දේව අවසරය තුලින් ශුද්ධ වරමකට කැඹුරුම් මාලා පැමිණෙන්නේ කෙසේද..?
මේ ලෝකයේ උපත ලබන සෑම පුද්ගලයෙකුගේම ජීවිතයේ කොටස් දෙකක් ඇත. ඉන් එක කොටසක් ඒකායන වශයෙන් මෙලොව (ලෞකික) සුගතිය පිණිස ගමන් කරන අතර අනෙක් පිරිස ඉන් ඔබ්බට (ලෝකෝත්තර) මාර්ගයේ ගමන් කරන පිරිස වෙති. ඒ අතර ඇතැමුන් ගිහිජීටිතය තුල හෝ අනගාරික ජීවිතයක් තුල මේ මාර්ගය දෙක අතර මැදින් ලෝකෝත්තර මාර්ගය කරා යන පිරිස්ද වෙති. මෙයින් උතුම් සංඝයා ලෙස හඳුන්වන විශේෂ කණ්ඩායම අවධානය යොමු කරන්නේ මේ ලෝකයෙන් ඔබ්බට යන ගමන කෙරෙහි පමණි. එම කණ්ඩායමේ කොටසක් නොවන අප වැනි අය, අප මෙහි සිටින අතරතුර නිවැරදි දේ කිරීමට මඟ පෙන්වන ධර්ම නීති අනුගමනය කරමින් අපගේ ජීවිත ගත කරති.
ලෝකයේ ජීවත් වන සාමාන්‍ය මිනිසුන් ලෙස, අපට ආරක්ෂිතව, සෞඛ්‍ය සම්පන්නව සහ සතුටින් සිටීමට ප්‍රමාණවත් මුදල් සහ සම්පත් අවශ්‍ය වේ. ප්‍රමාණවත් ධනයක් තිබීම අපට සන්සුන්ව සිටීමට, අපගේ ශරීර ගැන සැලකිලිමත් වීමට සහ ජීවිතය භුක්ති විඳීමට උපකාරී වේ. මෙය ලෝකයේ ජීවත් වන සෑම කෙනෙකුටම, දරුවන් ඇතුළුව, සාමාන්‍යයෙන් අවශ්‍ය දෙයකි.
වරම්ගේ දරුවෙකු අතීතයේ කළ දේවල සැබෑ ප්‍රතිඵලය කර්මය ලෙස හඳුන්වන විශේෂ ක්‍රියා දාමයක් හරහා පෙන්වයි. නමුත් මෑතකදී, වරම්ගේ බොහෝ දරුවන්ට මෙම කර්ම දාමය පැහැදිලිව දැකීමට හෝ තේරුම් ගැනීමට නොහැකි වී තිබේ. මෙයට හේතුව මෙම කර්ම දාමය කුමක්ද යන්න හෝ එයට සම්බන්ධ විවිධ ආත්මයන් හෝ මිතුරන් සම්බන්ධ වන්නේ කෙසේද යන්න ඔවුන්ට සම්පූර්ණයෙන්ම වැටහෙන්නේ නැති බැවිනි.
කැඹුරුම යනු යමෙකුගේ ජිවතය පහසුවෙන්, සැනසීමෙන්, සහ සතුටින් ජිවතය ගත කිරීමට අත්‍යවශ්‍ය වන සම්පත් වෙ. ඒ හෙයින්, කැඹුරුම යන වචනය තුලින් නිරෝගිභාවය, මානසික හා කායික සුවය, ගෞරවාන්විතභාවය, මුල්‍යමය, දේපල ඉඩම කඩම, යාන වාහන, භෝජන, වස්ත්‍ර, ඖෂධ වැනි මූලික අවශ්‍යතා, ආධ්‍යාත්මික පෝෂණය, සහ ජීවන ආරක්ෂාව යන සියලු සම්පත් නිර්වචනය කෙරේ. මෙහි දී, මෙම ලිපිය තුලින් වරම් දරුවෙකුගේ මුල්‍යම කැඹුරුම ගැන විග්‍රහ කරන්නේය.
