: උතුරු දිශාව දිනය: සඳුදා මල්: සමන්පිච්ච තෙල්: තැඹිලි තෙල් කොළ: බුලත් කොළ වේලාව: 1.00 ත් 1.24 ත් අතර සමන් දෙවියන්ට වන්දනා කොට පිං අනුමෝදන් කරන ගාථා ශුභ්‍ර වර්ණාහි දේවේනදිව්‍යාභරණ භූසිතංකුංජරං […] - [සුමන සමන් දෙවියන්](https://deviyo.lk/%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%b1-%e0%b7%83%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a/): සිංහල බෞද්ධ ජනතාවගේ දැඩි ගෞරවයට, වන්දනාවට පත් වුනු දෙවි කෙනෙක්‌ විදිහට සුමන සමන් දෙවියන්ව හඳුන්වන්ට පුළුවනි.සමන් දෙවියන් සමන් බොක්සැල් ,යක්ඛ සුමන,මහා සුමන නමින් හඳුන්වයි. සමන් දෙවියන්ගේ රූපය දුටු ඕනෑම අයෙකුට එතුමාගේ ශාන්ත විලාසය දකින්න ලැබේ.ධවල වර්ණයෙන් යුත් ශරීරය,ස්වර්ණාභරණයන් හිස පැළදි මැණික් ඔටුන්න තේජස් බවක් පෙන්නුම් කරයි.මේ දෙවියන්ගෙ වාහනය සුදු ඇතෙක්‌. සුදු ඇතාට කියන තවත් නමක්‌ තමයි ඇලි ඇතා.ඉතා දුර්ලබ ඒ වගේම හාස්‌කම් තියෙන හස්‌ති රාජයෙක්‌ විදිහටනෙ මේ ඇලි ඇතා සළකනු ලබයි. ඒ නිසා සමන් දෙවියවන්ගේ ඇලි ඇතා බොහොම තේජවන්ත ඇතෙකු විය යුතුයි. සමන් දෙවියන් සුරතින් සුදු නෙළුම් මලකුත් දරාගෙන සිටියි. එවගේම ඇතාගේ හොඬ වැලෙත් සුදු නෙළුමක්‌ තිබේ. එහෙම නම් ස්‌ථීර […] - [දොළොස් පත්තිනි මෑණිවරුන්](https://deviyo.lk/%e0%b6%af%e0%b7%9c%e0%b7%85%e0%b7%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%92-%e0%b6%b8%e0%b7%91%e0%b6%ab%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a/): දොළොස් පත්තිනි පිළිබඳ අදහස බොහෝ දුරට දක්නට ලැබෙන්නේ පත්තිනි කන්කාරි නමින් හැඳින්වෙන විශේෂ නර්තන උත්සවවල සහ ශ්‍රී ලංකාවේ මිනිසුන් පවසන කථා වල ය. මාස සහ සෘතු වැනි වසරේ කොටස් දොළහට පත්තිනි දේවිය සම්බන්ධ වන ආකාරය එයින් පෙන්නුම් කෙරේ. දොළොස් පත්තිනි වල නම් විවිධ ස්ථානවල තරමක් වෙනස් විය හැකි නමුත් සාමාන්‍යයෙන්, සෑම කෙනෙකුම කතා කරන ප්‍රධාන පත්තිනි දොළහක් ඇත. ​1. ගිනි පත්තිනි ​නිරූපණය: කන්නගී මදුරාපුරය දවා දැමීමට පෙර පතිවතේ බලයෙන් ගින්නක් මැවූ අවස්ථාව නිරූපණය කරයි. දරුණු උණ රෝග සහ ගිනි අනතුරු වලින් ආරක්ෂාව පතා වන්දනා කරනු ලැබේ. බලය: ගින්දරට සහ උෂ්ණත්වයට අධිපති වේ. ​2. දිය පත්තිනි ​නිරූපණය: ජලයෙන් සශ්‍රීකත්වය ලබා දෙන […] - [ඔඩ්ඩි වඬිඟ සිද්ධ සූනියම් ගම්භාර දෙවියන් නමදින ප්‍රබල මල් යහන් කවි මාලාවක්](https://deviyo.lk/%e0%b6%94%e0%b6%a9%e0%b7%8a%e0%b6%a9%e0%b7%92-%e0%b7%80%e0%b6%ac%e0%b7%92%e0%b6%9f-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b7%83%e0%b7%96%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a/): සූනියම්‌ දෙවියන්‌ පිළිබඳ වැදගත්‌ පැරණ කවි පෙළක්වන මෙය පහන්‌ තබා පිහිට පතන්නන්ට ප්‍රයෝජන වන්නකි. මෙයින්‌ කෙබඳු බලයක්‌ ඇද්ද යන්නත්, වෙනත්‌ ස්ත්‍රෝතයකින්, කවියකින්‌,කන්නලව්වකින සඳහන්‌ නොවන කරුණු රැසක්ද අනාවරණය කෙරෙයි. පංචක්‍ෂරයට අධිපති හා යම දේවතා නමින්‌ හැඳින්වෙනුයේ මෙම දෙවියන්‌ බවත්‌ මින්‌ කියවේ. තෙද බල වරම්‌ ලදසක්වල බාර හිමි සඳසමන්‌ කූළු පව්‌ වදකුජලාට සත්‌ මුහුදු වැද ලද විවරණ තෙඳි න්‌මුර බාරවූ නියති න්‌මතූ බුදුවන උතූ න්‌වඳිමි තද සූනියම දෙවිඳු න්‌ එක්‌ ලක්ෂ අට සැටදහසක්‌ දෙවොල්ගන කඩබුද්ධාල බෝ මැඩසදා රකිමින්‌ කරන ලෝ වැඩ සෑම අනවින යටයන්ත්‍ර මන්තුද අඳු නටබැල්ම ලූ හැම විටවඩින්‌ ඔඞ්ඩිස කුමරු මෙම විට තෙද අසුර ඔඩ්ඩි සසදෙවි නා බඹතලය අසදි සනරකය […] - [නුවණට අධිපති ගණ දෙවියන්](https://deviyo.lk/%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%ab%e0%b6%a7-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%9c%e0%b6%ab-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a/): උතුම් ශ‍්‍රී ගණදෙවියන් හින්දු දෙවියන් අතරින් ඉතා ශ්‍රේෂ්ඨ දෙවි කෙනකු වන අතර ”ගණපති” සහ ”විනායක” යන නම් වලින්ද හැඳින්වේ. උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ අනුරූ ඉන්දියාවෙන්, ශ‍්‍රී ලංකාවෙන් සහ නේපාලයෙන් හමු වී ඇත. හින්දු ජනයා ඉතා භක්තියෙන් යුතුව ගණ දෙවියන් නමස්කාර කරන අතර ජෛන සහ බෞද්ධ බැතිමතුන්ද උතුම් ගණදෙවියන්ට නමස්කාර පුද පූජා පවත්වයි. