Dark

Auto

Light

Dark

Auto

Light

ශ්‍රී විෂ්ණු දෙවියන්..

ශ්‍රී ලංකාව සහ සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම පිළිබඳව ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ විෂ්ණු දෙවියන්ටය. එමෙන්ම නවග්‍රහ මණ්ඩලයේ අධිපතියා වන්නේද චිෂ්ණු දෙවිදුන්ය. ලංකාවේ විෂ්ණු දෙවියන්ගේ මූලස්ථානය මාතර – දෙවුන්දර පිහිටා ඇති අතර ශ්‍රී ලංකාවේ විහාරස්ථාන 907 පමණ මෙතුමා වෙනුවෙන්‌ කැප කළ දේවාල ඇත්තේ ය. නීල වර්ණ ශරීරයක්‌ හිමි එතුමාගේ වාහනය ගුරැලාය. ප්‍රධාන ආයුධය චක්‍රායුධය වේ.

මෙතුමා ලෝකයට අවතාර දහයකින්‌ පහළ වී ඇත්තේ ය. එය මෙසේ ය.

1. මත්ස්‍යයාවතාරය

මුහුද ගොඩ ගැලූ විටෙක අතිදැවැන්ත මාළුවකුගේ වේෂය මවාගෙන අනතුරුව මහත් බල සම්පන්න නෞකාවක්‌ මවා මනු සහසාමාජිකයන්ද සප්ත මහා සෘෂිහුද බේරාගෙන තිබේ.

2. කුර්මාවතාරය

ජල ගැල්මේදී නැති වූ අමෘතය මහා සාගරයේ ගිලෙමින් විශ්ව සවිය පෙන්වා ඇත.

3. වරාහාවතාරය

පොළව සමුදුර මත හෙළන්නට හැදූ හිරන්යාක්‍ෂ බලවත් අසුරයා මරන්නට සූකර (ඌරු) අවතාරයක්‌ ගෙන දළෙන් ඇන මරා දැමූ අවතාරය මෙයවේ.

4. නරසිංහාවතාරය

සවස්‌කල මිනිස්‌ රූපය සිරුරේ අඩක ද සිංහ රූපය සිරුරේ අඩකද මවා ගනිමින් ලොවට විණ කරන්නා වූ හිරත්‍යකෂිසු නම් අසුරයා දමනය කිරීමට ඔහුගේ පුත් “ප්‍රහ්ලාද” කළ ඉල්ලීමෙන් ජීවිතක්‍ෂය කිරීම මෙය වේ.

5. වාමනාවතාරය

බලී නම් අසුරයා ශක්‌තියෙන් කළ බොහෝ වැරදි නිසා අසුරයා වෙත ගිය විෂ්ණු දෙවිඳු තමාට තමාගේ තුන් අඩියකින් වැසෙන බිම් ප්‍රමාණයක්‌ ඉල්ලා එය ලබාගෙන එක්‌ වරම යෝධ ශරීරයක් මවා ගනිමින් විශ්වයම වසාලූයෙන් බලීට ඉතිරි වූයේ පාතාල ලෝකය පමණි.

6. පරශුරාමාවතාරය

පරශුරාම යනු පොරවක්‌ අතින් ගත් තැනැත්තා යන අර්ථයයි. ජමදශ්නි නම් බ්‍රාහ්මණයා සතු සියලු වස්‌තුව පැහැරගත් කාර්තිවීර්ය නම් රජුව පරශුරාම අවතාරයෙන් සිටි විෂ්ණු දෙවිඳුන් විසින් මරා දමන ලදී.

7. රාමාවතාරය

රාමා – රාවන පුවතේදී දැක්‌ වූ දක්‍ෂතා රාමාවතාරයෙන් කියවේ.

8. ක්‍රිෂ්ණාවතාරය 

ශ්‍රී විෂ්ණු දෙවිඳු ශ්‍රී ක්‍රිෂ්ණ  ලෙස ලොව පහළ වූ බවත් බටලී ගායනයට දක්‍ෂ වූ ක්‍රිෂ්ණ හා පෙමින් බැඳුණේ රාධා බවත් කියෑවේ. ද්වාරතා රාජ්‍යය ගොඩනගා ඇත්තේද ක්‍රිෂ්ණ විසිනි.

9. බුද්ධාවතාරය

ශ්‍රි විෂ්ණු දෙවියන්ගේ අවතාරයක්‌ ලෙස බුදුරුවට වන්දනා මාන කිරීමට හින්දු භක්‌තිකයන් පෙළඹී ඇත. වර්තමානයේදී විෂ්ණු දෙවිඳු අදහන හින්දුවරු. බුදුන් වහන්සේගේ රුවද වැඳුම් පිදුම් සඳහා යොදා ගනී.

10. කල්කින් අවතාරය

කලියුගය අවසානයේදී සුදු අසෙකු අරා ගිනි දලු සහිත අසිපතක්‌ ගත් පුරුෂයකු ලෙස ශ්‍රී විෂ්ණු දෙවිඳු අධර්මිෂ්ඨයන් වනසා සාධු ජනයා සුරක්‍ෂිත කොට යළිත් ලොව ධර්මය පිහිටු වන බව මෙයින් කියෑවේ.

වාසුදේව, රාම, නාරායන, ගොවින්දා ආදී බොහෝ නාම වලින්‌ මෙතුමා හඳුන්වන අතර ඉන්දියාවේ දෙවි කෙනෙකු වුව ද ශ්‍රී ලාංකිකයන්ට ගසට පොත්ත මෙන්ම බද්ධව සමීප සබඳතාවක්‌ ඇති එකම දෙවියෝ වන්නේ විෂ්ණු දෙවිඳුන්ය. ලෝකයේ බොහෝ නායකයන්‌, ව්‍යාපාරිකයන්‌ තිරුපති ගොස්‌ වන්දනා කරන්‌ මෙතුමාය.

විෂ්ණු දෙවියන්ට පින් දෙන ගාථාව

සම්බුද්ධ සාසනවරං යතිපුංගවංච
සම්පාලනාය පටිලද්දවරො මහිද්ධි
පුඤ්ඤානිමානි අනුමොදිය වාසුදෙවො
පාලෙතු මං සත්තසාතා හිතා වහන්තො

Leave A Comment