Dark

Auto

Light

Dark

Auto

Light

මහා ලක්ෂ්මී දේව නමස්කාර ගාථා සහ ස්තෝත්‍රය

මහා ලක්ෂ්මී දේවතාවිය ධනය හා සම්පත් වලට අධිපති දෙවියන්. මහා ලක්ෂ්මී දේවතාවියගේ ඇල්ම බැල්ම ලබා ගන්නත් පෝසත් වෙන්නත් ගොඩ දෙනෙක් ලොකුවට වියදම් කරලා යන්තර, තෙල් වගේ දේවල් මිලදී ගන්නවා. ලොකුවට වියදම් නොකර මහා ලක්ෂ්මි දේව බැල්ම පිහිට ලබාගන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි මේ පොස්ට් එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ.

ප්‍රතිපල ලබපු නිසා විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ මගින් ප්‍රතිපල ලැබෙනවා කියල. ලක්ෂ්මි දේවිය වන්දනා කරන ගාථා, ස්ත්‍රෝත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා අතරින් පුරාණ කාලේ ඉදන් පැවතගෙන එන බල සම්පන්න ගාථා 8ක් තමයි මහා ලක්ෂ්මී අෂ්ඨකම් කියන්නේ. ලක්ෂ්මී දේවතාවියගේ බැල්ම බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නව නම් මේ ගාථා තමන්ගේ නිවසේ දිනපතා වාදනය වෙන්න සලස්වන්න, නැත්නම් කියන්න.

දවස් කීපයකින්ම සැලකිය යුතු වෙනසක් ඇතිවෙනවා. හැබැයි දෙවියන්ට සම්බන්ධ ඕනම දෙයක ප්‍රතිපල ලැබෙන්නේ දෙවියන් ගැන භක්තිය තියෙන අයට විතරයි. මහා ලක්ෂ්මී දේවිය ගැන විශ්වාසයක් හා භක්තියක් තියෙන අයට මේ ගාථා වලින් ප්‍රතිපල ලැබෙයි.

01. නමස්තෙස්තු මහා මායේ – ශ්‍රී පියේ සුර පුජිතේ
ශංඛ චක්‍ර ගධා හස්ති – මහා ලක්ෂ්මී නමොස්තුතේ

(මහා මායාවන් ඉර්ධින් කරන්නියට නමස්කාර වේවා- ශ්‍රී පිඨයෙහි දෙවියන්ගෙන් වැදුම් ලබන ශංඛය, චක්‍රායුධය, ගධාව අතින් දරා සිටින – මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

02. නමස්සේ ගරුඩාරුඩේ – කෝලාසුර භයන් කරි
සර්ව පාප හරේ දේවි – මහා ලක්ෂ්මී නමොස්තුතේ

(ගුරුළා පිට එන්නියට නමස්කාර වේවා – කෝල අසුරයා භයට පත් කල සියලු පවු දුරු කරන මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

03. සර්වඥෙ සව වර දේ – සර්ව දුෂ්ඨ භයන් කරි
සර්ව දුක්ඛ හරේ දේවි – මහා ලක්ෂ්මී නමොස්තුතේ

(සියලු ඥානයෙන් යුක්ත වන සියලු වර ලබාදෙන – සියලු නපුර පලවා හරින සියලු දුක් නැති කරන – මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

04. සිද්ධි බුද්ධි ප්‍රදේ දේවි – භුක්ති මුක්ති ප්‍රදායිනි
මන්ත්‍ර මුර්තෙ සදා දේවි – මහා ලක්ෂ්මී නමොස්තුතේ

(සාර්ථකත්වය බුද්ධිය ලබා දෙන – සතුට විමුක්තිය ලබා දෙන මන්ත්‍රයන්හි ප්‍රතිමුර්තියක් වන මන්ත්‍ර තුලින් පැන නගින – මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

