Dark

Auto

Light

Dark

Auto

Light

සුනියම් දෙවියන්ගේ දේව ආශිවාර්දය ලැබීමට නම්..

දෙවියන්ගේ පිහිට ලබාගෙන ගෙදර දොර දියුණුව සතුරු කරදර හා අමනුෂ්‍ය දෝෂ අනවින ආදී නොයෙක්‌ දෝෂ දුරු කරගැනීමට බොහෝදෙනා බලාපොරොත්තුවේ. එහෙත්‌ විෂ්ණු කතරගම සමන්‌ විභීෂණ වැනි දෙවිවරුන්ට පුද පූජා සත්කාර පවත්වා පින්‌ අනුමෝදන්‌ කිරීමෙන්‌ ක්ෂණික ප්‍රතිඵල නොලැබේ. දේව රැකවරණය ලැබේ. එහෙත්‌ ක්ෂණිකව ප්‍රතිඵල ලැබෙන දේවත්වයෙන්‌ පුද දෙන ගම්භාර සූනියම්‌ දේවතාවා හරිහැටි පුද සත්කාර දීමෙන්‌ නිවසටම පැමිණේ.

සූනියම්‌ දෙවියන්‌ දේවත්වයෙන්‌ ඇදහුවද මන්ත්‍ර ශාස්ත්‍රයේදී ඔඩ්ඩ්‌ මස්සිනා යැයි කියා ආමන්ත්‍රණය කරන්නේ ඉක්මනින්ම අවශ්‍ය ස්ථානයට ළඟාවන නිසාය. සූනියම්‌ අවතාරයක්‌ ලෙස රාත්‍රියේ දිස්වේ. සුදු ඇඳගත්‌ උස අයෙක්‌ රාත්‍රියේදී දැකගන්නට හැකිවන්නේ නියමාකාරව පුද සත්කාර කිරීමෙනි. සූනියම්‌ දෙවියන්ට පහන්‌ තබනවා නම්‌ ගෙයින්‌ පිට පහන්‌ කණුවක්‌ සාදාගෙන වතාවත්‌ කළයුතු වේ.

සූනියම්‌ දෙවියන්‌ ලෙස සැලකුවද යක්ෂ ආත්මයක්ද ඇති බව පැහැදිලිය. මේ නිසා සූනියම්‌ දෙවියන්ට පහන්‌ තබන අය පුවේශම්‌ විය යුතුය. ගෙදරට මස්‌ වර්ග හරක්‌ මස්‌ ඌරු මස්‌ නුසුදුසුය. පහන තබන්නා පිරිසිදුව තැබිය යුතු අතර පුරුෂ අයෙක්‌ නම්‌ වඩාත්‌ සුදුසුයි.

ගෙදරින්‌ පිට පහන්‌ කූඩුවක්‌ තුළ සූනියම්‌ දේව රූපයක්‌ තබා සුවඳ පලතුරු 5 ක්‌ තබා (කපා තබන්න) සුදු මල්‌ වැඩිපුර තබා පහන්‌ දල්වා රාත්‍රී 9.00 න්‌ පසුව බිය නැතිව වත්‌ පිළිවෙත්‌ කරන්න. නොයෙක්‌ ශබ්ද ඇතිවිය හැක. ඒත්‌ පහන්‌ දල්වා පහන ස්ත්‍රෝත්‍රය කියවන්න පලතුරු පූජාව දිනපතා අනවශ්‍යය.

ශ්‍රිව මස්තු නමෝ රාමඃ
කන්ද සේනා සමාගමඃ
වඩිග ත්‍රන්ත්‍ර මනී කන්ධඃ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ

අග්නි කන්දංච අස්තේන (හස්තේන)
හස්නේන මුඛ කර්ගතේ
මුකේත විෂ සර්පේන
ශීර්ෂ පංච කේෂකේ

උදරේ නාගබන්දාමි
නීලෝතුරග වාහනම්‌
සුනියම්‌ දේවතා නාම
මයිහං පාදතේ නමඃ

සූනියම්‌ ගම්බාර දෙවියන්‌ ජීවමානවම අදාළ ස්ථානයට පැමිණේ. මස්‌ කන්න එපා. පහන ගෙයින්‌ පිට තියන්න. බල්ලන්ට අපවිත්‍ර කරන්න නොහැකි ලෙස ආවරණය කරන්න. ඔබ අත්හදා බලන්න සූනියම්‌ දේව අවතාරය ගෙදරට එනු ඇත.

ඉහත දැක්වූ ස්තෝත්‍රය 7 වරක්‌ වත්‌ කියවීම මැනව්‌. ගෙදර අමනුෂ්‍ය දෝෂ නැතිවේ. එහෙත්‌ ගෙදර බල්ලන්‌ ඇති කළ නොහැක. ගෙදර දියුණුව ඇතිවේ. සතුරු කරදර නැතිවේ. සතුරන්ට විපත්‌ පැමිණේ. පහන වරද්දන්න එපා. වැරදීමකින්‌ හෝ ගෙදරට මස්‌ වර්ග ගෙන ආවොත්‌ දැඩි දඬුවම්‌ ලැබේ. ප්‍රවේශමෙන්‌ කළ යුතුය. ප්‍රතිඵල ඉක්මන්‌ වේ.

සුනියම් දෙවියන් වෙනුවෙන් ඉදිකළ පහන් කුටියේ වෙනත් දේව රූප හෝ බුද්ධ රූප තැබීමෙන් වළකින්න. සූනියම් දේවියන්ගේ දේව බැල්ම ඇතිවී ඔබව ආරක්ෂා කරනු ඇත.

ඔබට ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් ගම්භාර දිව්‍යරාජෝත්තමයානන් වහන්සේගේ පිහිටයි..!!!

Leave A Comment