වරය හා වරම හදුනාගනිමු
හැමෝටම තියන ගැටලුවක් තමා වරය හා වරම හදුනා ගැනීම පිළිබද ගැටලුව මුලින්ම මේ වර කියන වචනයෙ අර්ථය බලමු.
වරය
වර යන වචනයහි අර්ථය බලන විට ලැබීම/ අවසරය / කැමැත්ත / ඉඩ ප්‍රස්ථාව / අනුමැතිය / ආශිර්වාද ය යන අරුත් ලැබේ.
වරයක් ලබා ගැනීම ඉතා අසීරුය ඒවා ලැබීමට පෙර පිං හා තපස් බල තිබිය යුතුය දෙවියන් ඍෂිවරු මුනිවරු අසුරයන් වසර ගනනාවක් තපස් රැක වර ලැබූ පුවත් වේද පුරාණයන් හි සදහන් වේ වරයක් ලැබෙන විට එය නිෂේධනය වන කාරණාද ඇත අධර්මය අහංකාරය මානය අතපසු වීම සීමාව ඉක්මවීම වැනි කරුණු නිසා එම වරදාන අහෝසි වේ අසුරයන් දෙවියන් ගෙන් ලැබූ වරයන් නිසා ලෝකය විනාශ කරන්නට ගිය අවස්ථා වල දෙවියන් එම අසුරයන් වැනසූ පුවත් පුරාණ ග්‍රන්ථ වල සදහන් වේ යම් කැපවීමක් තුලින් ලබන ලද අභිමතයක් ඉෂ්ට වීමට දෙවියන් ලබාදෙන ආශිර්වාදය වර ලෙස සරලව වටහාගත හැකිය.
සරස්වති මෑණියන්ගෙ ආශිර්වාදයෙන් පිහිටන බුද්ධිය කලා ඥානය කාව්‍ය ගීත රචනයට ලැබෙන වරය ගැන බොහෝ දෙනා දනී. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සරස්වති මෑණියන්ගෙද කතරගම දෙවියන් ගේද වර ලැබූ බව සදහන් වේ දුටුගැමුණු රජතුමා ද කතරගම දෙවියන් ගෙ වර ලැබූ බව සදහන් වේ කාලිදාස කවියා හට මහාකාලි මෑණියන්ගෙ ආශිර්වාද වර ලැබුන පුවතක්ද සදහන් වේ
සැබවින්ම සිල්වත් ගුණවත් ව පවිත්‍රව ගුණ ධර්ම රැක ශාස්ත්‍රීය නියමයන් අනුව කටයුතු කිරීමෙන් මෙම වර ලැබිය හැකිය ඒවා දිව්‍යමය රහස් වන අතර දෙවියන් ගේ ඍජු සබදතාවක් ඇත.
වරම
වරම ගත් විට මලගිය ඥාති බලවේගයක් ආත්ම කීපයක හෝ මෙම භවයේ තමන්ගෙ අයකුගෙ ශරීරගත වී හෝ අසල රැදී දෙවියන් නමින් වැඩ කටයුතු කරන්නට දෙන බලයයි ඉතාම කලාතුරකින් යහපත් බලවත් හොද වරමක් ලැබෙන අතර එයින් දියුණුවක් ලබා ලෝකයාටද යහපතක් වේ නමුත් වර්තමානයේ වරම් යයි කියන බොහෝමයක් වරම් වල ගැටලු බොහෝමයක් ඇති අතර හිර වීම හිර කිරීම බල නැති බව අසනීප කරදර අධික වීම පෙන්වා දිය හැකිය ඒ සැබවින්ම වරම් නොවේ පිංමදි මලගිය ඥාති බලවේග පිං ගැනීමට හෝ යාමට එිමට තැනක් නැතිව අසරණ වී හෝ යම් බන්ධනයක් නිසා කරන මවාපෑම් වේ නිවැරැදි වරමක් නම් නිසිකල පිං සම්පූර්ණ වූ පසුව හරියාකාරව ලබාගත හැකිය .
සැබවින්ම වරම් ලබාගැනීමට වඩා වරයන් ලබා ගැනීමට උත්සාහ කිරීම වටී තිබෙන වරම් වුවද ඉතා යහපත් ආකාරයෙන් බුද්ධිමත් වී කටයුතු කර වර පවා ලැබිය හැකිය ඒ සදහා පලමුව ඔබට ගුරුවරයෙක් හමු වී උපදෙස් ලබා ගත යුතුය
මානුෂිය ගුණධර්ම වැඩීම, සද්ගුණ දිව්‍ය ගති වැඩීම, පින් දහම් කිරීම, භාවනා වේද අනුමත යාග හෝම කටයුතු ආගමික පූජා, විවිධ වෘත සමාදන් වීම්, මන්ත්‍ර සාධනා කටයුතු, ගුරු වරදාන ලැබීම ආදි බොහෝ දෙ ඇත. දැන් ඔබට සරලව මෙහි වෙනස වැදගත්කම හදුනාගත හැකි බව පැහැදිලිය.

