Dark

Auto

Light

Dark

Auto

Light

(අව) ජාතක බුද්ධිමතා.. (බුධ දෙවි)

බුධ දෙවියන් ගැන තරමක් විවාදාත්මක විය හැක කතාවක් හින්දු සාහිත්‍ය යේ හමුවේ. මෙය හුදු දැනගැනීම සදහා පමනක් වෙන අතර කිසිවක් කිසිවෙකු අපහසුතාවයට පත් කිරීම සදහා වත් යමක් උලුප්පා දැක්වීමට වත් නොවේ.

කතාව ආරම්භ වන්නේ බ්‍රහස්පතිගෙ බිරිදගෙන් හා චන්ද්‍ර දෙවියන්ගෙනි.

චන්ද්‍ර දෙවියන්ට එක්තරා යාගයක් බ්‍රහස්පති ගේ මූලිකත් වයෙන් සිදු කර ගැනීමට අවශ්‍ය විය. එහෙත් මේ වන විට සුර අසුර යුද්ධය නිසා කාර්‍ය බහුල වී සිටි බ්‍රහස්පතී දෙවියන් ට ඊට සහබාගි වීමට අපහසු බව චන්ද්‍ර දෙවියන්ට දන්වා සිටින සිටියේය.

නමුත් කාරුනික සිත් ඇති බ්‍රහස්පති තමා නොමැති වුවද ඒ යාගය තම බිරිද වන තාරා දේවිය මාර්ගයෙන් සිදු කර ගත හැකි බව චන්ද්‍ර දෙවියන්ට දැනුම් දෙන ලදී. සැලසුම් කර ගත් පරිදි යාගය ආරම්බ වූ අතර චන්ද්‍ර දෙවියන් ගේ මනස්කාන්ත වූ පෙනුමෙන් තාරා දේවිය වශී වී ගියාය. දුටුවන් වශි කරන පෙනුමක් චන්ද්‍ර සතු විය. යාගය අවසාන වූයේ අනෙකකිනි. එනම් තාරා දේවිය ගැබ් ගත්තාට පසුවය.

නිවසට පැමිනි පසු කුස තුල සිටින දරුවාගෙ පියා කවුරුන්දැයි සියල්ලන් ප්‍රශ්න කරන්නට විය. තාරා දේවිය දරුවාගෙ පියා චන්ද්‍ර බව පවසන ලදී. (චන්ද්‍රට බිරියන් 27 කි.ඒ නැකැත් 27යි). බ්‍රහස්පති මේ කරුන දැන ගත් පසු ඔහු දරු ගැබට ශාප කල බව පැවසේ.

දරුවා උපන් පසු මේ දරුවා තමාගෙම දරුවෙකු බව බ්‍රහස්පති ප්‍රකාශ කලත් ශාපය නිසාම දරුවා නපුංසකයෙක් වී තිබුනි. ඒ දරුවා නම් බුධ දෙවියන් ය.ක්‍රමයෙන් වර්ධනය වත්ම බුධට මේ කතාව කන වැකිනි. තමා ගේ මව ගැනත් පියා (චන්ද්‍ර) ගැනත් සුලු පියා (බ්‍රහස්පති) කලකිරීමට පත් බුද හිමාල වනයට ගමන් කලේය.. (බ්‍රහස්පතිත් ,සදුත් බුදගේ සතුරු ග්‍රහයින්ය ඇතැම් තැනක බ්‍රහස්පති සම ලෙස දක්වා තිබේ)

තවත් තැනක චන්ද්‍ර විසින් තාරා රැගෙන අසුර ගුරු ශ්‍රකාචාරියා යටතේ සිටි බවත් විශාල සටනකින් පසුව බ්‍රහස්පති විසින් තාරා නැවත ලබා ගත් බවත්. තාරාට සමාව දුන් බවත් සදහන් වී ඇත. ඒ සිටි කාලයේ තාරා ගැබ් ගෙන ඇත. ( චන්ද්‍ර සිකුරුගේ රාශියක් වන වෘශබයේ මූල තිකෝනව උච්ච වන්නෙ මේ නිසා විය යුතුය)

කුඩාකලයේ සිටම තනිව ජීවත් වීමට හුරු වූ බුද තපස් රැකීමට පටන් ගත්ත්තෙ විශ්නුගෙන් වරමක් ලබා ගැනීමටය. තමා ගෙ නපුංසක බව ඉවත් කරන ලෙසට විශ්නුගෙන් බුධ ඉල්ල සිටියේය. ඔහුගේ බලාපොරොත්තු ඉටු වූ අතර ඊට අමතරව ගුරු වරයෙක් නොමැති වුවද වේද ග්‍රන්ත, ගනිතය, තර්ක සාස්තර බුද විසින් තනිව හදාල බව කියවේ. දැන් බුධ කඩවස්ම් තරුනයෙකි. නමුත් තනිව ග්‍රන්ත හදාරමින් තම බුද්ධිය වර්ධනය කර ගනිමින් පසුවෙයි.

