වල්ලි මෑණියන්ගේ දිව්‍යමය ආකර්ෂණය සහ වන්දනාවේ අනුහස්
- Editor
- April 7, 2026
- දෙවිවරු, දේව කන්නලව්, ස්කන්ධ කුමාර දෙවියන් (කතරගම)
- #Deviyo, Katharagama Deviyo, Walli-Meniyo, walliamma
- 0 Comments
කතරගම ශ්‍රී ස්කන්ධ කුමාර දෙවියන්ගේ හදවත දිනාගත්, ස්වභාවධර්මයේ දියණියක ලෙස සැලකෙන වල්ලි මෑණියන් යනු හුදෙක් පෙම්වතියක පමණක් නොව, අපරිමිත කැපවීමේ සහ භක්තියේ සංකේතයකි. වැදි කුලයේ හැදී වැඩුණු වල්ලි මෑණියන්, කතරගම දෙවියන් (ස්කන්ධ කුමාර ) තමා සොයා එනතුරු වසර ගණනාවක් දැඩි වතපිළිවෙත් රකිමින් කුරක්කන් හේන් රැක්කාය. ජනප්රවාදයට අනුව, දෙවියන් මහලු වෙසින් පැමිණ ඇය පරීක්ෂා කළ අවස්ථාවේදී පවා ඇය සිය ප්‍රතිපත්තිය වෙනස් කළේ නැත. අවසානයේ ඇයගේ පාරිශුද්ධ ආදරය හමුවේ දෙවියන් සිය දිව්‍යමය රූපයෙන් පෙනී සිට ඇයව සරණ පවා ගත්තේය. අදටත් සෙල්ල කතරගම යනු ඔවුන් දෙදෙනාගේ ඒ ආදරයේ සුන්දර හමුවීම සිදු වූ පින්බිමයි.
වල්ලි මෑණියන් වන්දනාමාන කිරීමෙන් ලැබෙන ආශිර්වාදයන්
ඔබ සැබෑ ආදරයක්, ප්‍රේමයක් පතන අයෙක් නම් එම අවංක ආදරයට සහ විවාහයට ඇති බාධා දුරුකොට වල්ලි මෑණියන්ගේ ඉතා බලවත් ආශිර්වාදය ලැබීමට ඇයට වන්දනා කරන්න.
සශ්‍රීකත්වය සහ රැකවරණය ලබාදෙන වල්ලි මෑණියන් සොබාදහමට සමීප දේවතාවියක බැවින්, ගොවිතැන් කටයුතු සරු වීමටත්, වන සතුන්ගෙන් හා ලෙඩ රෝගවලින් ආරක්ෂාව ලැබීමටත් ඇයට කන්නලව් කරයි.
කාන්තාවන්ගේ සෞභාග්‍යය වෙනුවෙන් ආශිවාර්ද කරන ඇය කාන්තාවන්ගේ රූප ශෝභාව, පතිභක්තිය සහ ගුණ යහපත්කම වර්ධනය වීමට ඇයගේ ආශිර්වාදය හිමිවන බව පැවසේ.
කිසිවෙකුත් නොකියන වල්ලී මෑණියන්ට වන්දනා කිරීමේ ප්‍රබල රහස
ඇත්තටම කිසිවෙකුත් නොකියන , නොපෙන්වන වල්ලී මෑණියන්ට වන්දනා කිරීමේ විශේෂ රහසක් තිබේ. එනම් අප කතරගම ස්කන්ධකුමාර දිව්‍යරාජ උත්තමයානන්වහන්සේගේ සිත වසඟ කළ හදවතේ ආදරය දිනූ දිව්‍ය කුමරිය වල්ලී මෑණියන්ය. කතරගම දෙවියන්ට වල්ලී මෑණියන් කෙරෙහි මෙම අසීමිත ආදරය නිසාම කතරගම දෙවියන්ගෙන් ඔබ යම් උදව්වක්, උපකාරයක්, පිහිටක් ඉල්ලන්නේ නම් එම ඉල්ලීම වල්ලී මෑණියන්ටද පවසා (කන්නලව් කොට) කතරගම දෙවියන්ගෙන් අයදින්නේ නම් එහි ප්‍රතිඵල ඉක්මන් සහ ප්රත්යක්ෂ බවට (කිරි ගහට ඇන්නා වගේ) දන්නා කිසිවෙකුත් නොකියන රහසක් පවතී.
මේ සඳහා විශේෂ දේව ස්තෝත්ර සහ මන්ත්‍ර ද පවතින අතර අප වෙනත් ලිපියකින් එය ඉදිරිපත් කරමු.
වල්ලි මෑණියන් උදෙසා කෙටි කන්නලව්වක්:
අප මහා කතරගම ශ්‍රී ස්කන්ධ කුමාර දෙවිඳුන්ගේ හදවතේ ආදරය දිනූ, සෙල්ල කතරගමට අධිපතිව වැඩ වාසය කරන්නා වූ කරුණාවන්ත වල්ලි මෑණියනි, මාගේ (සහ මාගේ පවුලේ) ජීවිතයට එල්ල වන්නා වූ සියලු බාධා දුරු කර, යහපත් ප්‍රේමයක් සහ පවුල් ජීවිතයක් උදා කර දෙනු මැනවි. ඔබ වහන්සේගේ දිව්‍යමය රැකවරණය සහ ආශිර්වාදය අප වෙත ලබා දෙනු මැනවි!, මාගේ මෙම කාරනා වල්ලී මෑණියන්ගේත්, කතරගම දෙවියන්ගේත් ඇල්මෙන්, බැල්මෙන් අද අදම ඉශ්ට සිද්ධ කර දෙන සේක්වා..!!! සාධු.. සාධු.. සාධු…