05. ආද්‍යන්ත රහිතේ දේවි – ආධ්‍ය ශක්ති මහේෂ්වරී
යෝගජේ යෝග සම්භුතේ – මහා ලක්ෂ්මී නමොස්තුතේ

(මුලක් අගක් නැති තරම් අපරිමිත වූ – විශ්ව ප්‍රාරම්භක ශක්තිය වූ යෝග තුල වැඩ හිදින්නා වූ යෝග වල ආරම්භය වූ – මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

06. ස්ථුල ශුක්ෂ්ම මහා රෞද්රි – මහා ශක්ති මහෝදරේ
මහා පාප හරේ දේවි – මහා ලක්ෂ්මී නමොස්තුතේ

(ඉතා විශාල, ඉතා කුඩා ස්වභා ගන්නා වූ, මහා රෞද්‍ර වූ – මහා ශක්තියෙන් යුතු වූ, මහා සෞභාග්‍යයෙන් යුතු වූ පවු හරණය කරන්නා වූ – මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

07. පද්මාසනස්තිතේ දේවි – පර බ්‍රහ්ම ස්වරුපිනි
පරමේෂි ජගන් මාත – මහා ලක්ෂ්මී නමොස්තුතේ

(නෙලුම් ආසනය මත වැඩ හිඳින – බ්‍රහ්ම ස්වභාවයෙන් යුක්ත වන මහා උතුම් වූ විශ්ව මාතෘ වන – මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

08.ශ්වෙතාම්බර ධරේ දේවි – නානා ලංකාර භුශිතේ
ජගස්තිතේ ජසන් මාත – මහා ලක්ෂ්මි නමොස්තුතේ

(සුදු වස්ත්‍රයෙන් සැරසුන – විවිද අලංකාර වලින් විභූෂිත වන විශ්වය සිසාරා පැතිරි පවතින, විශ්ව මාතෘ වන – මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

බලවත් ලක්ෂ්මී ස්තෝත්‍රය

ක්ෂමස්ව භගවත්‍යම්බ – ක්ෂවා සිලෙ පරාත් පරෙ

ශුද්ධ සත්ව ස්වරූපෙච – කොපාදි පරි වර්ජිතෙ

උපමෙ සර්ව සාද්විනාං – දෙවිනා දේව පූජිතෙ

ත්වයා වීනා ජගත් සර්වාන් – මාත තුල්‍යංච නිෂ්ඵලම්

සර්ව සම්පත් ස්වරූපාත්වං – සවේශාං සර්වරූපිනී

රාසේශ්වයර්ධි දේවිත්වං – ත්වක්ලා– සර්වයෝෂිතං

කෛලාසේ පාර්වතීත්වංච – ක්ෂිරොදෙ සින්ධු කන්‍යකා

සර්වශේච මහාලක්ෂිමිත්වං – මර්ත්‍යලක්ෂ්මිච භූතලේ

වෛකුණ්ඨෙව මහා ලක්ෂ්මිර් – දෙව දෙවි සරස්වතී

ගංගාච තල්‍ය සීත්වංච – සාවිත්‍රි බ්‍රහ්ම ලොකත–

කෘෂ්ණ ප්‍රාණාධි දෙවිත්වං – ගොලොකෙ රාධිකාශ්වයම්

රාසෙ රාසෙ ස්වරිත්වංච – වෘන්දා වන වනෙ වනෙ

කෘෂ්ණ ප්‍රියාත්වං භාණ්ඩීරෙ – චන්ද්‍රා චන්දන කානනේ

විරාජා චම්පක වනෙ ශත ශෘංගෙව සුන්දරී

පත්මාවතී පත්මවනේ – මාලතී මාලතී වනේ

කුන්ද දන්ති කුන්දවනේ – සුසිලා කේතකී වනේ

කදම්බ මාලා ත්වංදෙහි – කදම්බ කානනේ පිච

රාජලක්ෂ්මී රාජ ගේහෙ – ගෘහලක්ෂ්මී ගෘහේ ගෘහේ

Leave A Comment