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වනුයේ අලියෙකුගේ හා සමාන හිසෙනි. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ මිනිසුන්ගේ කරදර බාධක ඉවත් කර දෙන දෙවි කෙනකු වන අතර කලාව සහ විද්‍යාවටත් නුවණ සහ ප‍්‍රඥාවටත් අධිපති දෙවියන් වහන්සේ ලෙස සැලකෙයි. බොහෝ පුද පූජා සහ උත්සව ආරම්භ කරනුයේ උතුම් […] - [කාන්තාවන් පසුපස ඇවිත් වින කරන කළුකුමාර දෝෂය](https://deviyo.lk/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%83-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92/): ජාති – ආගම්, කුල – මල, ගම් – නගර භේදයකින් තොරව සෑම තරාතිරමකම ජනතාව මුහුණ දෙන, බියට සහ පීඩාවට ලක්වන අමනුෂ්‍යය දෝෂයකි මෙම කළුකුමාර දෝෂය. ඒ මෙම කළුකුමාර දෝෂය ළමා වයස ගෙවී වැඩිහිටි වියට පැමිණෙන ගැහැනු දරුවන්ට බොහෝ විට ඇති කරනු ලබන බැවිනි. මෙයට ප්‍රධානම හේතුව වන්නේ තරුණ වියට එළැඹෙන ගැහැනු දරුවකු මල්වර වීම නොහොත් වැඩිවියට පත්වන විට නිකුත්වන රුධිරියට කළු යක්ෂයා සේම යකුන්, පෙරේතයන් දැඩි පෙරේතකමක්, කැමැත්තක් දක්වන බැවින්, එම ගන්ධයට වහවැටී ස්ත්‍රීන් කරා ඇදී යන කළුකුමාරයා එම ගන්ධය තමන් ප්‍රිය කරන ප්‍රධාන ආහාර ලෙස ලබා ගනී. කළුදේවතා යක්ෂ කට්ටුවේ ප්‍රධානියා වන්නේ කළුකුමාරයා ලෙස අප නොයෙකුත් අවස්ථාවල අසා ඇති […] - [කඳ සුරිඳුගේ ප්‍රේම රාජිනිය වූ වල්ලිමාතා දෙවඟන](https://deviyo.lk/%e0%b6%9a%e0%b6%b3-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%92%e0%b6%b3%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%b8-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%b1/): කතරගම දෙවියන්ගේ ලාංකේය බිරිය වන්නීය. කුවේණියගේ වැඩිමහල් අක්කා යනුවෙන්ද වැදි ජනයා අතර ප්‍රකටය. කතරගම පුදබිමේ සියඹලා ගසක් දක්නට ඇත. එහි ඇති විශාල බෙනය මුලදී වල්ලී මාතාව ප්‍රථම වරට කතරගම දෙවියන්ට හමුවී යැයි එක්තරා පුවතකි. තවත් පුවතක් වන්නේ මැණික් ගඟ අසබඩ එක්තරාගල් ගුහාවකදී හමුවූ බවකි. අදත් සෙල්ල කතරගම මැණික් ගඟ යාබද එම ගුහාව ඇත්තේ වල්ලිමාතා දේවාලයත් සමඟමය. කඳ කුමරු ඇය සොයාගෙන එන්නට අදහසක් වූයේ වැදි පරපුරේ සිටින ඉතාම රූමත් කාන්තාවක් නිසා යැයි තවත් පුවතකි. කතරගම ඇසළ පෙරහර මහ දේවාලයේ සිට ගමන් කරන්නේද වල්ලිඅම්මා දෙවොලටය. පෙරහර පවත්වන දින 15 දීම රාත්‍රියේ කතරගම දෙවියන්ගේ ආභරණ කරඬුවේ සඟවා ඇතුපිට වඩම්මාගෙන කපුරාළ එය දෑතට ගන්නා […] - [ස්කන්ධ කුමාර දෙවියන්ගේ උප්පත්ති කතාව](https://deviyo.lk/%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%8b/): ස්කන්ධ කුමාර දේව පුරාණය’ කතරගම දෙවිඳුන්ගේ උපත විචිත්‍රවත් කරන කතා පුවතකි. හින්දු දේව පුරාණයේ සඳහන් අයුරින් ස්කන්ධ කුමරුගේ උත්පත්තිය සිදුව ඇත්තේ දෙවියන්ට මෙන්ම නරයන්ටද සිදුවූ ව්‍යසනයකින් බේරා ගැනීම සඳහාය. හින්දු දේව පුරාණය අනුව ‘මුරුගන්’ හෙවත් ‘මුරුකන්’ යනු ඊශ්වර, විෂ්ණු, මහා බ්‍රහ්ම යන ත්‍රිමූර්තියේ ශක්තිය වේ. මුරුගන් යන ප්‍රකට නාමයෙන් හින්දුන් ස්කන්ධ දෙවියන්ව හඳුන්වනු ලබන්නේ එම ත්‍රිමූර්තිය මුල්කර ගෙන යැයි පැවසේ එය මෙසේය. “මූ” යනු මුගුන්දන් වේ. ‘මුගුන්දන්’ යනු විෂ්ණු දෙවියන් හඳුන්වනු ලබන එක් නාමයකි. කතරගම දෙවියන් විෂ්ණු දෙවියන්ගේ එක් ස්වරූපයක් බව වෛශ්‍රව එනම් විෂ්ණු දෙවියන් අදහන හින්දු ජනයා පවසති. “රු” යනු රුද්‍රන් වේ. ‘රුද්‍රන්’ යනු ඊශ්වර දෙවිඳුන්ගේ එක් ස්වරූපයකි. රුද්‍රංශය […] - [ශිව (ඊශ්වර) දේව නමස්කාරය (දේව ස්තෝත්‍ර සහ මන්ත්‍ර සමඟින්)](https://deviyo.lk/%e0%b7%81%e0%b7%92%e0%b7%80-%e0%b6%8a%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b6%bb-%e0%b6%af%e0%b7%9a%e0%b7%80-%e0%b6%b1%e0%b6%b8%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba-%e0%b6%af%e0%b7%9a/): මේ ලොව ජීවත් වන සෑම දෙනාටම යම් යම් කරදර ගැටලු ඇතිවීම ස්වභාවිකය. නමුත් එසේ තමාට ගැටලුවක්, කරදරයක් සිදුවූ කල දෙවියන්ට භාරහාර වීම, පුද පූජා පැවැත්වීම, පිහිට පතා නොයෙක් දේවල් කිරීම මිනිස් ගතියකි. යම් අයකුට දෙමාපියන්, සහෝදරයන්, නෑදෑයන්, දෙවියන් සිහි වන්නේ යම් කරදරයක් වූ විටයි. එවැනි අවස්ථාවල බොහෝ දෙනා දෙවියන්ගෙන් පිහිට හා ආරක්‍ෂාව අපේක්‍ෂා කරති. අප කථාකරන ඊශ්වර දෙවියෝ යනු හින්දු සාහිත්‍යයට අනුව ලොව මැවුම්කරු හා විනාශ කරන්නාය. විෂ්ණු දෙවිඳු යනු ලොව පවත්වාගෙන යන පාලකයාය. බ්‍රහ්ම, විෂ්ණු, ශිව හෙවත් ඊශ්වර දෙවිඳුන් ත්‍රිමුර්තිය ලෙස හඳුන්වති. අප ගුප්ත විද්‍යාවේදී භාවිතා කරන මන්ත්‍ර තුල ˝ඕම්” ලෙස භාවිතා කරන්නේ ත්‍රිමුර්තියයි. ඊශ්වර දෙවියන් යනු යන්ත්‍ර මන්ත්‍ර […] - [විෂ්ණු දේව ප්‍රසාදය සහ ආරක්‍ෂාව ලැබෙන මන්ත්‍රයක්](https://deviyo.lk/%e0%b7%80%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%ab%e0%b7%94-%e0%b6%af%e0%b7%9a%e0%b7%80-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%86%e0%b6%bb/): මන්ත්‍රය: ඕං හ්‍රීං ඉන්ද්‍රගුරු නාරායනේ ත්‍රීවේරු නෛයිර්ජර් කොරඩුම් දස අවතාර ධාරින ශ්‍රී නාරායන ස්වාමියාණෝ ශ්‍රී විෂ්ණු දිෂ්ටි දිෂ්ටි නමෝ නමඃ ඕං චන්ද්‍ර ගුරු නාරායනේ කෛයිර ශ්‍රී වේරුම් පුර වන්දනානේ ඉක් ක්‍රී කඩයුම් ශ්‍රී විෂ්ණු නාරායනේ දිෂ්ටි දිෂ්ටි මහා නාරායන දේව ස්වාමියාණෝ නමෝ නමඃ ඕං හ්රාං හ්රාං ශ්‍රී විෂ්ණු දිෂ්ටි දිෂ්ටි හරි මුරිංචි අලංචි අහාලුම් ඉගුලුම් මහා බල කුමාර ධරනේ භාන්දු කේ භාන්දු ශ්‍රී විෂ්ණු දස අවතාර හුම් එම් නමඃ ඕං හ්රීං අමරගිරිරාම තපෝර ශ්‍රී විෂ්ණු නාරසිංහ දේව ස්වාමියානේ දිෂ්ටි දිෂ්ටි වෛයි කුණප්ප්‍රසාද නෛයිකල බල පරාක්‍රම දාමෝදරා දිෂ්ටි දිෂ්ටි නමඃ ඕං හ්රීං ස්වස්ථි කහගන්ධාදී පරාක්‍රම විකාරි ශ්‍රී හනුමාඥාපති ශ්‍රී විෂ්ණු රාමාවතාර […] - [විෂ්ණු දෙවියන් බෞද්ධ වුණේ කොහොමද?](https://deviyo.lk/%e0%b7%80%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%ab%e0%b7%94-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b7%80%e0%b7%94%e0%b6%ab/): සිරිලක බුදු සසුන සුරකින දෙවිඳුන් කවුරුන් ද යනුවෙන් නැගෙන පැනයකට පැහැදිලි පිළිතුරක් තිබේ. එනම් විෂ්ණු දෙවියන් යන්න ය. බෞද්ධ සූත්‍ර පිටකයේ හරය අනුව භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස විසින් භාර ගත යුතු බුදු සසුනේ ආරක්ෂාව දෙවි කෙනෙකුන් හට භාර කිරීම අපගේ දේශීය ජන සම්ප්‍රදායේ පමණක් සඳහන් වන්නකි. ත්‍රිපිටක සාහිත්‍යයේ කිසිම තැනක සඳහන් නොවන දෙවි කෙනෙකුන් විසින් ලක්දිව බුදු සසුනේ පැවැත්ම භාර ගැනීම පිළිබඳ කතා ප්‍රවෘත්තිය මුල් වරට සඳහන් වනුයේ ලක්දිව පළමු ඉතිහාස මූලාශ්‍රය වන දීපවංශයේ ය. එහි එකොළොස් වන පරිච්ඡේදයේ සඳහන් එම පුවත ඊට පසු කලෙක ලියන ලද මහාවංශයේ හත්වන පරිච්ඡේදයේපස්වන ගාථා පාඨයෙන් ද තහවුරු වෙයි. අපගේ වංශ […] - [ශ්‍රී විෂ්ණු දෙවියන්..](https://deviyo.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b7%80%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%ab%e0%b7%94-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a/): ශ්‍රී ලංකාව සහ සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම පිළිබඳව ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ විෂ්ණු දෙවියන්ටය. එමෙන්ම නවග්‍රහ මණ්ඩලයේ අධිපතියා වන්නේද චිෂ්ණු දෙවිදුන්ය. ලංකාවේ විෂ්ණු දෙවියන්ගේ මූලස්ථානය මාතර – දෙවුන්දර පිහිටා ඇති අතර ශ්‍රී ලංකාවේ විහාරස්ථාන 907 පමණ මෙතුමා වෙනුවෙන්‌ කැප කළ දේවාල ඇත්තේ ය. නීල වර්ණ ශරීරයක්‌ හිමි එතුමාගේ වාහනය ගුරැලාය. ප්‍රධාන ආයුධය චක්‍රායුධය වේ. මෙතුමා ලෝකයට අවතාර දහයකින්‌ පහළ වී ඇත්තේ ය. එය මෙසේ ය. 1. මත්ස්‍යයාවතාරය මුහුද ගොඩ ගැලූ විටෙක අතිදැවැන්ත මාළුවකුගේ වේෂය මවාගෙන අනතුරුව මහත් බල සම්පන්න නෞකාවක්‌ මවා මනු සහසාමාජිකයන්ද සප්ත මහා සෘෂිහුද බේරාගෙන තිබේ. 