Dark

Auto

Light

Dark

Auto

Light

දැඩිමුණ්ඩ දේව නමස්කාරය

අපට ඇති වන ඒරාෂ්ටක අපල දෝෂාන්ධකාර සතුරු කරදර රෝග පීඩා නොපෙනෙන බලවේගවලින් ඇති වන දෝෂ වන ප්‍රේත දෝෂ, යක්ෂ දෝෂ වැනි දෝෂද අනවින කොඩිවින දෝෂ මඟින් ඇති වන පීඩාකාරී තත්ත්වයන්ද සමනය කර ගැනීමට දැඩිමුණ්ඩ දෙවියන් වන්දනා කිරීම, පිහිට පැතීම තුළින් හැකියාව ඇත.

සම්බුද්ධ ආරක්ෂක ප්‍රබල දෙවිකෙනකු වන දැඩිමුණ්ඩ දෙවියන් සිදුහත් තව්සාණෝ සම්බුද්ධත්වයට පත්වන අවස්ථාවේදී බුදුන් වහන්සේ තනි නොකර මාර පරාජය කර බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත්වීමට මාර සේනාවගෙන් ඇති වූ බාධා වළකාලූ දෙවියන් බවත්, බුදුරජාණන් වහන්සේට රැකවරණය සැලසූ දේවතාවා බවත් ප්‍රසිද්ධය.

වසවතු තොසින්නේ – හිසපැලඳි මලසුන්නේ
මුනිඳුට පුදන්නේ – මුණ්ඩ දැඩියා එදා දුන්නේ

සදෙව් ලොව බලමින
නාලොව තිලොව හැමතැන
කෙනෙක් නැත සිරිලක
මුණ්ඩ දැඩියා එනම තබමින

දැඩිමුණ්ඩ දේව ආරාධනාව

යක්ශේශ්වර බන්ධන කටක මහා ශෛලිභිනතං
කිර්තිශව ජගදීශ්වර භාෂන ප්‍රවීණං
මන්ත්‍රීශවර යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර බාර ධාරං
දේවතා බණ්ඩාර දේව ආසන ප්‍රවිශ්ඨං

කල්හාර පුෂ්පේච දන්තා නඛාය
පත්මා මුඛා ගන්ධා සුවණණකාය
හේමා ලතා ධාරන හසක කාය
බණ්ඩාර දේවින්ද්‍ර නමෝ නමාය

මාලා සුවණි දෙහං ධරාය
ඕදාත නීලං ධර ශාඨකාය
භාත්‍ර කුලාකාන්ත චන්ද්‍රායමාන
බණ්ඩාර දේවින්ද්‍ර නමෝ නමාය

දිව්‍යජ්ජෝ මහා දේව
නීල වෛකුන්ඩේශවර
ඒවන් ගුණානු භා‍වෙන
දල්හා මුණ්ඩෝ නමෝ වරම්

දැඩිමුණ්ඩ දෙවියන්ගේ දැහැන් 07

ඕං ශ්‍රිං පරම ලෝකෙශවර ශ්‍රී රාම මහිමකුට ගිනිධාරන අසුර ශක්‍රදේව ස්වාමි නමහඃ

ඕං ශ්‍රිං විෂ්ණු මණ්ඩල අවතාර සුර සංහාර මන්දි රජු දේව ස්වාමි දිශටි වර වර නමහඃ

ඕං ශ්‍රිං විෂ්ණු රාම වාරුං වා වා සැනෙන් දිශ්ටි වර වර ශ්‍රී දැඩිමුණ්ඩ නාරායනේ නමහඃ

ඕං ශ්‍රිං ශ්‍රි රාම දැඩිමුණ්ඩ අවතාර කන්දසවාමි දිශ්ටි වර වර නමහඃ

ඕං ශ්‍රිං ගිනි බුද්ධ රශ්මි මාලාවෙන් පටලවා ශ්‍රි දැඩිමුණ්ඩ දේව රාම වාරුං වා වා පිච්ච කුසුම දශ්ටියෙන් අහස පොළොව ගුගුරුවා සලිත වර වර නමහඃ

ඕං ශ්‍රිං ෂඩ්වර්ණ ඝන බුද්ධ රශ්මි මාලාවෙන් පටලවා ශ්‍රී දැඩිමුණ්ඩ දේව රාමා වාවා සක්වළ වෙවුලවා ශ්‍රි දැඩිමුණ්ඩ දේවා වා වා ආනාල බහිරවා වාරුං වාරුං දිශටි දිශටි වර වර නමහඃ

ඕං ශ්‍රිං අෂ්ටදික්පාල දිශටි වර වර අෂ්ඨ මහා ගජේන්ද්‍ර දිශ්ටි වර වර සර්ව ශත්‍රා විනාශන් මා මුහුණ බලා විෂ්ණු අවතාර මයුර වාහන දේව ස්වාමි ග්‍රහ දිශටි සර්වාංග දිශ්ටි දිශ්ටි වර වර නමහඃ

අංග සම්පූර්ණ පූජා සහිතව පලතුරු 07, තැඹිලි 01, කැවිලි 07ක් විලඳ, මී පැණි, මුං කිරිබත්, සමන් පිච්ච මල් කහ මල් නෙලුම් මල් පුවක් මලක් සහිතව පූජා තැබීමට රෝගීන් සුවපත් කිරීමට, පේන කීමට, වරම් ගැනීමට වරම් සුද්ධ කර ගැනීමට තම දුක් කරදර පැවසීමට යහපත්ය.

දැඩිමුණ්ඩ දේව කන්නලව්ව

තෙදවරම් පස්වාන් දහසකට දිව්‍ය ඥානවරම් ලැබූ ශ්‍රී ලංකා දිව්‍ස සිසාරා කීර්තිධාරා පතුරුවාහැර තේජෝ බලයෙන් වික්‍රමාන්විතව වැඩ වාසය කරන ශ්‍රීමත් උතුම් දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ අසුර යුද්ධයෙන් දිනා ජයගෝකා පවත්වා එඩියෙන් විකුමෙන් බලයෙන් නොඅඩු අලුත්නුවර හිමි මාලිගාවේ වැඩ වාසය කරන ඔබ වහන්සේට දොහොත් මුදුන් දී නමස්කාර පූර්වක කියා සිටින කන්නලව්ව දිවැස් කරුණාවට ගෙන වදාරා මාගේ සකල දුක්කාන්ධකාර දුරු කරවා අපේක්ෂාවන් ඉටුකරදෙන සේක්වා (තම සාධාරණ අවශ්‍යතාවන් කියා සිටින්න.)

රාහු බලවත් අයට ගුරු බලවත් අයට මෙන්ම කුජ බලවත් අයටද වඩා යහපත්ය.

දැඩිමුණ්ඩ දෙවියන්ට පහන් තැබීම සඳහා දිවා-රාත්‍රී 10.24 ත් 10.48 ත් අතර වඩාත් සුදුසු වෙයි.

Leave A Comment