සෑම වරම් මාලාවකම, මුල්‍යම කැඹුරුම වරම් දරුවා හට ගෙන දීමට දේවතා මණ්ඩලයෙන් අවසර හිමි වූ ඥාති දේවතාවෝ සිටින්නේය – මෙම ඥාති දේවතාවා මුල් ඥාති දේවතාවා හෝ පරිවාර ඥාති දේවතාවයෙක් විය හැකිය. මෙහි විශේෂ කරුණක් නම් එක් ඥාති දේවතාවයෙකු හට කැඹුරුම් ගෙන දීමට සීමා නොමැති බවයි; එනම්, එම වරම් මාලාව තුළ අනෙකුත් ඥාති දේවතාවෝ සිටී නම්, ඔවුන් හටත් තම වරම් දරුවා හට කැඹුරුම ලබා දීමට යම් ශාස්ත්‍රික වරප්‍රසාදයන් දේව මණ්ඩලයෙහි අවසරයක් මත හිමි කල දෙනු ඇත.
උදාහරණයක් ලෙස, බලවත් චිත්ත මුණ්ඩ වරම් අවසරයක් හිමි ඥාති දේවතාවයෙකු තම වරම් දරුවා හට කැඹුරුම ගෙන දීමට, තම දිව්‍ය බලානුභාවයෙන් පේනයක් ඇසීමට අවැසි වන ආතුර්යයන් එම වරම් දරුවාගෙන් පේනයක් ඇසීමට යොමු කරන්නේය.
එබැවින්, වරම් දරුවා හට දේව මණ්ඩලයෙන් ලැබෙන අවසරය මතින් තම වරම් මාලාව හරහා ලොව්සත හට සේවයක් ඉටු කිරීමෙන් පිනෙන් පරිපුර්ණ වීමත්, උසස් මුල්‍යම කැඹුරුමක් ලබා ජීවිතය උසස් තත්ත්වයකට පත්වීමේ ඉමහත් භාග්‍ය ඔවුන් හට තම වරම් මාලාව තුලින්ම හිමි වන්නේය. එනමුත්, අද වන කල්හි බොහෝ වරම් දරුවන්ලා හට හිමි විය යුතු සත්‍ය කැඹුරුම නොලැබීම නිසා, ඔවුන්ගේ මුල්‍යමය අස්ථාවර වී, දෛනික ජීවිතය පවත්වා ගැනීමට ණය බරකට පසුවී ඇත – මෙහි ප්‍රතිඵලයක් ලෙස එම වරම් දරුවා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටීති.
ඒ හෙයින්, මෙසේ වරම් දරුවන්ලා හට උරුම වූ සත්‍යම කැඹුරුම නොලැබෙන්නේ කුමක් නිසාද?යම් වරම් දරුවෙකු හට උරුම වූ සත්‍යම කැඹුරුම නොලැබීමට තුඩු දෙන හේතු සාධක කිහිපයක් ඇත:
1. වරම් මාලාවෙහි සිටින කැඹුරුම් අවසර හිමි මුල් ඥාති දේවතාවාගේ හා පරිවාර ඥාති දේවතාවන්ගේ බලය හීන වී, වරම් මාලාව හිර වී තිබීම
2. වරම් දරුවා, තම ඥාති දේවතාවන්ගෙන් නොවිමසා, තෘෂ්ණාව හේතුවෙන් අසාදාරන වූ අධික පඬුරුපත් අය කිරීම.
3. වරම් දරුවා, භූගත වස්තුවක් කෙරෙහි තෘෂ්නවකින් යුතුව එය ගැනීමට යොමු වීමෙන් ඔවුන් හට භෛරව සාපයක්, කෝපයක් හා දෝෂයකට හසු වීම.
4. වරම් දරුවා, දේවකාරියේ යම් වැඩක් කිරීමට පසුව, දෙවි දේවතාවෝ හට අවැසි වන ශාස්ත්‍රානුකුල පුජාවන් හා පුණ්‍යානුමොදනා නොකිරීම.
5. වරම් දරුවා, වරම් දරුවෙකුට අවැසි වන සීලය, ප්‍රතිපතති, වීර්ය හා ධනාත්මක චිත්ත ශක්තිය නොතිබීම.
6. වරම් දරුවා, දේවාති දේව, බ්‍රහ්මාති බ්‍රහ්ම, නරපති, ලෝකාග්‍ර මහා වීරයානන් වහන්සේ වන අප භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ නොයෑම, ඒ උත්තමයාණන් වහන්සේගේ ධර්මය අනුකුලව ජිවත් නොවීම හා එම වරම් දරුවා හට සිත සුවය අත් පත් කරන පින හා කුසලය නොවැඩීම.