2. කුර්මාවතාරය ජල ගැල්මේදී නැති වූ අමෘතය මහා සාගරයේ ගිලෙමින් විශ්ව සවිය පෙන්වා ඇත. 3. වරාහාවතාරය පොළව සමුදුර මත හෙළන්නට හැදූ හිරන්යාක්‍ෂ බලවත් අසුරයා මරන්නට සූකර (ඌරු) අවතාරයක්‌ ගෙන දළෙන් ඇන මරා දැමූ අවතාරය මෙයවේ. 4. නරසිංහාවතාරයසවස්‌කල මිනිස්‌ රූපය සිරුරේ අඩක ද සිංහ රූපය සිරුරේ අඩකද මවා ගනිමින් ලොවට විණ කරන්නා වූ හිරත්‍යකෂිසු නම් අසුරයා දමනය කිරීමට ඔහුගේ පුත් “ප්‍රහ්ලාද” කළ […] - [ලෝකය මැවූ මහා බ්‍රහ්මයා පව්කාරයෙකු වුණේ කොහොමද?](https://deviyo.lk/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba-%e0%b6%b8%e0%b7%90%e0%b7%80%e0%b7%96-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8a%e0%b6%b8%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b4/): මිනිසා විසින් විදින්නා වූ දුක්ඛදායක දේ මෙන්ම සැපදායක දේ හෝ ප්‍රීතිදායක, මධ්‍ය්ස්ථාදායක වින්දනයට හේතුව මැවුම්කාරයා වන ඊශ්වර විසින් (මැවුම්කරු විසින්) මවා ඇති ආකාරයෙනි. එනම්, මිනිසා වනාහි දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඔහුගේ අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් වෙයි. අපගේ ඉරණම, වාසනාව රැදී ඇත්තේ දෙවියන් වහන්සේය. මිනිසාගේ දෛවය ඔහු විසින් කල් ඇතිව තීරණය කර ඇත්තේය. මිනිසාට නිදහසේ හිතන්නට හා ක්‍රියාකරන්නට අවසර දී ඇත්තේය. ඒ මහා බ්‍රහ්මයා (මැවුම්කරු) වෙනුවෙන් සිය අනුගාමිකයන්ට පොවන්නට පත අට එකට සිද පෙරා ඇති සුමිහිරි කෂායයි. බොන්න බොන්න ඇබ්බැහි වන මේ ක්ෂාය තුළ ඇබ්බැහි කාරකයක් පවතී. ඒ ඇබ්බැහිකාරකය මිනිසා නැමති තෘෂ්ණාවේ, ලෝභයේ, ද්වේශයේ ගැලෙන තම සත්වයාට තම ආත්ම පීඩාව මදකට හෝ සමනය කරගන්නට […] - [මහා බ්‍රහ්මයාගේ උත්පත්ති කථාව](https://deviyo.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8a%e0%b6%b8%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%8b%e0%b6%ad%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92/): මහණෙනි, විකසිත වන ලෝකයේ එනම්, විවට්ඨමාන යුගයේ ආරම්භයේදී ප්‍රථමයෙන් පහළ වූ ජීවියාගේ සිතෙහි මෙවන් අදහසක් පහළ විය. මම මහා බ්‍රහ්මයා වෙමි. සියල්ල දිනූ, සියල්ල දත්, දකින, සියල්ල නිර්මාණය කරන කතෘ වූ නිර්මාතෘ වූ සියල්ල යටතේ තබාගෙන ඒ ඒ දේ ඒ ඒ තැනට යොදන උපන් හා උපදින්නට සිටින සියලු දෙනාගේ පියා වන මහා බ්‍රහ්මයා මම වෙමි. මේ සියලු දෙනා මම මැවීමි. ඒ කෙසේද යත්, මොහොතකට පෙර මෙහි තවත් සත්ත්වයින් පහළ වන්නේ නම් මැනවැයි මම සිතුවෙමි. ඒ මාගේ අපේක්ෂාව, අධිෂ්ඨානය විය. එම අපේක්ෂාව පරිදි මේ සත්ත්වයෝ ප්‍රාදුර්භූත වූහ. බ්‍රහ්මයාට පසුව උපන් සත්වයෝ ද මෙසේ සිතූහ. මේ තැනැත්තා, බ්‍රහ්මයා විය යුතුය. සියල්ල දිනූ, […] - [තුන් ලොවටම අධිපති ශක්‍ර දෙවියන්](https://deviyo.lk/%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b6%a7%e0%b6%b8-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%81%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb-%e0%b6%af/): අතීත සසර තුළ කර ඇති පිං ප්‍රමාණය මත දෙවියන් හීන, මධ්‍ය, ප්‍රනීත ලෙස කොටස් තුනකට වර්ග වේ. ඒ අනුව ශක්‍රයා ප්‍රනීත දෙවි ගණයට අයත් වේ. එසේ වන්නේ සක් දෙවිඳු අතීත සසරේ අසාමාන්‍ය ලෙස බොහෝ දාන, ශීල, භාවනා යන පුණ්‍ය ක්‍රියා කළ අයකු වීම නිසාය. ප්‍රනීත දෙවිවරයෙක් වන ශක්‍රයාගේ ශරීරය වටා විශාල රශ්මි මාලාවක් හෙවත් අන් කිසිදු දෙවියකුට නොමැති විශාල ආලෝකයක් පවතී. එපමණක් නොව සක්දෙවියන්ගේ අණට දෙවියන් මෙන්ම බ්‍රහ්මයන් ද යටත් වේ. චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය හා පරනිම්මිත වසවර්තිය යන දිව්‍ය ලෝක හයට සක්දෙවිඳු අධිපතිත්වය දැරුව ද ශක්‍ර දේවේන්ද්‍රයන් වැඩ වාසය කරන්නේ චාතූම්මහාරාජිකය හා තාවතිංසය යන දිව්‍යලෝක දෙක තුළ පමණි. […] - [සෙනසුරු අපල දුරුකරන, සෙත් වඩන පිළියම්](https://deviyo.lk/%e0%b7%83%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b6%bd-%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b7%83%e0%b7%99%e0%b6%ad%e0%b7%8a/): සෙනසුරු යනු දුකට අධිපති ග්‍රහයා ලෙස ඡ්‍යොතිෂයේ හඳුන්වයි. පෙර භවයේ කරන ලද පින් සහ පව් මේ දශාව ලැබූ විට අත්කර දෙනු ඇත. හැමෝටම හොඳක් නැති, හැමෝටම නරකත් නැති සෙනසුරු ග්‍රහයා මේෂ රාශියේදී නීච වන අතර තුලා රාශියේදී උච්ච වෙයි. මකර, කුම්භ වන තමන්ගේ රාශි දෙකේහි ස්වක්ෂේත්‍රවත් බුධ හා සිකුරු සමඟ මිත්‍රවත් කටයුතු කරයි. වැඩකරන ජනතාව නියෝජනය කරන අතර නුග වෘක්ෂය තම වාසස්ථානය ලෙස ද කපුටා වාහනය ලෙසද භාවිත කරයි. සෙනසුරු ග්‍රහයාගේ වාහනය වූ කපුටාට ආහාරපාන දීමත් නුග වෘක්ෂයට දිනපතා සාත්තු කිරීමත්, ගස ස්පර්ශ කිරීමත් සිදුකිරීම, සිල් සමාදන් වූ අයට ඖෂධීය පාන වර්ග පූජා කිරීම ආදිය මඟින් සෙනසුරු ග්‍රහයාගේ ආශිර්වාදය ලබා […] - [ග්‍රහ අපල දූරුකරන සරල පිළිවෙත් කිහිපයක්](https://deviyo.lk/%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84-%e0%b6%85%e0%b6%b4%e0%b6%bd-%e0%b6%af%e0%b7%96%e0%b6%bb%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b7%83%e0%b6%bb%e0%b6%bd-%e0%b6%b4%e0%b7%92%e0%b7%85/): රවිට ඊශ්වර, කතරගම, දෙවියන්ට සෙත් කවි කීම, දේව පූජාවන් පැවැත්වීම, රතු මල් පූජා කිරීම, දෙවියන්ට බාරවීම, කිරි ගවයින්ට ආහාරදීම සහ සාත්තු කිරීම, ඉඹුල් පැලයක් නිවෙසට නැඟෙනහිර දිශාවේ සිටුවා සාත්තු කිරීම, දිනපතා බෝධි පූජා පැවැත්වීම යහපත් ප්‍රතිඵල ගෙනදේය. සඳුට සමන් දෙවියන්ට, පත්තිනි මෑණියන්ට සෙත් කවි කීම, බාරහාර වීම, ගජ ඇතුන්ට ආහාරදීම, සාත්තු කිරීම කරන්න, දුප්පතුන්ට සුදු රෙදි පරිත්‍යාග කරන්න. කහ මල් , සුදුමල් පූජා කරන්න. දිවුල් පැලයක් නිවෙසට වයඹ දිශාවේ සිටුවා සාත්තු කිරීම බෝධි පූජාවන් තැබීම ගුණ ගෙනදේය. කුජට කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම, බාරහාර වීම, සෙත් කවි කීම, මොනරුන්ට ආහාරදීම, ළමා නිවාසයකට ආහාර ලබාදීම, කොළොන් පැළයක් නිවෙසේ දකුණු දිශාවේ සිටුවා […] - [ඔබේ කේන්දරයෙත් සැගවුණු රාජයෝගයක් තිබේද..?](https://deviyo.lk/%e0%b6%94%e0%b6%b6%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%90%e0%b6%9c%e0%b7%80%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%bb/): ඕනෑම ජන්මියකුගේ කේන්දරයක ග්‍රහයෝග දක්නට ලැබේ. මේ අතරින් කලාතුරකින් යම් ජන්මියකුගේ කේන්දරයක විශේෂ රාජ යෝග පිහිටා ඇති අන්දම දක්නට ලැබේ. මේ කාල සීමාවේද රාජ යෝග පිළිබඳ වැඩි වශයෙන් කතා බහට බඳුන් වන ආකාරය ද දක්නට ඇත. එනිසා රාජයෝග පිළිබඳ වැඩිදුරටත් විමර්ශනාත්මක විග්‍රහයක යෙදීම මේ ලිපියේ අරමුණ වෙයි. විශේෂයෙන්ම රාජ යෝගයක් යෙදුණු විට ජන්මියාගේ වැදගත් බව පුද්ගල පෞරුෂය නිතැතින්ම ඉහළ නැංවේ. මේ රාජ යෝගවල තත්ත්වය එකී ජන්මියාගේ විවිධ ග්‍රහචාරයන් මත රදා පවතින බව කිව යුතුය. ජන්මියකුට තම සාර්ථකත්වය උපරිමයෙන් ලැබීම සඳහා රාජ යෝගයන්හි බලපෑම ඉවහල් වෙයි. එනිසා රාජ යෝග පිළිබඳ හඳුනාගැනීම වැදගත් වෙයි. කේන්ද්‍ර ස්ථාන හා ත්‍රිකෝණ ස්ථාන මඟින් පැන නඟින […] - [ආවාට ගියාට මැණික් පලදින්න එපා..!](https://deviyo.lk/%e0%b6%86%e0%b7%80%e0%b7%8f%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a7-%e0%b6%b8%e0%b7%90%e0%b6%ab%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bd%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/): මැණික් අලංකාරයට වඩා වැඩි යමක් ලෙස ඔබගේ ශක්තිය වැඩි දියුණු කිරීමට, ඔබේ දුර්වලතා සමතුලිත කිරීමට සහ අසුබ ග්‍රහ බලපෑම් අවම කිරීමට මෙන්ම ධනාත්මක ශක්ති කම්පන රැගෙන ඒමට උපකාරී වෙයි. ඔබගේ ලග්නාධිපතියා අනුව ඔබට ගැළපෙන මැණික් ගල් විවිධය. නිවැරදි