බුධ දැන් තම පියා මෙන්ම කාන්තවන් වශී කරන සුලුය. නමුත් ඔහු ගැහීම් වලට වඩා බුද්ධිය තර්කය මත කටයුතු කිරීම නිසා ඒ ආකර්ශනය ගැන ඔහුට වගේ වගක් නැත. දිනක් බුධගේ ආශ්‍රමය අසලට දිව්‍යාගනාවක් පැමිනියාය. බුධගේ කඩවසම් රූපයෙන් මත් වූ ඇය යමකට ඉගි කරන්නට විය. ඈ සියල්ල බුධට දීමය සූදානම් බව ඉන් කියවුනි. තමාගේ මවත් පියාත් හැගීම් වලට ඉඩ කඩ දීම තමා අද විදවන බව බුදට සිහි විය. ඒ වැරැද්ද නැවත නොකිරීමට බුධ කල්පනා කලේය. ඉන් පාර්ශව තුනක් අගතියට පත් වන බව සිහි කලේය. බුධ හැගීම් වලට වඩා බුද්ධියට මුල් තැන දී කටයුතු කරන අයෙකි. ඔහු ඉවත බලා ගත්තෙය.

කෝපයට හා ලැජ්ජාවට පත් දිව්‍යාගනාව බුධට නැවතත් ශාප කලේය. ඒ ඔහුට පුරුෂ ශක්තිය අහිමි විය යුතුය යන ලෙසටය. නැවතත් හැගීම් ගැන විශාල කල කීරීමක් බුධට ඇති විය. ඔහු තමාගේ එකම පිහිට වන විශ්නු කරා ගමන් කලේය. විශ්නුගෙන් නැවතත් තමාගෙන් ශාපය ඉවත් කරන ලෙස ඉල්ලුවේය. මෙවර විශ්නු පවසා සිටියේ ශිව ගෙ පිහිට ලබා ගන්න ලෙසයි.

නැවතත් බොහෝ කාලයක් වෑයම් දරා ශිව දෙවියන්ගේ පිහිටෙන් බුධ යතා තත්වයට පත් වූ බව සදහන් වේ. තවත් තැනක බුදට ඒ ශාපයෙන් 100% ගැලවීමට නොහැකි වූ බව සදහන් වේ. මෙතනින් එහාට කතාව ඉතා රසවත් වුවද ඉදිරිපත් කිරීම ඉතා ගැටලු සහගත විය හැක (මේදින වල සමාජයේ දැඩි කතා බහකට ලක්වන කාරනාවක් නිසා) එමනිසා .නිවැරදිම නොවුනටත් සැකවින් කතාව දක්වීමට සිතේ.

දිනක් බුදගේ ආශ්‍රමට පසුව සූර්‍ය ගේ පුත්‍රයෙකු වූ මනු නම් රජුගේ දියනිය (සැබැම කතාව නොවේ) වන ඉලා අහම්බෙන් පැමියේය. ඇය එක්තරා ශාපයලට ලක් වී සිටි අතර ඉන් ගැලවීමට බුධගෙන් උපකාර ඉල්ලා සිටියාය. බුධ ඇයව ආශ්‍රමයේ නතර කර ගත් අතර කලක් යන විය ඔවුන් දෙදෙනා විවාහ වී දරුවෙකු ලද බව සදහන් වේ.

බුධ රවි ගේ ඤාතියෙක් වූයේ ඒ අයුරිනි. එබැවින් සුර්‍යාට ඉතා කිට්ටුවෙන් බුධ වේ. බුධ ගුරුට හිමි මීනයේ නීච වීමට හේතුව කුමක්දැයි දැන් පැහැදිලිය. එමෙන්ම බුධට ගුරුවරයෙක් නොමැත. එමනිසා තමාටම අයත් රාශියක බුධ මූල තිකෝන වී උච්ච වේ (කන්‍යාවේ).

බුධ යනු හැගීම් නොවේ තර්කයි. ඔහු තනිව දෙවියන් සමග සන්නිවේදනය කරන ක්‍රම හදාලේය. එබැවින් බුධ බුද්ධියේද, සන්නිවේදනයේද කාරකයායි.

බුද සියලු බාධාවන් ඉවත් කර ගත් අයෙකි. එබැවින් ඔහු කාල පුරුශයේ 6 වැන්න මෙහෙවීට හේතුව කුමක්දැයි පැහැදිලි වනු ඇත.

Leave A Comment