පත්තිනි දේව මෑණියන් ගැන..
- Editor
- November 12, 2025
- දෙවිවරු, පන්තිනි දේව මෑණියන්
- #Deviyo, #paththini, #paththinimeniyo, Paththini Deviyan, Paththini Meniyo, Pattini Meniyo
- 0 Comments
පත්තිනි උපත
දකුණු ඉන්දියාවේ කාවේරි පටුන නගරයේ ධනවත් සිටු පවුලක උපත ලද එකම දියණිය කන්නගී නම්චිය. දෙමාපිය රැකවරණය මැද ජිවත් වූ ඇයට සුදුසු වයසේදී සිටු පවුලක තරුණයෙකු වූ කෞෝබලාන් දෙමාපියන් විසින් විවාහ කර දෙන ලදි. සතුටින් සමගියෙන් යුතුව කල් ගෙවන දෙමහල්ලන්ගේ විවාහ ජීවිතයට කණ කොකා හඬන්නට වූයේ මාධවී නම් ඒ පුර විසූ නගර ශෝභනිය හෘ බැඳීම නිසාය. කාලය කෙමෙන් ගතවෙද්දී කන්නගි අමතක වූ ‘කෝබලාන්ගේ වස්තුව සියල්ල පුරස්ත්රිය නිසා විනාශ වී අසරණ බවට පත් විය.
සියලු වස්තුව සිඳීගිය පසු කෝබලාන්ට සිය පතිනිය වූ කන්නගි සිහි වී ඇය සොයා ආචවේ ය. කල වැරදි වලට සමාව දුන් කන්නගී තමා සන්තකව තිබූ පාසලඹ ගලවා සිය ස්වාමියාට දුන්නේ මුදල් කර ගැනීම උදෙසාය.
එම සලඹ රැගෙන මධුරාපුර නගරයට ගිය කෝබලාන් එය අලෙවි කිරීමට යාමේ දී රජ මැදුර තුළ වූ සොරකමක් නිසා රාජ පුරුෂයන්ගේ ග්‍රහණයට ලක් විය. මධුරාපුර පඩි රජු හමුවට පත් කරන ලද කොබලාන්ට කිසිදු වග විභාගයකින් තොරව මරණයට පත් කිරීමට පඩි රජ අණ කලහ. ඒ අනුව වධකයන් විසින් ඔහු රැගෙන ගොස් කොහොඹ ගසක් මුල දී මරණයට පත්කර සිරුර දවාලනු ලැබීය.
තම සැමියාගේ ප්‍රමාදය ගැන සැක සිතූ කන්නගී ඔහු සොයා මධුරාපුර බලා තම මෙහෙකාරිය සමඟ පිටත්ව ගියාය. ඇයගේ රූප ශ්‍රියෙන් මත් වූ ගොපලු තරුණයන් ඇයට නොයෙක් යෝජනා කරන්නට විය. සිය පතිවෘතා බලය මත කන්නගි ඒ සියල්ල මැඩගෙන කාවේරි ගඟ අසලට පැමිණියා ය. එහි දී ඇය පසු පස පැමිණි තරුණ පිරිසගේ බස ඇසූ තොටියා ඇය ගගෙන් එතෙර කිරීම ප්‍රතික්ෂේප කළේය. කන්නගී තම අත පැළඳි පර්ස් මුදුව ගලවා සත්‍ය ක්‍රියා කර ගඟට දමන ලදින් ගංදිය බෙදී ගං පතුලේ වැලි මතු වී ඇයට එගොඩ විමට සලස්වන ලදි. මෙහිදී තමාට නිබඳ අපහාස කළ තරුණ පිරිස හා තොටියාට ශාප කළ ඇයට පඬිපුරයට ඇතුළු චන විට සිදු වී ඇති අපරාධය ආරංචි විය.
අධික කෝපයටත්, ශෝකයටත් පත් කන්නගි කිසිදු වග විභාගයක් නොකර තම සැමියාට කළ අපරාධයට පඬිපුර පඬි රජුට ශාප කළාය. ඒ අවස්ථාවේ දී ඇය තම වම් පියයුර කඩා ශාප කර පඬි රජුගේ මාලිගය දෙසට විසි කළාය. සැනෙන් මුළු වීදීයම එකම ගිනි ජාලාවක් බවට පත් විය.
එහි දී කන්නගී විසින් කුඩා ළමයින් කිරි මව්වරු ගවයන් සහ පෑටියන්, මහළු බමුණන් අහිංසකයින්, ශීලය රකින අය, පතිවත රකින ස්ත්‍රීන් හැර සියල්ල විනාශ වේචායි ශාප කළහ.
මොහොතින් මුළු රට ම එකම ගිනිජලාවක් බවට දැවී අළු වී ගියේ ය. ඒ එතුමියගේ පතිවෘතා බලය නිසාය. එතැන් සිට කන්නගි “පතිනිය” ලෙස ගෞරවාදයට පත් විය.
පත්තිනි මෑණියන්ගේ උපත පිළිබඳව ඇති කතා බොහෝය. ඇය මෙලොවට සත් වාරයක් පහළ චූ බැවින් සත් පත්තිනි නම්ව ඇත. දෙමට මලින්, ගිනිජල් මාලාවෙන, පිණි බිදුවෙන්, නයි කඳුලෙන්, සිනා රැල්ලෙන්, මවිත අඹෙන් ආදී ලෙස පහල වී ඇත.
පත්තිනි මෑණියන් හඳුන්වන නම්
ජානකී පද්මිණී කන්නගි, එතන හාමි, භද්රන්කුමරි, හලඹ කුමාරි, කිරි අම්මා ආදී ලෙසින් හා පලඟ පත්තිනි, තෙද පත්තිනි, ඔරුපාලි පත්තිනි, අඹ පත්තිනි, සිරි පත්තිනි, මල් පත්තිනි ආදී ලෙසිනි.
අඹර ජෝති පත්තිනි, හෙට්ටි පත්තිනි, භ්රග පත්තිනි, සලඹ පත්තිනි, ගිනි පත්තිනි, මල් පත්තිනි ආදී ලෙසිනි. මාල කරමාල, ගිනිමාල, දෙවොල් පතිතිනි, සමන් පත්තිනි, ගිනි පත්තිනි ලෙස ඳ හැඳින්වෙයි.
පත්තිනි මෑණියන්ගේ දොළොස් අවතාර මෙසේය.
01. දෙමට මලින් ලපන් පත්තිනි
02. පිනි කඳුලෙන් උපන් පත්තිනි
03. නයි කඳුලෙන් උපන් පත්තිනි
04. විදුලියෙන් උපන් පත්තිනි
05. පිණි බිඳුවෙන් උපන් පත්තිනි
06. සිනා රැල්ලෙන් උපන් පත්තිනි
07. මචිත අඹෙන් උපන් පත්තිනි
08. සළු පොටෙන් උපන් පත්තිනි
09. නුග පත්‍රයෙන් උපන් පත්තිනි
10. කදුරු පොත්තෙන් උපන් පත්තිනි
11. හෙනයෙන් උපන් පත්තිනි
12. ජලයෙන් උපන් පත්තිනි
පත්තිනි මෑණියන් දකුණත පුන් කලසක් ද, සිරසේ නාග මාණික්‍යයක් ද, රන්මිණි මුතු පැලඳි සලුවෙන් ද සැරසී, දෑතේ වළලු දරා පාද සලඹ පැළඳ ඇත.
පත්තිනි මෑණියන් පහත ආකාරයට විසි වාරයක් පහළ වූ බව හැඳින්වේ.
01. රන් අඹයෙන් ද, 11. ජිනා රැල්ලෙන්
02. ගිනි කඳුලෙන් ද, 12. පිනි බිදුවෙන්
03. නාග කඳුලෙන් 13. නුග පත්‍රයෙන්
04. දෙමට මලින් 14. හෙන පහරින්
05. සළු පටෙන් 15. දිය බුබුලෙන්
06. විදුලියෙන් 16. ඔරුවෙන්
07. ගින්නෙන් 17. ඉසිවර කලවයෙන්
08. සමන් මලින් 18. මෘනෙල් මලින්
09. පුන්කලසෙන් 19. කැකුළු මලෙන්
10. කදුරු පොත්තෙන් 20. ගල් පර්චතසෙන්