මැණික පැලදීමෙන් පැහැදිලි මනස, විශ්වාසය, සන්සුන් භාවය හා සමෘද්ධිය ලබා ගත හැකි වන අතර අපලවලින් මිදීමට ද යහපත්ය. මේෂ – රතු කොරල් (Red coral) කුජ ග්‍රහයා විසින් පාලනය කරන මේෂ ලග්න හිමියන්ට රතු කොරල්වලින් ප්‍රතිලාභ ලැබෙයි. එමඟින් ධෛර්යය, විශ්වාසය සහ ජීව ශක්තිය වැඩි කරන බවට සැලකේ. එමඟින් ආවේගශීලී හැසිරීම් සන්සුන් කරන අතර තීරණ ගැනීමට ද සහාය වේ. වෘෂභ – මරකත / පච්චරාග […] - [(අව) ජාතක බුද්ධිමතා.. (බුධ දෙවි)](https://deviyo.lk/%e0%b6%85%e0%b7%80-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b6%9a-%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92%e0%b6%b8%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b6%e0%b7%94%e0%b6%b0-%e0%b6%af%e0%b7%99%e0%b7%80/): බුධ දෙවියන් ගැන තරමක් විවාදාත්මක විය හැක කතාවක් හින්දු සාහිත්‍ය යේ හමුවේ. මෙය හුදු දැනගැනීම සදහා පමනක් වෙන අතර කිසිවක් කිසිවෙකු අපහසුතාවයට පත් කිරීම සදහා වත් යමක් උලුප්පා දැක්වීමට වත් නොවේ. කතාව ආරම්භ වන්නේ බ්‍රහස්පතිගෙ බිරිදගෙන් හා චන්ද්‍ර දෙවියන්ගෙනි. චන්ද්‍ර දෙවියන්ට එක්තරා යාගයක් බ්‍රහස්පති ගේ මූලිකත් වයෙන් සිදු කර ගැනීමට අවශ්‍ය විය. එහෙත් මේ වන විට සුර අසුර යුද්ධය නිසා කාර්‍ය බහුල වී සිටි බ්‍රහස්පතී දෙවියන් ට ඊට සහබාගි වීමට අපහසු බව චන්ද්‍ර දෙවියන්ට දන්වා සිටින සිටියේය. නමුත් කාරුනික සිත් ඇති බ්‍රහස්පති තමා නොමැති වුවද ඒ යාගය තම බිරිද වන තාරා දේවිය මාර්ගයෙන් සිදු කර ගත හැකි බව චන්ද්‍ර දෙවියන්ට […] - [කඳ සුරිඳුගේ මූල මන්ත්‍රයේ ශක්තිය ගැන විද්‍යාත්මක අනාවරණයක්](https://deviyo.lk/%e0%b6%9a%e0%b6%b3-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%92%e0%b6%b3%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b7%96%e0%b6%bd-%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b6%ba/): “ඕම් සරවණභවාය නමඃ” මන්ත්‍රය පිළිබඳවගැඹුරු විශ්ලේෂණයක්. මෙම විශ්ලේෂණයේ දී මන්ත්‍රයේ ව්‍යුහය, එහි අර්ථය, උපයෝගීතාව සහ ශක්ති හැසිරවීම් ක්‍රියාවලිය විද්‍යාත්මක හා අධ්‍යාත්මික පදනමකින් විස්තර කර ඇත. ඕම් සරවණභවාය නමඃ 1. හැඳින්වීම සහ මන්ත්‍රයේ ව්‍යුහය “ඕම් සරවණභවාය නමඃ” යනු හින්දු ආගමේ, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ ප්‍රකට මන්ත්‍රයකි. මෙය ස්කන්ධ, කාර්තිකේය හෙවත් මුරුගන් දෙවියන් වහන්සේට කරන ලද ප්‍රණාමයකි. මුරුගන් දෙවියන් යනු ශිව සහ පාර්වතී දෙවිවරුන්ගේ පුත්‍රයා වන අතර, ප්‍රඥාව, යුද ශක්තිය සහ ධර්මිෂ්ඨකම ආරක්ෂා කරන දිව්‍යමය සේනාපතිවරයා ලෙසින් සැලකේ. මන්ත්‍රය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ. පළමුව, ඕම් යනු විශ්වයේ ප්‍රාථමික ශබ්දය හෙවත් ප්‍රණවය වන අතර, එය අසීමිත, විශ්වීය විඥානය නියෝජනය කරයි. දෙවනුව, සරවණභවාය යන්නෙහි වචනාර්ථය වන්නේ “සරවණ” නම් වූ පූජනීය බට ලැහැබකින් උපන් තැනැත්තාට යන්නයි. මෙම කොටස මුරුගන් දෙවියන්ගේ දිව්‍යමය සම්භවය […] - [සුනියම් දෙවියන්ගේ දේව ආශිවාර්දය ලැබීමට නම්..](https://deviyo.lk/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b7%80-%e0%b6%86%e0%b7%81/): දෙවියන්ගේ පිහිට ලබාගෙන ගෙදර දොර දියුණුව සතුරු කරදර හා අමනුෂ්‍ය දෝෂ අනවින ආදී නොයෙක්‌ දෝෂ දුරු කරගැනීමට බොහෝදෙනා බලාපොරොත්තුවේ. එහෙත්‌ විෂ්ණු කතරගම සමන්‌ විභීෂණ වැනි දෙවිවරුන්ට පුද පූජා සත්කාර පවත්වා පින්‌ අනුමෝදන්‌ කිරීමෙන්‌ ක්ෂණික ප්‍රතිඵල නොලැබේ. දේව රැකවරණය ලැබේ. එහෙත්‌ ක්ෂණිකව ප්‍රතිඵල ලැබෙන දේවත්වයෙන්‌ පුද දෙන ගම්භාර සූනියම්‌ දේවතාවා හරිහැටි පුද සත්කාර දීමෙන්‌ නිවසටම පැමිණේ. සූනියම්‌ දෙවියන්‌ දේවත්වයෙන්‌ ඇදහුවද මන්ත්‍ර ශාස්ත්‍රයේදී ඔඩ්ඩ්‌ මස්සිනා යැයි කියා ආමන්ත්‍රණය කරන්නේ ඉක්මනින්ම අවශ්‍ය ස්ථානයට ළඟාවන නිසාය. සූනියම්‌ අවතාරයක්‌ ලෙස රාත්‍රියේ දිස්වේ. සුදු ඇඳගත්‌ උස අයෙක්‌ රාත්‍රියේදී දැකගන්නට