7. වරම් දරුවාටත්, ඔහුගේ වාසස්ථානයේද, දෝෂකාරක ආත්මයක්ගේ අසුභ ශක්තියට හසු වී තිබීම.
8. වරම් දරුවාගේ වරම් මාලාව ශාස්ත්‍රානුකුල පිළිවෙත් පරිදි සත්‍ය නොවී තිබීම.
9. වරම් දරුවාගේ ජන්ම පත්‍රය තුල කාල සර්ප යෝගයක් තිබීම හා ඔවුන් අකුසල් කර්ම විපාක ගෙන දෙන අපල කාලය තුල ගමන් කිරීම.
10. එම වරම් දරුවා, යම් දිව්‍ය කොට්ටශයකට අවැඩක් ඉෂ්ට කිරීමෙන් දිව්‍ය දොසයකට හසු වීම. ඉතා විශේෂයෙන්ම, නාග ශාපයක් හෝ නාග කෝපයකට හසු වීම.
ඉහත සඳහන් විශේෂිත කරුණු මත පදනම්ව, වරම් මාලාවකට හිමි විය යුතු සත්‍ය කැඹුරුම උදා නොවීමට හා අඩාල වීමට හේතු සාධක කරුණු වේ.
කෙසේ වෙතත්, යමෙකුගේ වරම් මාලාවහි කැඹුරුම අඩාල වී ඇත්නම්, එය නිවාරණය කිරීමට ශාස්ත්‍රානුකුල වත් පිළිවෙත් ඇත. එසේ වුවද, මෙම ශාස්ත්‍රානුකුල ක්‍රියාකාරකම් සහ උපදෙස් නිසි ආකාරයෙන් දැන ගැනීම හා අවබෝධ කිරීම සඳහා, යමෙකුට සුදුසු ගුරු මග පෙන්වීම සහ ඇසුරක් තිබිය යුතුය – මෙහි හේතුව නම් අප මනු දරුවෙකු ලෙස මව්කුසක පිළිසිඳගත් මොහොතේ සිට, මව් කුසෙන් පැමිණ ලෝකය දක්නට ලැබූ පළමු නෙත් දසුනද, අප අසනීප වීමේ දී සහ අප වැටෙන වැටෙන මොහොතක් පාසා අප හට ධර්මය අධර්මය කියා දෙන හා අත් නොහරින උත්තරීතර වූ මවෙකුගේ “අම්මා” නාමයෙන්, මේ විශ්ව ධාතුවට ගුණ යහපත් දරුවෙකු බිහි කරන්නා වූ තුඩු දුන් මව් පදවිය සේ අප හට දිව්‍ය තලයෙන් ලැබෙන උත්තරීතර වරම් මාලාව ගැන මුලික කරුණු සිට ගුප්ත ශාස්ත්‍රය සත්‍යාකාරව අවබෝද වන තෙක් සහ එම ගමන් මාර්ගයේ හැල හැප්පීම් එන මොහොතකදීම ශාස්ත්‍රානුකුල හා ධාර්මික උපදෙස් දෙමින් ලෝකයා සුවපත් කරන උත්තරීතර සේවය සාර්ථකව වන කල්හි මවකු පියෙකු මෙන් වූ ධාර්මික ගුරු ඇසුරක් අතවශ්‍ය වේ. මෙහි දී, මෙම ගුරු ආශ්‍රය එම වරම් දරුවාගේ දුකේදීත් සතුටෙදිත් නිසි මග පෙන්වීම හැම කල්හිම ලබා දෙන ගුරු ආශ්‍රයක් එම වරම් දරුවා සොයාගත යුතු අතර, එය එම වරම් දරුවා ප්‍රඥාවෙන් වටහාගත යුත්තෙකි.
වරම් දරුවෙකු හට හිමි වූ ශුද්ධ වරම් මාලාව තුලින් ලෝකයා සුවපත් කිරීම පිණිස අවශ්‍ය ප්‍රඥාව සහ පුණ්‍ය ශක්තිය පහලවේවා යැයි අප එක සිතින් ප්‍රාර්ථනා කරමු..!

