Dark

Auto

Light

Dark

Auto

Light

අමනුෂ්‍ය බලපෑම්, වස් දොස් දුරුකොට සෙත සලසන “දෙහි කැපීම”

​ඔබ විශ්වාස කළත් නැතත්, ඇසට නොපෙනෙන “කළු ඕරා” (Black Aura) නැතිනම් අසුභ ශක්තීන් ඉවත් කරන්නට හෙළ වෙදකමේ මෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රයේ එන බලගතුම ක්‍රමය තමයි දෙහි කැපීම. හැබැයි මේක නිකම්ම ගිරයක් අරන් දෙහි ගෙඩියක් කපන එකක් නෙවෙයි. අප අවට ඇති සෘණාත්මක බලපෑම් නිසා අපගේ ශරීරය වටා ඇති ස්වභාවික ශක්ති වළල්ල කිලිටු වේ. දෙහි යනු එම ශක්තීන් උරා ගැනීමේ සුවිශේෂී හැකියාවක් ඇති පලතුරකි. දෙහි මාලය කැපීමේදී, සිරුරේ රැඳී ඇති එම අහිතකර තරංග දෙහි ගෙඩි තුළට ඇදී ගොස් සිරුරෙන් බැහැර වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශරීරයට පුදුමාකාර සැහැල්ලුවක් දැනේ.

අපේ මුතුන්මිත්තන් මෙය සිදුකළේ හුදු ඇදහිල්ලකටම පමණක් නොවේ. දෙහි වල ඇති සයිට්‍රික් අම්ලය (Citric Acid) සහ යකඩ ගිරය ගැටීමේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව මෙන්ම, මන්ත්‍ර බලයෙන් නිකුත් කරන ශබ්ද තරංග (Sound Waves) මගින් පුද්ගලයාගේ මනස ඉතාමත් සැහැල්ලු කරයි. මෙය එක්තරා ආකාරයක “Energy Healing” ක්‍රමයකි. දෙහි කැපීමේ මුල් ආරම්භය වෙන්නේ ලේ හිරිවැටෙන කතාවකින්…

​දෙහි කැපීමේ ආරම්භය: මැණික්පාල බිසව සහ සූනියම් දේවතාවා

​ලොව ප්‍රථම “වින කැපීම” හෙවත් දෙහි කැපීමේ උපත සිදුවූයේ අදින් වසර දහස් ගණනකට පෙරයි. පුරාවෘත්තයට අනුව, මැණික්පාල බිසවට වසවර්ති මාරයා විසින් මහා “විනයක්” හෙවත් දෝෂයක් ඇති කළේය. මුළු සිරුරම දවාලන, කිසිදු වෙදකමකට සුව නොවන මේ රෝගය සුව කරන්නට ඉදිරිපත් වූයේ සූනියම් දේවතාවා (ඔඩ්ඩිස කුමාරයා) යි.

​ඔහු පළමුවෙන්ම දෙහි ගෙඩි මතුරමින්, විශ්ව ශක්තිය ඒ තුළට ගොනු කර මැණික්පාල බිසවගේ දෝෂය කපා ඉවත් කළ බව කියවේ. එදා සිට මේ දක්වාම, ඕනෑම බලගතු හූනියමක් කැපීමට ඇති එකම මඟ මේ “දෙහි කැපීම” ලෙස ජන සමාජයේ මුල් බැස තිබේ.

​දෙහි කැපීම යනු සෙල්ලමක් නොවේ. ඕනෑම කෙනෙකුට ගිරයක් අතට ගෙන දෙහි කැපිය නොහැක. ඒ සඳහා “මූල බීජය” නැතිනම් අධ්‍යාත්මික ශක්තිය තිබිය යුතුය.

මෙහිදී දෙහි කපන ගුප්ත වෛද්‍යවරයා හෙවත් ඇඳුරාට මන්ත්‍ර ශාස්ත්‍රය සහ ගුප්ත ශාස්ත්‍රය පිළිබඳව දැනුමක් සහ අත්දැකීමක් තිබිය යුතුය. කපන මන්ත්‍රයේ බලයෙන්, රෝගියාගේ ශරීරයේ ඇති නරක ශක්තිය තමා වෙත ඇද නොගෙන, එය දෙහි ගෙඩිය තුළින් ඉවත් කිරීමට තරම් ශක්තිමත් මනසක් සහ හැකියාවක් ඔහුට තිබිය යුතුය. කිල්ලෙන් මිදී, පිරිසිදු චේතනාවෙන් කරන දෙහි කැපීමක් පමණක්ම සාර්ථක වේ.

මෙම දෙහි කැපීමට ගන්නා ගිරය නිකම්ම යකඩ කැබැල්ලක් නොවේ; ජීවම් කරන ලද ආයුධයකි. එසේම ගස්වලින් වැටුණු දෙහි මෙයට ගත නොහැක. අත්තෙන්ම කඩාගත්, ලප කැළැල් නැති පිරිසිදු දෙහි මෙයට අත්‍යවශ්‍ය වේ.

ජ්‍යොතිෂයට අනුව රාහු, ශනි වැනි පාපී ග්‍රහයන්ගේ අපල කාලවලදී පුද්ගලයාට “විස” හෝ “අඳුරු” කාලපරිච්ඡේද උදා වේ.

ලැබෙන පිහිට: දෙහි කැපීම මගින් එම අපල කාලවලදී ඇතිවන දැඩි පීඩාවන්ගේ තීව්‍රතාවය අඩු කෙරේ. මෙය හරියට වැස්ස වෙලාවට කුඩයක් ඉහළනවා වැනිය. අපලය සහමුලින්ම නැති නොවූවත්, එයින් සිදුවන හානිය අවම කර ගැනීමට මෙය පිටුවහලක් වේ.

අන් අයගේ ඊර්ෂ්‍යා සහගත සිතිවිලි මගින් නිකුත් කරන අහිතකර තරංග පුද්ගලයෙකුගේ දියුණුවට සහ සෞඛ්‍යයට බාධා කරයි. එම නිසා ඇස්වහ, කටවහ සහ දෝෂ නිවාරණයට “දෙහි කැපීම” ඉතාම යහපත් සහ පහසු ප්‍රතිකර්මයකි.

ඔබට හෝ ඔබේ පවුලේ හිතවතෙකුට ඉහත සඳහන් කළ ඇස්වහ, කටවහ දෝෂ, අහේතුක බිය, බාහිර දේවල් නිසා ඇතිවන කායික සහ මානසික පීඩා, නිතර ඇතිවන අසනීප හෝ දැඩි ග්‍රහ අපල පවතී නම්, ඒ සඳහා නිවැරදි වතාවත් අනුගමනය කරමින් දෙහි මාලාවක් කපා දෝෂ නිවාරණය කර ගැනීම තුළින් ඔබට “පොරොවෙන් කැපිය යුතු දෙයක් නිය පොත්තෙන් කඩා දමනවා මෙන්” ඉදිරියේ ඇති විය හැකි විශාල අනතුරක් පවා ඉතාම පහසුවෙන් දුරු කර ගත හැක.

Leave A Comment