හැකිවන්නේ නියමාකාරව පුද සත්කාර කිරීමෙනි. සූනියම්‌ දෙවියන්ට පහන්‌ තබනවා නම්‌ ගෙයින්‌ පිට පහන්‌ කණුවක්‌ සාදාගෙන වතාවත්‌ කළයුතු […] - [ඔබටත් සිහිනෙන් දෙවිවරු පෙනෙනවාද?](https://deviyo.lk/%e0%b6%94%e0%b6%b6%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94-%e0%b6%b4/): ඔබ දන්නවාද දෙවියන් සැමට වඩා සිහිනයෙන් පෙනී සිටින්නේ දෙවියන්ට යහපත් මනසින්, දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයකින්, සත්යය භක්තියකින්, ගෞරවයකින් යුතුව පුද පූජාවන් හා වන්දනාවන් කරනා බැතිමතුන්ටයි. යම් දෙවියකු වෙනුවෙන් අපේ ගෞරවය, භක්තිය, විශ්වාසය අධික නම්, ඔබට වැඩි වශයෙන් එම දෙවියන්ගේ පිහිට ආධාර ලැබෙනා බව පිළිගන්නේ නම්, තමන් එම දෙවියන්ගේ සැබෑ බැතිමතකු ලෙස පිළිගන්නේ නම්, එවැනි බැතිමතුනට එම දෙවියන් සිහිනයෙන් දර්ශනය වීම කාලයකදී එක් වරක් හෝ කිහිපවාරයක් හෝ දිවි ඇතිතෙක් වරින් වර සිදු වනු ඇති. ඔබේ මනසේ පවතින ශුද්ධභාවය හා ශාන්තභාවය මත දෙවියන් සිහිනයෙන් දර්ශනය වන වාර ගණන අඩු-වැඩි වනු ඇත. මන්ද අන්යයන්ට වඩා දේව භක්තිය සමඟම තැන්පත් වූ මානසික තත්ත්වයක් පවත්වාගෙන […] - [අදුනක් නිවැරදිව සාදාගෙන ජීවම් කර බලන ආකාරය (මුල් සිට අගට)](https://deviyo.lk/%e0%b6%85%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%90%e0%b6%bb%e0%b6%af%e0%b7%92%e0%b7%80-%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b7%99%e0%b6%b1/): අඳුන් වර්ග බොහෝමයක් ඇත. දේව අඳුන්, යක්ෂ අඳුන්, ප්‍රේත අඳුන්, පාතාල අඳුන්, කරුවළ අඳුන් සහ වෙනත් අමනුෂ්‍ය බලපෑම් මත ක්‍රියාත්මක වන්නා වූ අඳුන් ශාස්ත්‍රය තුළ ගැබ් ව ඇත. එයින් බෙහෙත්, තෙල්, ශාක, සත්ත්ව කොටස් ගෙන සකසා ගන්නා අඳුන් බොහොමයක් ඇත. ඇසේ ගා බලන නේත්‍රා අඳුන්, පීරිසියේ ගා බලන අඳුන්, හෙප්පුවේ ගා බලන අඳුන්, ජල බඳුනෙන් බලන, පහනෙන් බලන අඳුන්, තැඹිලි ගෙඩියෙන් බලන අඳුන්, නියපිට ගා බලන අඳුන්, තඹ පත්හිරු තුළින් බලන අඳුන් අතුළුව නොයෙක් ලෙස අඳුන් බැලීම සිදු කරයි. මේ කුමන ආකාරයෙන් අඳුන් බලනු ලැබුවද එය ක්‍රියාත්මක වනුයේ අදාළ ඖෂධ, නැකැත් හා ඊට අදාළ මන්ත්‍ර බල සහ එයට පැමිණෙන්නා වූ […] - [වසර 18ක් පුරා පවතින රාහු අපලයෙන් මිදීමට ප්‍රතිකර්ම](https://deviyo.lk/%e0%b7%80%e0%b7%83%e0%b6%bb-18%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f-%e0%b6%b4%e0%b7%80%e0%b6%ad%e0%b7%92%e0%b6%b1-%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b6%bd/): බොහෝ දෙනෙක් රාහුගෙ අපලය නිසා පිඩා විදියි. වසර 18 පවතින රාහු මහ දසාව කෙනෙකුට සුබ මෙන්ම අසුබ පලත් ගෙනදේ. ඇතැමුන් බිය වී රාහු දසාව සමඟ ගෙවී යන කාලය නරක කාලයක් ලෙස සැලකුවද නිසි වත් පිළිවෙත් සහ ප්‍රතිකර්ම කළහොත් එය අපල කාලයක් නොව වඩාත් සුභ කාලයක් උදාකර ගත හැකිවනු ඇත. රාහු ස්වරූපය දක්වා ඇත්තේ නයි පෙනයක් සහිත හිසක් ඇති අත් පා දිග පුද්ගලයෙකු ලෙසය.ගමන වේගවත් අසෙකු පිටයි. උස සිහින් සිරුරැති වෙිගවත් අසෙකු පිට දුවිලි නංවා ගමනේ යෙදෙන අසරුවෙකු සිහියට නගා ගතහොත් එම රූපය මතින්ම රාහුගේ කටයුතු පිලිබදව අදහසක් සිත තුල ඇති වනු ඇත. වේගවත් අසෙකු පිට යෙදෙන්නාගේ කටයුතුද වේගවත්ය. නාග හිස […] - [වරය හා වරම හදුනාගනිමු](https://deviyo.lk/%e0%b7%80%e0%b6%bb%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b7%80%e0%b6%bb%e0%b6%b8-%e0%b7%84%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b7%94/): හැමෝටම තියන ගැටලුවක් තමා වරය හා වරම හදුනා ගැනීම පිළිබද ගැටලුව මුලින්ම මේ වර කියන වචනයෙ අර්ථය බලමු. වරය වර යන වචනයහි අර්ථය බලන විට ලැබීම/ අවසරය / කැමැත්ත / ඉඩ ප්‍රස්ථාව / අනුමැතිය / ආශිර්වාද ය යන අරුත් ලැබේ. වරයක් ලබා ගැනීම ඉතා අසීරුය ඒවා ලැබීමට පෙර පිං හා තපස් බල තිබිය යුතුය දෙවියන් ඍෂිවරු මුනිවරු අසුරයන් වසර ගනනාවක් තපස් රැක වර ලැබූ පුවත් වේද පුරාණයන් හි සදහන් වේ වරයක් ලැබෙන විට එය නිෂේධනය වන කාරණාද ඇත අධර්මය අහංකාරය මානය අතපසු වීම සීමාව ඉක්මවීම වැනි කරුණු නිසා එම වරදාන අහෝසි වේ අසුරයන් දෙවියන් ගෙන් ලැබූ වරයන් නිසා ලෝකය විනාශ […] - [බූමාටු දෙවිවරු කියන්නේ කවුද ?](https://deviyo.lk/%e0%b6%b6%e0%b7%96%e0%b6%b8%e0%b7%8f%e0%b6%a7%e0%b7%94-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9a/): ​දෙවිවරු සහ දේවලෝක තමන්ට රැකවල් සලසන දෙවි පිරිසක් වෙතැයි මිනිස්සු සිතති. එයින් එක් පිරිසක් වන්නේ බූමාටු දෙවියන්ය. භූමාටු දෙවිවරුන් යනු කවුද? සසරින් එතෙරවීම සඳහා දෙවිවරුන් ගෙන් අපට පිහිටක් ලැබේද? මේ පිළිබඳ කතා කිරීම සඳහා අපි පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මොරගොල්ලාගම උපරතන හිමියන් සම්බන්ධ කර ගත්තෙමු.    දේව සංකල්පයේ ආරම්භය කෙසේ වීද? පිළිබඳ කතා කළොත්…    දේව සංකල්පය ඇතිවූවේ මිනිස් සමාජයේයි. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතියෙන් ශික්ෂණය ලැබූ මිනිසුන් තරම් නොවෙතත් දෙවියන් උසස් කොට සලකන ලද තවත් සත්ව කොට්ඨාසයක් හිටියා. ඔවුන් යමෙකු කරන පින පව අනුව උත්පත්තීන් සිදුවන බව විශ්වාස කළා. මේ පිළිබඳව මජ්ජිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයේ විස්තර කර […] - [දෙවිවරුන්ගේ නොහොබිනා වැඩ](https://deviyo.lk/%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b1%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b7%8f-%e0%b7%80%e0%b7%90%e0%b6%a9/): දෙවි කෙනෙක් කිව්වම අපිට ඇති වෙන්නේ ඉතා උතුම් කෙනෙක් කියන හැඟීම. අපි හිතන්නේ දෙවිවරු වැරදි වැඩ කරන්නේ නෑ කියලා. එහෙම අපි හිතන්නේ අපිට වැඩිපුරම බලපාලා තියෙන්නේ බෞද්ධ දේව සංකල්පය නිසා. ඒත් අපි වඳින පුදන හින්දු දෙවිවරු ගත්තොත් කතාව වෙනස්. ඒ අය ගැන හිතලා බලද්දි අපිට හිතෙන්නේ දෙවිවරු  කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු වගේම පිරිසක් කියලා. ඒ තරම්ම හොඳ වැඩ වගේම හොඳයි කියලා අනුමත කරන්න බැරි වැඩත් එයාලා අතරින් වෙලා තියෙන නිසා. අපි දැන් ඒ වගේ දේව ඕපදූප කීපයක් ගැන හරාවුස්සලා  බලමු. 1. කියන්න බැරි තරම් කැත වැඩක් කරන්න ගිහින් බෙල්ල ගිය මහා බ්‍රහ්මයා Image Source – religioustalks.com මහා බ්‍රහ්මයා කියන්නේ මේ මුලු […] - [ශිව දෙවියන් ගැන](https://deviyo.lk/%e0%b7%81%e0%b7%92%e0%b7%80-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1/): ශිව දෙවි වන්දනාව අපේ රටේත් ඉන්දියාවෙත් ජනප්‍රිය ඇදහීමකි. හින්දු ආගමේ මූලිකයෙකු වන ශිව දෙවියන්ගේ ලිංගයට වැඳුම් පිදුම් කිරීම අපේ රටේ පොළොන්නරු යුගයටත් එපිට කාලයේ සිටම සිදු වී තිබෙන බවට සාධක තිබේ. මේ ශිව දෙවි අපේ කතරගම දෙවියන්ගේ පියාණන් වන දෙවි කෙනෙකි. ඉතින් ඒ දෙවි ගැන කරුණු කාරණා ටිකක් අපි දැන ගමු. 1. ශිව දෙවියන්ගේ තැන ශිව දෙවි යනු හින්දු ආගමේ මූලික දෙවි කෙනෙක් වන අතර බ්‍රහ්ම විෂ්ණු සහ ශිව හින්දු දහමේ  ත්‍රිමූර්ථිය ලෙස දැක්වේ. විනාශ කිරීම භාරව ඇතැයි සැළකෙන ශිව, ලොව සුරැකීම සහ පරිවර්තනයද කරන්නේය. එතුමා කෛලාශ කන්දේ වැඩවාසය කරන බවට විශ්වාස කරන අතර ශිව ලිංගය ආකාර වූ හිමාලයේ කෛලාශ […] ## Pages - [Home](https://deviyo.lk/): reviews World of Warcraft 2, Treant Protector Jul 2, 2022 66 Views Except here, the ball is a heavy metal box that the opposing team is best off avoiding, lest they be knocked out of the fighting arena. reviews Assassin’s Creed Valhalla Winner GOTY 2022 Jul 2, 2022 41 Views Except here, the ball is a heavy metal box that the opposing team is best off avoiding, lest they be knocked out of the fighting arena. reviews Crysis 2 Shooter, Feel & Reviews Jul 2, 2022 30 Views Except here, the ball is a heavy metal box that the opposing […] [comment]: # (Generated by Hostinger Tools Plugin)